ඔබේ අදහස්

සිවු මාසික අන්තර්ජාල අලෙවිකරණ පාඨමාලාව හා ලංකාවේ ප්‍රථම වරට අධ්‍යාපනික පාඨමාලාවක් හදාරන සිසුන් ගේ ගැටළු හා දැනුම වර්ධනය කිරීම සඳහාත් ඔවුන් අතර සහයෝගය වැඩි දියුණු කිරීම සඳහාත්  හදුන්වා දුන් ෆෝරම් එක පිළිබඳව ඔබගේ අවංක අදහස් වලින් මෙම  පිටුව සරසන්න.

කරුණාකර සිංහලෙන් ටයිප් කරන්න. 

 

අදහස් ප්‍රකාශ කිරීම සඳහා ඔබගේ ශිෂ්‍ය අංකය ලබාදී Log විය යුතු බව මතක තබා ගන්න.

Comments

  1. Nipun Prasad says:

    අපිට තව ගොඩක් පාඨමාලා හදාරල ලබා ගන්න ඕන දැනුම මේ එක පාඨමාලාව තුල අපිට ලබාදුන්න වෙනත් කිසිදු අය කිරීමකින් තොරව. විශේෂයෙන්ම කියන්න ඕන ගුරුතුමාටවත් IPS ආයතනයටවත් මුදල් සොයාගැනීමේ පරමාර්ථයෙන් කල පාඨමාලවක් නොවන බව.

    වෙබ් අඩවි නිර්මාණය, අන්තර්ජාල අලෙවිකරණය, අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම, වීඩියෝ සංස්කරණය, ග්‍රැපික් හා ඇනිමේෂන් සහ තව ගොඩක් දේවල් අපිට කියල දුන්නා. පාඨමාලාවෙන් ජීවිතයට වැදගත් ගොඩක් දේ ඉගන ගත්තා.

    අපිට තියන ගැටළු වලට විසඳුම් සොයාගන්න සර් හදපු ෆෝරම් එක ගොඩක් වැදගත්. ඒ හරහා අපට ඇතිවන ඕනම ගැටළුවකට විසදුම් සර්ගෙන් නැත්නම් පාඨමාලාව හැදෑරූ යාලුවන්ගෙන් ලබා ගන්න පුලුවන්

    රොෂාන් සර් කියන්නෙ කියන දේ කරන කෙනෙක්, වෙලාවට වැඩ කරන කෙනෙක්.

    ඉතාම අඩු මුදලකට මේ වටිනා අවස්ථාව ලබා දීම වෙනුවෙන් IPS ආයතනයටත් රොෂාන් සර්ටත් ස්තූති වෙනවා.

  2. Ravindu Nadeeshan says:

    මම ප්‍රතමයෙන්ම මාගෙ ගුරු පියානන්ට ස්තුතිවන්ත වෙන්න ඔනෙ අපිට මෙ විදිහට ගුරුහරුකම් ලබාදුන්න එකට.මොකද අපි දන් දන්නව ඉන්ටර්නෙට් එක කොහොමද හරියට භාවිතා කරන්නෙ කියලා. ඒකෙන් ප්‍රයොජනයක් ගන්නෙ කොහොමද කියලා.

    ඈත්තටම රොශාන් සර් වගේ ගුරුවරු හොයන එක ගොඩක් අමාරු දෙයක්. සර් අපිට මෙ කෙටි කාලයෙදි ලොකු දනුමක් සර්ට පුලුවන් උපරිමයෙන් අවන්කවම අපිට ලබා දුන්නා. ඒකට සර්ට ගොඩාක් පින් සර්.

    සර් ලන්කාවෙ ඉදන් මෙ පාටමාලව මගින් තව අපෙ රටෙ කට්ටියව හරි මගට ගන්න පුලුවන් නම් එකත් ලොකු පිනක්.අපිට අපේ අනගතේට මේ පාටමාලව අනිවාර්යයෙන්ම ලොකු ශක්තියක් වෙන්වා නිසකයි. අපි මේ ලබාගත් දෙයින් ඉස්සරහට තියන අඩියක් ගානෙ සර්ට පින් ලබෙනවා.

    මෙ පාටමාලව කරගෙන යද්දි සර් යටතෙ සේවය කරපු අයියලා ටිකත් මතක් කරන්න ඕනෙ. මොකද අපෙ ඔන ගෑටලුවකදි එයාලා සුහදව අපිත් එක්ක කතාබහ කරලා අපිට උදව් කලා. එයාලාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

    ඒ වගෙම සර්ගෙ අනාගත කටයුතු ඔක්කොම කිසිම කරදරයකින් තොරව සිදු කරගෙන යාමට වාසනව ශක්තිය ලබේවායි පාර්තනා කරනවා. මේ වගෙ තව ගොඩාක් දෙනෙක්ට සර්ගෙ දනුම ලබා දෙන්න පුලුවන් වෙලා එයාලවත් නිවරදි මාර්ගයට පුලුවන් වේවායි පාර්තනා කරනවා.

    සර්ට තියෙන හෑම අසනීපයක්ම ඉක්මනට සුව වෙලා, සර්ට වාසනාවන්ත නිරොගි ජීවිතයක් ගත කරන්න ලබේවා. අපගෙ ආයුශත් අරන් සර්ට බොහො කල් ජීවත් වෙන්න වාසනාව ලබෙවා.
    සර්ට තෙරුවන් සරනයි….!!!!

    රවිදු නදීශාන්,
    ආනන්ද විද්‍යාලය. කොළඹ 10
    නුගේගොඩ පාටමාලව.

  3. Thilan Wijewardena says:

    අද වනවිට තාක්ෂණය නැමති මහා වෘක්ෂය ලොව පුරා මුල් බැසගෙන ඇත. කිසිවෙක් කිසිවිටකත් නොසිතන්නට ඇති මෙවන් තාක්ෂණික යුගයක් බිහිවෙයි කියා. නමුත් අද එම යුගය එළඔ ඇත. ලොව පුරා සිටින බොහෝ පිරිස් එම දැනුම සොයා යයි. එම දැනුම ලබා දිම සඳහා විශාල වශයෙන් මුදල් උපයන ලොවක , සමාජයක කිසිවිටෙකත් නොසිතන්නට නොහැකි අයුරින් අපිට IPS ආයතනය සහ මනුසත්කම රැගත් එක් විශිෂ්ඨ ගණයේ ගුරුවරුන් අතරින් එක් ගුරුවරයෙක් (රොශාන් සර්) අන්තර්ජාලය නැමති භයංකාර සයුර නිසි අයුරින් තරණය කිරීමට ඉගැන්විය. ඇතැමුන් එම සයුරේ ගිලා බසින විට එයින් නිසියාකාරව තරණය කිරීමට ඉගැන්වූ අයුරු අපූරුය.

    IPS ආයතනය විශිෂ්ඨයන් බිහිකිරිමට දරණ වෑයම අප රටට , සමාජයට පමණක් නොව ලොවටම උතුම් ආදර්ශයකි. මට දැනෙන තවත් එක් දෙයක් ඇත. එනම් යම් දිනක ලොවම වෙනස් කළ හැකි අයෙකු IPS ආයතනය සහ රොශාන් සර් අප රට තුලින්ම බිහි කරන බවට සාක්ෂි නොවේ ද මේ…

    මම පියවි දෑසින් දෙවිවරු දැක නැත.. නමුත් දෙවියන් හා සමාන අදහස් ඇති මොවුන් අද සමාජයේ දෙවියන් බදුය.

    මෙම පාඨමාලාව තවත් එක් පාඨමාලාවක් නොවන අතර ජිවීතයේ හැරවුම් ලක්ෂයක් නොවේ ද ?

    යම් දිනක IPS ආයතනයට සහ රොශාන් සර්ට සහ රටට කීර්තියක් ගෙන දීම සිහියේ තබා ගෙන මම තාවකාලික ඔබේන් සමු ගන්නේමි.

    ස්තුතියි…
    විජේ

  4. Isuru Sandaruwan says:

    අනෙක් බොහෝ දෙනෙකුට වගේ මටත් විවිධ පාඨමාලා වලට සහභාගි වෙන්න කියලා ආරාධනා කරපු ලිපි 15ක් විතර ආවා.ආර්ථික අපහසුතා ගොඩක් තිබුනත්, මටත් කැමැත්තක් තිබුනා හොඳ පරිගණක පාඨමාලාවක් හදාරන්න.මොකද, මම දැනගෙන හිටියා කවදාහරි පරිගණක පාඨමාලාවක් අතිශයින්ම වැදගත් වෙන බව. ඒත් මොකක් තෝරගන්නද කියල මට හිතාගන්න බැරි වුනා.

    මට IPS ආයතනයෙන් ආපු ලිපියට අමතරව “Chandima Raasaputhra” පදනම මගින් ආරාධනා කරපු ලිපියකුත් ආවා. ලිපි 2ක් නිසා මම හිතුවේ පාඨමාලා 2ක් කියලා.ඒ වුනත් පාඨමාලා ආරම්භක දිනය, ස්ථානය, වේලාව එකම විදියකට තිබුනේ. ඒ නිසා පසුව තේරුම් ගියා. Office, Graphic Designing සහ Internet Marketing පාඨමාලා මම තෝරාගත්තා. පළමු පාඨමාලා 2 ගැන නම් යාලුවන්ගෙන් හරි දැනගෙන තිබුනා. ඒත් Internet Marketing එක නම් අවිශ්වාසයෙන් තෝරාගත්තේ. මොකද මම කවදාවත් ඒ ගෙන දැනන් හිටියෙ නෑ.

    ඒත් ආරම්භක දිනයේ අපිට දුන්නු දේශනයත් එක්ක හිතේ භය ටිකක් අඩු වුනා. කොහොමහරි මම යාලුවෙකුත් කතා කරගෙන ආවා.ඊට පස්සෙ තමයි අපිට තේරුනේ අපි ඇවිත් තිබුනේ අපි නොදැන හිටපු අනාගත ලෝකයේ දොරටුවක් ළඟට බව. ඇත්තටම අපි කවදාවත් ඉගෙන නොගත්තු, ඉගෙන ගන්න නොහිතපු ගොඩාක් වැදගත් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන් වුනා.

    මට හිතෙනවා මම කළේ මම සහ මගේ පවුලේ අය වෙනුවෙන් ලොකු ආයෝජනයක් කියලා. ඒ වගේම Roshan sir . මම ජීවිතයේ දැකපු හොඳම ගුරුවරයෙක්. Sir පුදුම කැපවීමකින් ළමයින්ට දැනුම දුන්නා. ඒ වගේම ඉතාම සාර්ථක විදියට පාඨමාලාව පවත්වාගෙන ගියා. Sir වගේ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න මම වාසනාවන්ත වුනා කියලා මට හිතෙනවා. අපිට හොඳ, ශක්තිමත් වගේම සාර්ථක ගමනක් යන්න පුළුවන් පාරක් Sir පෙන්නලා දුන්නා. ඒ වගේම අලුත් දේවල් එකතු කරගෙන අපි ඒ පාරේ යනවා. අපිට ඇත්තටම වැදගත් යමක් ලබාදෙන්න උත්සාහ කරපු සහ ඒ ඉලක්කය ජය ගත්තු IPS Future World ආයතනයට හදපිරි ස්තුතිය පිරිනමනවා වගේම අපි වගේ තවත් ලක්ෂ ගණනක් සිසු සිසුවියන්ටත් මේ මෙහෙවර ඔස්සේ නැණස පාදන්න හැකි වෙන්න කියලා මම පතනවා.

    Roshan Sir …. Sir ට ගොඩාක් පිං . බොහෝම ස්තුතියි sir .. Sir ට ජයෙන් ජය…!!!!!!!!!!

  5. Sumudu Dehideniya says:

    අපොස උ.පෙ දක්වා කොපමණ අමතර පන්ති වලට සහබාගි වී ඇත්ද , එබැවින් අමතර පන්ති කිවු සැනින් සිහියට නැගෙන්නේ කටුක අත්දැකීමකි. නමුත් ඉතා අහම්බෙන් සම්බන්ද වූ මෙම CIM පාටමාලාව ට “අමතර පනිත්යක්” ලෙස හැදින්වීමට අකමැත්තෙමි.

    උ .පෙළ අවසන් කර නිවසේ සිටින කාලයේදී මිතුරියක් මාර්ගයෙන් මෙම පාටමාලාව ගැන දැනුවත් වූ මා අරම්බක සම්මන්ත්‍රණ සහබාගී වුවේ අහම්බෙනි. Internet පිළිබද කිසිවක් නොදැන සිටි මා හට එය නිවැරදිව හසුරවන ආකාරය ,ප්‍රයෝජනවත්ව බාවිත කරන ආකාරය ,පමණක් නොව ප්‍රවේශම් සහගතව නීත්‍යානුකූල ලෙස බාවිතා කරන ආකාරයද ඉගෙන ගැනීමට හැකිවිය.

    මීට පෙර Internet බාවිතයට මා සතුව බියක් පැවතිනි. නමුත් මා විසින්ම අද Web Site එකක් පවා නිර්මාණය කල බව මටම හිතාගත නොහැක. මේ සියල්ලම රොෂාන් sir හා IPS කාර්යමණ්ඩලය හේතුවෙනි. රොෂාන් sir, මා හට මෙතෙක් හමුව ඇති ගුරුවරුන්ගෙන් ඉහලම ස්ථානයක තැබීමට කැමැත්තෙමි .ඕනෑම අවස්ථාවක කුමන හෝ ගැටළුවක් විමසුවද එම ගැටලුව කොපමණ සරල උවත් sir එය නිරාකරණය කර දුනි.

    Internet marketing වලට අමතරව web Design, Video Editing, Logo Design, Social media පිළිබද බොහෝ දැනුම මෙවැනි මුදලකට ලබාදීම පිලිබදව sir ටත් IPS ආයතනයටත් තුති පුදමි .Forum එක තුලින් ගොඩනැගුනු මිතුදම හා Forum බාවිතය පිළිබද ලබාගත් දැනුම වචන වලින් කිව නොහැකි තරම්ය.

    පාඩම පමණක් නොව ජීවිතය ගැන, සමාජය ගැන,සරතකත්වය ගැන කියාදුන් sir ටත්, මුදලට සෑම දේම තීරණය වන අද වැනි කාලෙක එම සංකල්පය වෙනස් කරමින් මෙවන් වටිනා පටමලාවක් ලබාදුන් IPS ආයතනයටත් ජය පතමි.

    දිනෙන් දින දිඋණුවට පත්වේවා. යි හදවතින්ම සුබපතමි.
    ස්තුති..
    KN37693
    සුමුදු දෙහිදෙනිය
    මහනුවර පංතිය.

  6. V.G. Tharushi Madumali says:

    සර් මේ පටමාලාව හැදෑරුවට මන් තම තවම කියක්වත් හොයාගත්තේ නැ .නමුත්සර් මන් හුගක් දේ ඉගෙනගත්ත.සල්ලි වලට වඩා මට වටින හුගක් දේ ඉගෙන ගත්ත.ඉස්සර අන්තර්ජාලයෙන් කරේ සින්දු අහන එක වීඩියෝ බලන එක තමයි..එත් දැන් මම දන්නවා නිවැරදිව අන්තරජාල භාවිතා කරන්නේ කොහොමද කියල.දැන් අපේ ගෙදර නෑයන්ගේ හැම වැඩේම මන් කරලා දෙනවා සර් මට හුගක් සතුටුයිඒ හැමෝටම වඩා මම දැන් අන්තර්ජාලය ගැන දන්නවා. සර්ට හුගක් පින් එවගේම පාඩම් වලට අමතරව සර් ගෙන් ඉගනගත්ත දේවල් ගොඩක් තියෙනවා.ගුරුවරු පුතේ දුවේ කියනවා අඩුයි. එත් සර් කටපුරාම පුතේ කියනකොට හරියට තාත්ත කෙනෙක් වගේ හිතෙනවා සර්. අපි ජිවිතේ ගැන ඉගෙන ගත්ත. මේ හැමදේටම පින් සර්. ඒ වගේම සර්ට බොහොම ස්තුතියි සර්. ලංකාවේ ළමයින්ට සර් කරේ ලොකු උදවුවක්.

    මම සර්ට නිරෝගිසුවය, දිර්ගයුෂ පරර්තන කරනවා. අවගේම කරන හැමදේම සාර්ථක වෙන්න කියලත් පරර්තන කරනවා.නැවත වතාවක් ස්තුතියි වන්ත වෙනවා සර්.

  7. Prabath Lakshitha Sandaruwan says:

    A/L වලින් පසුව විවිධ පාඨමාලාවලින් ලියුම් ගොඩාක් ආවා. ඒ ලියුම් අතරින් තිබුනු තවත් එක් ලියුමක් තමයි මේ IPS guru Class එකෙන් ආපු ලියුම. එ් අනුව මමත් class එක දැන ගත්තා . දිමුත් සර් පළමු වැනි දවස‍ෙම මෙම internet money කියල පාඨමාලාවක් ගැන කියුවා . පාඨමාලා‍‍ව‍ෙ content එකේ Web designing ගැන උගන්වනවා කියලා තිබුන නිසා මමත් සහභාගි වුනා . course එකේ ගාන අනුව හොදටම උගන්වන එකක් නෑ කියල හිතුවත් , ගොඩාක් දේවල් ඉගැන්නුවා දැන් නම පාඨමාලාවේ ගණන ට මිලක් නම් හිතා ගන්නවත් බෑ.

    ඉන්ටර්නෙට් වල හැමදේම ඉගැන්නුවා . web site එකක් හදනවා කියන්නේ දැන් නම ගොඩාක් අමාරු දෙයක් නෙවෙයි. ඒ වගේම කියන්න ඕන සර් අපිට හදුන්වල දීපු Forum එකෙන් ගොඩාක් දක්ෂ යාළුවො හමු වුනා .සර් උනත් අපිට හැමවෙලාවෙම උදවු කරනවා .

    සරු මේ කරන ලද කාර්යයට ගොඩාක් පින් ඒ වගේම සර්ට මෙන්ම දිමුත් සර් ඇතුළු IPS ආයතනයේ සියළු දෙනාටම තව තවත් සාර්ථකත්වයට පත්වීමට ශක්තිය ධෛර්ය ලැබේවා කියා මම හදවත්න්ම පතමි………..

  8. Kanishka Udayakantha Bandara Weerakoon Mudiyanselage says:

    ඇත්තටම මේ වගේ වටිනා පාඨමාලාවක් මේ වගේ සුළු මුදලකට මට ඉගෙන ගන්න ලබෙයි කියල මන් හීනෙකින්වත් හිතුවේ නෑ. ඉතින් අපිට ඒ අවස්ථාව උදා කරලා දුන්නු රොෂාන් සර්ටත් , දිමුත් සර්ටත් මන් මුලින්ම ස්තුතිවන්ත වෙනවා.

    මේ පාඨමාලාව ගැන කියනවනම් අද කාලෙට සාපේක්ෂව ගොඩක් වටිනා පාඨමාලාවක්. ඒ වගේම ගොඩක් පුළුල් විෂය පථයක්. ඒ වුනත් රොෂාන් සර් අපිටත් නොදනිම ඒක ලස්සනට ඉගැන්නුවා. මම මේ පාඨමාලාවට එනකොට තිබුණු දැනුමට වඩා ගොඩක් දැනුම දැන් මන් ගාව තියෙනවා. ඒවගේම ඉගෙනගන්නකොට ගුරුවරයා මත යැපෙන්නැතුව ඉගෙනගන්න හැටි රොෂාන් සර් අපිට ලස්සනට කියල දුන්නා. ඉතින් ඒ නිසා මන් අද ගොඩක් දේවල් තනියෙම හොයල ඉගෙන ගන්නවා.

    ඉස්සර අපිට අන්තර්ජාලයෙන් සල්ලි හොයනවා කිව්ව ගමන්ම මතක් වුනේ add click කිරීම. එත් අද අපි දන්නවා අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම කියන්නේ මොනාද, අපි අන්තර්ජාලය ඇතුලේ හැසිරෙන්න ඕනි කොහොමද , වංචා වලින් බේරෙන්නේ කොහොමද , අන්තර්ජාලය තුල අපිට තියෙන අයිතිය මොකක්ද වගේ ගොඩක් දේවල්. ඒ ඇත්තටම මේ පාඨමාලාවයි රොෂාන් සර් නිසයි.

    ඉතින් කොහොමහරි සර්ගේ අවසාන කණ්ඩායමට හරි බැඳෙන්න ලැබුණු එක ගැන තාමත් මන් ගොඩක් සතුටු වෙනවා. එක මගේ පෙර පිනක් කියල මට හිතුනු වාර අනන්තයි. කොහොමවුනත් තව සැරයක් මේ පාඨමාලාව අපේ නංගිල මල්ලිලට කරන්න කියල මන් රොෂාන් සර්ගෙන් ඉල්ලනවා.

  9. Dulani Wijewardene says:

    සිව් මසක් අභියස
    ගෙවු ඒ සොදුරු ඉසිඹුව
    ගුරුතුමනි ඔබ හමුව
    නොමැකෙයි මගේ හද තුළ…

    ලදිමි සිප් යුග සහස
    දුටුවෙමි ගුරුන් නුදුටුව
    පියතුම ඔබෙන් මෙවිලස
    ලදිමි අත් තටු…

    සිහිනයක් නොවන සිහිනයට…

    අවසාන වශයෙන් අපව මෙවැනි වටිනා පාඨමාලාවක උරුම කරුවන් කළ ආදරණීය රොෂාන් ගුරුතුමන්ටත්, IPS ආයතනයටත් මුළු හදවතින්ම ස්තූතිවන්ත වෙමි..

    මම අනූ විජේවර්ධන…

  10. IRESHA HANSANI says:

    ඇ ත් ත ට ම ගොඩක් වටිනවා අපේ අනාගතයට . අන්තර්ජාලය නිවැරදිව හසුරවන්න මෙම පාඨාලාවෙන් අපි ඉගෙනගත්තා.රොෂාන් සර්ට ගොඩාක් ස්තුතියි..අපි හැමෝම සර්ගෙ ඉදිරි සියලු වැඩ කටයුතු සාර්ථක වෙිවායි සුභ ප්‍රාර්තථනා කරන්නෙමු. (මාතර ගෝලයෝ)

  11. Rajitha Pussepitiya says:

    මුලින්ම IPS ආයතනයට මෙවැනි අතිශයින්ම වටිනා දෙයක් අඩු මුදලක ලබා දීම පිළිබදව ස්තුති කළ යුතුයි.

    සර්ගේ වචනයෙන්ම කියුවොත් ඉන්ටර්නෙට් කියන්නේ මගේ බූදලයක් විදියට අපි සැලකුවේ.එවැනි අවස්ථාවක සර් අපිට ඉන්ටර්නෙට් කියන්නේ අපේ බූදලයක් නෙමෙයි කියල පෙන්වලා දුන්නේ.ඒවගේම ඒතුළ සදාචාර සම්පන්නව හැසිරිය යුතුයි කියලා පෙන්වා දුන්නා . මම මුලින් හිතන් හිටියේ internet – money එක්දින වැඩමුළුවකට විශාල මුදලක් වැයකරලා E-money ඉගෙන ගන්න.හැබැයි IPS එකෙන් තිබ්බ එක්දින වැඩමුළුව නිසා මම නිකරුනේ එවැනි දෙයකට මුදල් නාස්ති කරන්න ගිය එකෙන් බේරාගත්තා.ලංකාවේ E-money කියලා සල්ලි ගරා ගන්න ආයතන ඉද්දි මෙවැනි ආයතන , ගුරුවරු ලංකාවේ දකින්න ලැබීමත් ඉතාමත් සතුටට කාරණයක්.

    මෙවැනි කාර්යයන් ඉදිරියටත් කරන්න ලැබේවා කියා හද පතුලෙන්ම සුබපතනවා.ඒවගේම සර්ට යන්න පුළුවන් ඉහලම තැනට යන්න සුබපතනවා.ලංකාව වෙනුවෙන් තව තවත් සේවයක් කරන්න ලැබේවා.ඔබට තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා.IPS ආයතනයට දිගු ගමනකට සුබ පැතුම්.

    මහනුවරින් මම Rajitha Pussepitiya.
    KN37603

  12. Iresha Gangani says:

    I.P.S ආයතනය මගින පැවැත්වූ Internet Marketing පාටමාලාව අපේ ජීවිතවලට වෙනස් අත්දැකිමක් වුණා.I.P.S Forum එක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වුණා.ඒක අපිට හොද අවස්ථාවක්.පාටමාලාව අතරතුර අපට ඇතිවෙන ප්‍රශ්ණ නිරාකරණය කරගන්න forum එක වැදගත් වුණා .

    සර් අපිට පෙන්නලා දුන්නා නිවැරදි හා උසස් ප්‍රමිතියකින් මෙම ක්‍ෂෙත්‍රයේ දියුණූ වෙන්නෙ කොහොමද කියන කාරණාව ගැන. මෙමක්‍ෂෙත්‍රය ගැන හොද අවබෝධයක් ලබා දුන් අපේ රොෂාන් සර්ට ගොඩාක් ස්තුතියි.ඒවගේම I.P.S ආයතනයටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මෙවැනි පාටමාලාවක් හදුන්වා දුන්නට.

    Iresha Gangani (SyZyGy)

  13. Nisith Heshan says:

    සියලු දෙනාගෙන්ම අවසරයි. මට මේ අවස්ථාව ලබා දුන්නට රොෂාන් සර් මුලින්ම ස්තුති කරන්න ඕනේ. ips ආයතනයේ දිමුත් කාරියවසම් මහතාටත් මම මේ අවස්ථාවේදී ස්තුතිය පල කරනවා. card ලකුණු කරන අයියටත් ස්තුති.

    ඇත්තටම ඉතාමත් අඩු මුදලකට මේ වගේ ඉතාමත් වටිනා පටමලාවක් කරනවට සර් ලට ගොඩක් පින්. මිට කලින් මාත් අහල තියෙනවා පත්තර වල එහෙම දාල තියෙනවා intrenet money දවසකට 5000 ක් විතර ගන්න ඒවා ගැන. එත අපේ රොෂාන් සර් අපට ගොඩක් දේවල් කියල දෙනවා. පාඩමට අදාල වෙන දේවල් විතරක් නෙමේ අපේ ජිවිතයට අදාල වෙන දේවලුත් කියල දෙනවා. අපිට කතාකරන්නෙත් දරුවෝ කියලා. එහෙම කතා කරනකොට අපිටත් අසයි. අපි ප්‍රශ්නයක් ඇහුවම එකට ටක ගාල උත්තර කියල දෙනවා. සර් ට දහසක් වැඩ තියාගෙන උනත් අපි ගැන බලනවා. සර් කියල දීල තියෙන ක්‍රම වලින් මුදල් පවා උපයල තියෙනවා. සර් හැමතිස්සෙම කියනවා හොද වැඩ කරන්න කියලා. නරක වැඩ කරලා සල්ලි හොයන්න එපා කියල. වෙබ් සයිට් එකක් උනත් සුපිරියටම හදන්නේ කොහොමද කියල අපිට කියල දුන්නා. එහෙනම් රොෂාන් සර් ට බුදු සරණයි. දිමුත් සර් ටත් බුදුසරණයි. මොන්ටනා ආයතනයතත් ස්තුත්යි.

  14. Umavi Piyatissa says:

    මුලින්ම අපට ඉගැනු රොෂාන් sir ටත් IPS ආයතනයටත් ගෞරවණිය ස්තූතිය පුදකරනවා.ඉතා අඩු මට්ටමක පවතී අන්තර්ජාල පරිහරණය පිලිබදව දැනුම ඉතා ඉහල දැනුමක් බවට පත්කර දීම පිළිබදවත් ,ඉතා විශාල මුදලක් වැය කරමින් කිසිම අඩුපාඩුවක් නොමැතිව අංග සම්පුර්න මෙවන් පාඨමලාවක් පැවැත්විව අද වැනි කලෙක ඉතා අපහසු උවත්,සියලු පහසුකම් සහිතව අපට මෙම පාඨමාලාව හැදැරීමට අවස්ථාව සලසා දුන් රොෂාන් sir ඇතුලු IPS ආයතනයට මෙවන් වැඩ සටහන් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට ශක්තිය,බලය ලැබේවා මුළු හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා…ජයෙන් ජයම ලැබේවා……

    මම..
    නුවර පංතියේ ,
    උමාවි

  15. Nimeshka Kumarasinghe says:

    ඇත්තටම මොනවද මේ අන්තර්ජාල මුදල් කියන්නෙ? ඒකට හොදම උදාහරනය තමා මෙ පංතිය. මන් මේ ක්ෂේත්‍රය ගැන ගෝඩාක් අවදානෙන් හිටියෙ. මන් එක එක site වල තියෙන වැඩ කරන්න ගිහින් අනාගෙන ඉන්නෙ කියල තෙරුනේ , රොෂාන් සර්ගේ ‍free seninar එකකට සහබාගි උනාම. මට තෙරුම් ගියා මේ තැන තමා හොදම කියල.. කොහොමත් මුලදි වැඩි විශ්වාසයක් තිබුනෙ නැ මට මේක කරන්න පුලුවන්ද කියන එක ගැන. මුල්ම 4$ හම්බුන දවස අද වගේ මතකයි. මොකද මන් කොච්චර සල්ලි හොයල තිබුනත් ඒවා මට ගන්න බැරි උනා. සර්ගේ විශය පතය ඉතා සියුම් මොකද ඒක අමුතුම විදියට ගලාගෙන යන්නෙ.. වෙලාවේ වටිනාකම ගැන කියල දෙන්න ඉන්ටවල් එකත් පාවිච්චි කරන සුලු දෙයින් පවා අපෙ හිතට දෙයක් දෙන්න උත්සහ කිරිම ගැන මන් අපේ රොෂාන් සර්ට ස්තූති වෙනවා. අපිට හදල දුන්න Forum එක demo site එක Free Hosting එක Free premier Themes අපිට ගොඩක් වටින දෙයක් උනා. අපි නොදන්න කරුනු ගොඩාක් අපිට සර් කියල දුන්නා.. මන් අද මගෙම කියල වෙබ් එකක් කරන්න යන්නෙ. ඉතින් මෙ වගෙ තැනකට මාස තුනකින් අරගෙන ආවට අපේ සර්ට ගොඩාක් ස්තුති. සර්ට තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා. එවගෙම Ips එකට ස්තුති වෙනවා මේ වගෙ Course එකක් කිරීම ගැන. මේ තමා මගෙ ජීවිතේ කරපු හොදම Course එක.
    Thank You
    Nimeshka Madhushan Kumarasinghe

  16. Darshanie Dissanayake says:

    මම රොෂාන් සර්ගේ පන්තියට එනකොට අන්තර්ජාලය ගැන වැඩි දැනීමක් තිබුනේ නැහැ. ඒ උනාට සර්ගේ ඉගැන්වීම හරිම සරලයි. කාටත් තේරෙන විදියට කරුණාවෙන් ඉවසිලිවන්තව කියල දෙනවා. ඒක තමා ස්ර්ගේ විශේෂත්වය. පෞද්ගලික පන්තියක් විදියට දැනුනේ නැහැ. සර් නම් ගුණවත් මහත්මයෙක්. සර් හැම වෙලේම කිවුවේ නීතිගරුකව රටට ගෞරවයක් එන විදියට සර්ගෙන් ඉගෙනගත් දේ යොදා ගෙන අපිට ඉන් උපරිම ඵල ලබාගන්න කියල. ඒකයි සර්ගේ මුලික අරමුණ. අපිත් සර් කිවූව දේ හිතට අරගෙන වැඩ කරොත් සර්ට කලගුණ සැලකීමක් . සර්ට බොහොම පින්.

  17. Harshana Prabath says:

    නොයෙක් ආයතන වලින් පවත්වන පාඨමාලා අතර ඉතාමත් වැදගත් පාඨමාලාවක් ලෙස මෙම පාඨමාලාව හැඳින්විය හැකිය. විශේෂයෙන්ම Online Exams, Online Forum ගැන අපි දැන ගත්තේ මේ පාඨමාලාවෙනි. එය ඉතාමත් වැදගත් දෙයකි. රොෂාන් සමරතුංග ගුරුතුමා කේෂ්ත‍්‍රය පිළි‎බඳව ප‍්‍රවීණ හා ප‍්‍රායෝගික දැනුමක් සහිත අයෙකු නිසා අපට මේ කේෂ්ත‍්‍රය පිළි‎බඳව තේරුම් ගත හැකි ආකාරයට ඉතාමත් සරලව ඉගැන් වූවා. ඇත්තටම මෙම පාඨමාලාව සාර්ථක එකක් ‎බව මුල් දින කිහිපය තුලදීම අවබෝධ වුනා.

    ඉදිරියටත් මෙවන් පාඨමාලාවන් හරහා සිශාල පිරිසකට දැනුම ල‎බා දීමට හැකි වේවායි ප‍්‍රාර්ථනා කරනවා.

    මම,
    එච්.එම්.හර්ෂණ ප‍්‍ර‏භාත් සෙනෙවිරත්න. (කුරුණෑගල පංතිය)
    මණ්ඩාවෙල, පොතුහැර.

  18. Niroshan Maduranga says:

    මුලින්ම මෙම පාඨමාලාව සම්‎බන්ධයෙන් පැවැත්වීම සම්‎බන්ධයෙන් රොෂාන් සර්ටත්, IPS ආයතනයටත් මාගේ අවංක ස්තූතිය පිරිනමමි. එසේම ඉතාමත් අඩු මුදලකට මෙම පාඨමාලාව පැවැත්වීමද මා ඉතාමත් අගය කරමි.

    මේ පාඨමාලාව පිළි‎බඳව මා දැන ගත්තේ මාගේ කාර්යාලීය ඊමේල් ගිණූමට ලැ‎‎බුණු ඊමේල් ගොන්න අතර ති‎බු ඊමේල් එකක් මගිනි. එය තවත් Spam Email එකක් යැයි සිතා Delete නොකර එය කියවන්නට සිත් දීම මාගේ පෙර පිනකට සිදු වූවකි.

    මීට පෙර අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම සඳහා දිනකට රු : 5000 කට ආසන්න මුදලක් අයකරන ආයතන දෙකකට ගොස් මා ඉතාමත් භෙම්‎‎බත් වී සිටියෙමි. නමුත් නොමිලේ පැවැත්වෙන දේශණයට යාම සඳහා නිවාඩු ල‎බා ගෙන යෑමට මම තීරණය කළෙමි. එහිදි රොෂාන් සර් පැවසු වදන් තුළින් මා හට හැඟි ගියේ මා මෙතෙක් මුලාවකට හසු වී සිටි ‎බවයි. හොඳම උදාහරණය නම් මින් පෙර මා හට ඉගැන්වූ ව්‍යාජ ගුරුවරුන් පැවසූවේ Paypal හරහා නීත්‍යානුකූලව ලංකාවට මුදල් ල‎බා ගත හැකි බවයි. නමුත් එය එසේ නොවන ‎බව රොෂාන් සර්ගේ දේශණයේදි මට වැටහුණි.

    ඒ අනුව ඉතා අපහසුතා මැද්දේ සෙනසුරාදා දිනය වෙන් කර ගෙන එක් දිනක් හෝ අතපසු නොකර, පමා නොවි මා පැමිණි එකම පංතිය මෙම පංතිය ‎බව මම ඉතාමත් අවංකවම ප‍්‍රකාශ කරමි. ඒ තරමටම මෙම පංතිය මා හට ඉතාමත් වැදගත් පංතියක් විය.

    මේ මාස හතරක කාලය තුළ අපට ල‎බා දුන් දැනුම අති මහත්ය. එසේම මෙය හුදෙක්ම මුදල් ඉපැයීමක් සඳහා වන පාඨමාලාවක් කර නොගෙන අප හට විනය, සමාජ ආචාර ධර්ම කියාදී මෙම වානිජ ලෝකය තුළ වානිජමය වටිනාකමක් සහිත යහපත් පුද්ගලයෙකු බිහි කිරීමට රොෂාන් සර් ගත් උත්සාහය ඉතා අගේ කොට සලකමි.

    නොමිලේ DEMO site, එකක් අවුරුද්දක කාලයකට Web Hosting ගිණුමක් ල‎බා දී සැම විටම අපව දිරිමත් කළේය. ඇත්තටම මේ සියල්ල අපෙන් අය කළ මුදලින් කළ නොහැකි ‎බව ඉතාමත් පැහැඳිළිය.

    මින් පෙර කිසිම දිනෙක අන්තර්ජාල Forum එකක් හා සම්‎බන්ධ වී නැති මම අද වන විට IPS Student Forum නිසා ඒ සම්‎බන්ධ පලපුරුදු පුද්ගලයෙකු වී ඇත. වෙනදාට Facebook තුල කාලය වැය කරන මම දැන් ඉඩක් ලද සැම විටම යන්නේ අපේ Forum එකටය. එය ඉතාමත් කැමැත්තෙන් මා කරන දෙයකි.

    නියමිත වේලාවට පංතිය ආරම්‏භ කිරීම ඉතාමත් අගය කළ යුතුය. වයස 27ක් වන මා මේ වන විට සහ‏භාගි වී ඇති පංති සියල්ලටම පාහේ සහ‏භාගි වී ඇත්තේ ප‍්‍රමාද වීමෙනි. නමුත් මෙම පාඨමාලාව සඳහා ප‍්‍රමාද වී පැමිණීමේ මාගේ පුරුද්ද අත් හැරීමට මා තීරණය කළේ ඒ තරමටම මේ පාඨමාලාව මාගේ සිත්ගත් නිසාය. රොෂාන් සර් පවසන එක් වටිනා වචනයක්වත් හෝ අතපසු කර ගැනීමට මම අකමැති වූයෙමි.

    සර්ටත්, IPS ආයතනයටත් මාගේ අවංක ස්තූතිය පළ කරමි.

    පී.ඒ.නිරෝෂන් මධුරංග
    වාලහේන, කාක්කපල්ලිය.
    කුරුණෑගල පංතිය.

  19. Ranjan Akuramboda says:

    අන්තර්ජාල අලෙවිකරණය සම්‎බන්ධයෙන් මා දැන සිටි මානය වෙනස් කළ පාඨමාලාවක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. අපි කලින් සිටියේ වැරදි අවබෝධයක බවත් සර්ගේ ඉගැන්වීමේ රටාවේ ඇති සුවිශේෂි ‎බවත්, අදාල දැනුම ඉතාමත් අනර්ඝ ලෙස පිළිවෙලට පොත් කට්ටලය මගින් ල‎බා දීමත් නිසා මහා දැනුම් සම්‏භාරයක් හා අවබෝධයක් ල‎බා ගැනීමට හැකි විය. සර්ගේ නිහතමානි මානුෂික ගුණාංග අගය කරන අතර අපට ඔ‎බ වැනි ගුරුවරයෙකු හමු වීම වාස‎නාවක් ලෙස දකිමි.

    Forum එක මගින් පංති කාමරයෙන් පසුවද සංවාද මණ්ඩපයක් ගොඩ නඟා අපගේ දැනුම මෙන්ම චින්තන රටාව ස්වයං පෝෂණය කරන්නට දරන වෑයමද ඉතාමත් අනර්ගයි.

    රංජන් අමිලක අකුරම්බොඩ
    අම්පිටිය – මහනුවර.

  20. Senarath Pradeep Kumara says:

    * සර්ගේ ඉගැන්වීම් රටාව සරලයි. පැහැඳිළියි. ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට ඉතා පහසුයි.

    * මා කොතෙක් පංතිවලට සහ‏භාගි වුවත් වෙලාවට වැඩ කරන ගුරුවරයෙක් හමු වුණා නම් ඒ ඔ‎බ පමණි.

    * ලෝකයේ කොපමණ වඑචා දූෂණ සිදු වුවත් ඒවායින් ඈත් වී සාධාරණව මුදල් ඉපයීම පිළි‎බඳව අවබෝධය අපට ල‎බා දීම ගැන ස්තූතිවන්ත වෙමි.

    * විෂයට අමතරව ජීවිතයට යමක් එක්කර ගැනීමට ඔ‎බ ලබා දුන් දැනුම බොහෝය.

    * අන්තර්ජාල අලෙඨකරුවන් ලෙස ඉවසීමේ ගුණය අපට පුරුදු කළා. ඒ වගේම සෑම දෙයක් දෙසම නිවැරදි අවබෝධයෙන් බැලීමට පුරුදු කළා.

    මෙවැනි දේවල් වලින් අපේ ජීවිතය ආලෝකමත් කළ ගුරුපියාණන්ටත්, IPS ආයතනයටත් බෝහොමත් ම ස්තූතියි.

    ඩබ්. ඩී. සෙනරත් ප‍්‍රදීප් කුමාර
    ඉඟුරුවත්ත – මාවතගම

  21. Chandana Herath says:

    මෙය මාගේ පළමු පරිගණක පාඨමාලාවයි. අපගේ රොෂාන් සමරතුංග ගුරුපියාණන් ගැන වචනයෙන් විස්තර කිරීමට ඉතාමත් අපහසුයි. එයට හේතුව, මෙම මාස 4 තුළ වෙන පාඨමාලාවක් හැදෑරුවේ නම් මෙවැනි දැනුමක් ල‎බා ගන්නට පුළුවන් යැයි මම සිතන්නේ නැත. මෙම පාඨමාලාව හැදෑරීමට මා ගත් තීරණය මාගේ පෙර පිනට ගත් එකක් යැයි මම සිතමි. ලියන්න අදහස් එන්නෙත් නැහැ. එච්චරටම හොඳයි. මාගේ ගුරුපියාණෙනි, ඔ‎බට බුදු සරණයි.

    එච් එම් චන්දන හේරත්
    වැල්ලව – කුරුණෑගල

  22. Roshan Ajith Disanayaka says:

    මෙම පංතියට පැමිණෙන විට අන්තර්ජාල රැකියා ගැන දැනගෙන හිටියේ PTC වැනි ව්‍යාජ, කාලය නාස්ති කරන බොරු වැඩ ගැනය. එභෙත් රොෂාන් සර් සමඟ කාලය ගත කරන විට අන්තර්ජාල රැකියා ගැන මෙන්ම නිවැරදිව අන්තර්ජාලය තුළ හැසිරිය යුතු ආකාරය පිළි‎බඳව නිවැරදි දැනුමක් ලබා ගත්තෙමි. මෙම පංතිය තුළදි ලද අත්දැකීම් මෙන්ම දැනුම් සම්‏භාරයද අති මහත්ය.

    ඇත්තටම පාඨමාලාවට පැමිණෙන විට හිතාගෙන හිටපු අන්තර්ජාලයට වඩා දැන් මම දකින අන්තර්ජාලය ගොඩාක් වෙනස් වෙලා.

    රොෂාන් අජිත් දිසානායක
    පාලුකඩවල
    ගල්ගමුව

  23. Praneeth Dinusha Karunathilaka says:

    මම මුලින්ම සර්ට ස්තූති කරන්න ඕන අපිට ල‎බා දුන් ගුරුහරුකම් වලට. මම මෙතෙක් ඉගෙන නොගත්, එභෙත් අශා කරපු කේෂ්ත‍්‍රයක සාර්ථකව ඉදිරියට යෑමට මඟා පාදා දුන්නේ මේ පාඨමාලාව තුළින්. මම මේ පාඨමාලාවට එන කොට දැනගෙන හිටියේ Internet යන වචනය විතරයි. ඒත් අද මම Internet එක නිවැරදිව ‏භාවිතා කරන්න දන්නවා. ඒකට මට හරිම සතුටුයි. මේ වටිනා පාඨමාලාව ඉදිරියේදි අපගේ මිතුරන්ටත් ල‎බා දෙන්නේ නම් එය මහත් සේ සතුටු වෙමි.

    අපි කවදා හෝ මේ කේෂ්ත‍්‍රයේ ඉදිරියට ම ගියොත් ඒ ඔ‎බ නිසාවෙනි ගුරු පියාණෙනි. ඔබට තෙරුවන් සරණයි.

    ප‍්‍රනීත් දිනූෂ කරුණාතිලක
    අඟාර – ඉලුක්හේන
    කුරුණෑගල පංතිය.

  24. ANURUDDHA HARSHAN ABEYSOORIYA says:

    “අන්තර්ජාලයෙන් මුදල් සෙවීම කියන්නේ බොරුවක්. මම මේක පත්තරේට දානවා . පන්තියට ගිහින් බලනවා . යමුකෝ බලන්න ” ඒ මා හට ගාල්ලේ පන්තිය සොයා යමින් සිටියදී හමු වූ මාද්‍යවේදියා කළ ප්‍රකාශයයි .

    “අද සම්මන්ත්‍රණය නෑ . ඔයාලගේ ටෙලිෆෝන් නම්බර් වලට අපි දන්වන්නම්”. ඒ ගාල්ලේ පන්තියේ දැනුම් දීමයි.

    “එකනේ මම කිව්වේ ” කියූ ඔහු පිටව ගියා. මම ඊලග කෙටි පණිවුඩයට පන්තියට අවා.

    එදා මට හමු වූ මාද්‍යවේදියාගේ දුරකථන අංකය ගැනීමට නොහැකි වීම ගැන දුක්වෙමි.

    ඔහුට කීමට ඇත්තේ ” හැම දෙනාම එක මිම්මෙන් එපා මනින්න “…….

  25. Aruna Amarasinghe says:

    රු. 4000/= ක්, 5000/= ක් වැනි මුදලක් අයකර Internet Marketing එක්දින වැඩමුළු පවත්වන බවට කරන දැන්වීම් පසුගිය වසර කිහිපය පුරා රූපවාහිනි, ගුවන්විදුලි, පුවත්පත් හා අන්තර්ජාලය ඔස්සේ මා දැක තිබුණා. කුතුහලය හා උනන්දුව නිසා මේ පිළිබඳව තවදුරටත් අන්තර්ජාලයේ search කර බැලුවා. මෙබඳු සම්මන්ත්‍රණවලට සහභාගී වු බොහෝ දෙනා අතෘප්තියට පත්ව, තමන් වංචාවන්ට හසු වු බවත්, නිකරුණේ මුදල් වියදම් වු බවත් ප්‍රකාශ කර තිබුණා; ගුවන්විදුලි මාධ්‍යවල පවා මෙම වංචා ගැන සජිවී සංවාද පවත්වා තිබුණා. ඒ අතර ස්වල්ප දෙනෙක් තමන් ලැබු සාර්ථකත්වය ගැන කතා කර තිබුණා. ඒ නිසා Internet Marketing විෂය ගැන මට ඇති වුයේ ඇල්මැරුණු හැඟීමක්.

    මෙවන් පසුබිමකදියි මට CIM පාඨමාලාව පිළිබඳ දැන්වීමක් දක්නට ලැබුණේ. පාඨමාලා කාලය හා සහනදායී ගාස්තුව මගේ අවශ්‍යතාවට ගැලපුණා. මෙය තවත් “වංචනික” පාඨමාලාවක් විය නොහැකි යැයි මට සිතුණා. පංතියට සහභාගී වු පළමු දිනයේදී ම මගේ අනුමානය නිවැරදි බව මට ඒත්තු ගියා. Internet Marketing ගැන විශේෂඥ අවබොධයක් ඇතිව වසර ගනණාවක අත්දැකීම් සහිතව රොෂන් සර් මේ පාඨමාලාව ඉතාම හොඳින් සැලසුම් කර තිබුණා. ලංකාවට අළුත්ම ක්ෂෙත්‍රයක් වන අන්තර්ජාල අලෙවිකරණය ගැන අවම IT දැනුමක් තියෙන කෙනෙකුට වුණත් පහසුවෙන් තේරෙන ලෙස, සරලව කරුණු පැහැදිලි කර දිමට සර්ට තියෙන්නේ පුදුම හැකියාවක්. ඒ වගේම පංතියේදීත්, forum එකේදීත් අපිට ඇතිවන ඕනෑම ප්‍රශ්ණයක් විසඳා ගැනීමට සර්ගෙන් (හා අනෙකුත් forum සාමාජිකයන්ගෙන්) ලැබෙන්නේ ලොකු සහයෝගයක්. රුපියල්-සත ඉක්මවා ගිය, අනෙකාගේ යහපත පතන මිනිස්කමක් මේ තුළ තිබෙනවා.

    ගෙදර සිටිමින්, දිනෙන් දින ශිඝ්‍රයෙන් දියුණු වන “අන්ත්ර්ජාල වෙළඳපොළෙන්” අපේ රටට විදේශ විනිමය ඉපැයීමටත්, “අන්තර්ජලය” නම් සුවිශාල සම්පතින් හරි දේ-සොඳුරු දේ ගෙන වැරදි දේ-අඳුරු දේ බැහැර කිරිමටත් නූතන තාරුණ්‍යට සුවිශේෂ මඟ පෙන්වීමක් , දැක්මක් ලබා දෙන්ඩ සර්ට පුළුවන් වෙලා තියෙනවා කියලා, පසුගිය මාස කීපය දෙස ආපසු හැරී බලන විට මට හිතෙනවා. අන්තර්ජාල අලෙවිකරණ ක්ෂෙත්‍රයට පිවිසෙන, අපේ රටේ රටේ අනාගත වෘත්තිකයන්ට, ව්‍යවසායකයන්ට සුවිෂේශී පහන් ටැඹක් වන CIM පාඨමාලාවට මම හදවතින්ම සුබ පතනවා. අපි වෙනුවෙන් කරන සේවයට රොෂාන් සර්ට හා IPM ආයතනයට ස්තූතියි.

    අරුණ අමරසිංහ,
    නාපාන, මඩවල, මහනුවර.
    (Trainee Teacher + Internet Marketer)

  26. Chaminda Upul Kumara says:

    අන්තර්ජාලය ආශ්‍රී‍්‍රතව මුදල් ඉපයීමේ අවස්ථා සොයමින් සැරිසරන අතර තුර මීට පෙර නොයෙකුත් ප‍්‍රායෝගික නොවන අවස්ථාවන්ට හා ව්‍යාජ රැවටිලිකරුවන්ට හසු වූ වාර අනන්ත විය. ඒ අතර තුර කිසියම් අත් පතී‍්‍රකාවක් මගින් මෙම පාඨමාලාවට අදාල වැඩමුළුවට සහ‏භාගි විය. මේ වනතුරු සොයමින් සිටි අවස්ථාව මෙම පාඨමාලාව තුළ අන්තර්ගත ‎බව අවබෝධ කරගත් පසුව මෙම පාඨමාලාව අවසන් වනතුරුම සහ‏භාගි විය.

    මේ පාඨමාලාව සඳහා මා විසින් වැය කරන ලද මුදලට වඩා කිහිප ගුණයක වටිනාකමක් ති‎බු බව කිව යුතුය. කොටින්ම මෙම පාඨමාලාව මිල කළ නොහැකිය. තවද මෙම පාඨමාලාව තුළින් ලද දැනුම වෙනත් කිසිම ක‍්‍රමයකින් ල‎බා ගත හැකි වේයැයි නොසිතමි.

    මෙම පාඨමාලාව මෙභෙය වූ ගුරුවරයා ඇත්තෙන්ම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මානව හිතවාදියෙකු හා විශාල ප‍්‍රායෝගික දැනුම් සම්‏භාරයක් සහිත අති දක්ෂ පුද්ගලයෙකු ‎බව කිව යුතුය. මම ඔහුට සු‏භ පතමි.

    පී. ඒ. චමින්ද උපුල් කුමාර
    ගුරුදෙණිය – මහනුවර

  27. Nuwan Nishshanka says:

    මෙය මා හට ලැ‎බ‎ුණු ඉතාමත් වටිනා අවස්ථාවකි. පුවත්පතක දැන්වීමක් මගින් අහම්‎බයෙන් පැමිණි මා මේ තුළින් ලැ‎‎බු අධ්‍යාපනයේ වටිනාකම ඉතා විශාලය. මා තුළ සැඟව ති‎‎බුණු නිර්මාණාත්මක හැකියාවන් හා කුසලතාවයන් වැඩි දියුණු කර ගැනීමට රොෂාන් සමරතුංග ගුරුතුමා ල‎බා දුන් දැනුම ඉතාමත් උපකාරි විය.

    ඉතා සාධාරණ මුදලක් අය කරන මෙම සත්කාර්යය වෙනුවෙන් මා සු‏භ පතන අතර ඉදිරියටත් IPS ආයතනයේ Forum එක හරහා දැනුම වර්ධනය කර ගැනීමට ‎බලාපොරොත්තු වෙමි.

    බී. එම්. නුවන් නිශ්ශංක
    නාල්ල, දිවුල්දෙනිය.

  28. Chandra Kumari says:

    වෙනත් පාඨමාලාවකින් ල‎බා ගන්නා දැනුමකට වඩා දැනුමක් නිවැරදි දේ නිවැරදිව හඳුන්වා දීමත් තුළින් රොෂාන් සර් අපගේ දැනුම වර්ධනය කළ ආකාරය විශිෂ්ඨයි. පාඨමාලාව ප‍්‍රායෝගිකත්වයට වඩාත් බර වීම තුළින් එය වෙනත් පාඨමාලාවලට වඩා සුවිශේෂි වේ. තවද Forum එක නිසා බොහෝ දේ උගත හැකි විය. අපට නොමිලේ Demo Site ල‎බා දී අපගේ දියුණුවට උපකාර කිරීම ප‍්‍රසංසනීයයි.

    වෙනත් පාඨමාලාවක් මාස ගනනකින්, වි‏භාගයකින් හෝ සහතික පත‍්‍රයක් ලබා දීමෙන් නිමා වුවත් මෙම පාඨමාලාව එසේ නිමා නොවන ‎බවත් IPS ආයතනයේ Forum එක මගින් තව දුරටත් දැනුම වර්ධනය කිරීමටත්, ගැටළු විසඳා ගැනීමටත් යොදා ගත හැකි වීම ඉතා අගනේය.

    හේම චන්ද්‍රා කුමාරි භෙන්නැහැක – වාරියපොල
    KR1195

  29. Shashika Anurudda says:

    මේ පාඨමාලාව ගොඩාක් වැදගත් එකක්. මේ කේෂ්ත්‍රය පුරාම තිබෙන ව්‍යාජ ඉගැන්වීම් වලට එරෙහිව පැවැත්වෙන පාඨමාලාවක් විදිහට මම, මෙම පාඨමාලාව දකිනවා. මම කඩවත පදිංචි අයෙකු වුවත් නිවාඩු ගැනීමේ අපහසුතාවය නිසා කුරුණෑගල පංතියට සහ‏භාගි වූයේ මේ පාඨමාලාව ගැන ඇති වුණ පැහැදීම නිසා.

    අනිත් අතට මේ වගේ වටිනා කරුණු රැගත් පාඨමාලාවක් ලංකාවේ වෙන කොභෙවත් නැතුව ඇති කියලා මම හිතනවා. ඊළඟ කණ්ඩායම පටන් ගන්න කොට මීටත් වඩා හොඳට Advertise කරලා පටන් ගන්න කියා ඉල්ලා සිටිනවා.

    රොෂාන් සර් හොඳට පාඩම් කියලා දීපු නිසා එච්චරම ගැටළුවක් ඇති වුණේ නැහැ. Forum එකක් තියෙන නිසා වැඩේ තවත් ලෙභෙසි වුනා.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ Course එකම ඇති කෙනෙක්ට ගොඩ යන්න.

    රොෂාන් සර්ටත්, IPS ආයතනයටත් ගොඩාක් ස්තූතියි.

    ශශික අනුරුද්ධ කස්තුරිආරච්චි.
    ශහල කරගහමුණ, කඩවත.
    කුරුණෑගල පංතිය – KR1121

  30. Chandana Thilak Udawela says:

    අද සමාජයේ මෙවැනි පාඨමාලාවන් සඳහා අය කරන මුදල දෙස ‎බලන විට මෙම පාඨමාලාව සඳහා ඔ‎බ අය කරන ලද මුදල ඉතාමත් සාධාරණ මුදලක් බව ඉතාමත් ගෞරවයෙන් මතක් කරන අතර මෙවැනි පංති වලදි වෙනත් අය නිවැරදි තොරතුරු සඟවා ව්‍යාජ තොරතුරු ළමුන්ට ල‎බා දී මුලා කිරීමක් කරන ‎බව මම අත්දැකීමෙන් දැක ඇති අතර මෙහිදි ඔ‎බ එවැනි දෙයක් නොකර ඇත්තටම අන්තර්ජාලය මගින් මුදල් උපයන ක‍්‍රම හා ඒ සඳහා කෙසේ මහන්සි විය යුතුද යන්න ඉතාමත් සාර්ථකව පැහැඳිළි කර දීම පිළි‎බඳව ගුරුතුමාට අපගේ ගෞරවනීය ස්තූතිය පිරි නැමීමට කැමැත්තෙමු.

    චන්දන තිලක් උඩවෙල
    දේවාලේගම
    කෑගල්ල.

  31. Pradeep Doltan says:

    IPS C.I.M. Course එක ඉතා විශිෂ්ඨයි. රොෂාන් සර් තම දේශණ, සිත් ගන්නා සුළු හා අවධානාත්මකව සිදු කිරීම නිසා ගොඩාක් සාර්ථකව පාඨමාලාව හැදෑරීමට හැකි වුනා. Online Forum එක මුදලින් මැනිය නොහැකි ඉතා වටිනා දායාදයක්. අපට මෙන්ම අපගේ දරුවන්ටද මෙය ඉතාමත් ප‍්‍රයෝජනවත් වනු ඇත.

    ප‍්‍රදීප් ඩෝල්ටන් නාගොඩ විතානගෙ
    ඉසදින් නගරය- මාතර
    වෘත්තිය: ප‍්‍රාදේශීය අලෙවි කළමණාකරු

  32. Supun Wijayamuni says:

    මුලින්ම කියන්න ඕන මම ටිකක් පරක්කු උනා Comment කරන්න. වෙලාව තමයි ගැටලුව උනේ. යන්තම් වචනයක් දෙකක් කියල දැම්මොත් හිතට ගොඩක් වද දෙනවා. ඒක නිසා Comment කරන්න මම ටිකක් පරක්කු උනා. ඒත් මේක තමයි හොඳම වෙලාව. කොතනින් පටන් ගන්නද කියල මට හිතා ගන්න අමාරුයි. කියන්න ගොඩක් දේවල් තිබුනත් හිතේ තියෙන හැම දෙයක්ම කියන්න වචන එන්නේ නෑ.

    සරලවම අපි මෙහෙම ගමු. අපි වයස අවුරුදු 4 ඉදන් ඉගෙන ගන්නවා. එදා ඉදන් අද වෙනකන් මේ කාලය ඇතුලත අපිට මොනතරම් අය අපිට අපේ ජීවිතයේ හමුවෙලා තියෙනවද. මෙහෙම හිතනකොට අපිට අවුරුදු 4 ඉදන් මතකය ටික ටික මතක් වෙනවා. එතකොට සමහර අය අපට මතක් වෙනවා. සමහර අය මතක නෑ. කැමති හා අකමැති සියලුම අය. ඒ අපි හිතන්න ගත්ත නිසා
    .
    නමුත් සමහර සිදුවීම් වෙනකොට එහා සමාන අතීත සිදුවීම් අපට මතක් වෙනවා.ඒවා තමයි අපේ ජීවිත වලට තදින් බැඳුණු දේවල්. කෙනෙක්ගේ ජීවිතයට යමක් තදින් බැඳෙන්න නම් ඒ දෙය ඒ පුද්ගලයාට විශේෂ නොව අතිවිශේෂ වියයුතුය. අන්න ඒ වගේ අතිවිශේෂ පුද්ගලයෙක් තමයි රොෂාන් සමරතුංග සර් කියන්නනේ.

    අපේ වෙබ් ඩිසයින් පන්තිය පැත්තට අපි ගියොත්, පන්තියේ ඉගෙන ගන්නකොට ඔෆිස් පාඨමාලාවක් මුලින්ම හදාරනකොට හිතේ තිබුණු නැවුම් හැගීම නැවත අපේ හිත් වල තිබුණා. කතා දෙකක් නෑ ඒක ඇත්තටම සර්ගේ දක්ෂකම. ඇත්තම කියන්න අන්තර්ජාලය කියනදේ අපි හිතුවේ inter net කියන දේ විතරයි කියල. ඒක මොනතරම් පටු සංකල්පයක්ද? අපිට හරි දේ දුන්නේ ඇත්තටම සර්.

    මස් රාත්තලම ඕන කියන්න වගේ මුදලම මූලික කරගත් මිනිස්සු අතරේ premium theme නිකන් දුන්නා. උඹලාට ඕන නං හොයාගනින් කියන්න තිබුණා. අපි කාටවත් එහෙම කරේ නෑ. ඒක තමයි මනුස්සකම.

    පංතිය පරක්කු කරලා කවදාවත් පටන් ගත්තේ නෑ. අපිට ඒක ඇත්තටම අපේ ජීවිත වලටත් ගන්න තියෙන දෙයක්. වෙබ් ඩිසයින් කියන මහා සාගරයෙන් ලබා දිය යුතු සියල්ල ඔබ අපහට ලබා දුන්නා.

    අපි සර්ගෙන් ඉගෙන ගන්න ආවේ වෙබ් ඩිසයින්. සර් අපිට වෙබ් ඩිසයින්, logo design, video editing, social media වගේ වෙබ් ඩිසයින් වලට බාහිර දේ අපට ලබා දුන්නා.

    Certificate එකේ ෆොටෝ එක black and white කියල සර් මට call එකක් දීලා කිව්වා වෙන photo එකක් එවන්න කියල. ඕන නං සර්ට තිබුණා ඒක දාන්න. ඒත් එහෙම කරේ නෑ.

    Exam එකට මට එන්න බැරි උනා job එක නිසා. මම ඒක කිව්වම සර් ඒ අවස්ථාව මට ලබල දුන්නා. ඇත්තටම ඔබ ගුරුවරයා කියන වචනයට අළුත් දෙයක් ලබා දුන්නා.

    ලංකාවේ වෙබ් ඩිසයින් නිවැරදි මගට ගන්න සර් ගොඩක් උත්සාහ කරනවා. ඇත්තටම සර් රටට ගොඩක් ලොකු සේවයක් කරන්නේ.

    සර්ට උගන්වපු සර්ගේ දෙමව්පියන්ටත් ගොඩක් පිං රටක් වටින පුතෙක් හැදුවට. සර්ටත් ගොඩක් පිං අපිට මේ දීපු දේවල් වලට. සර්ටත්, සර්ගේ පවුලේ සියළු දෙනාටත්, ips ආයතනයේ සියළු දෙනාටත් දළදා සමිඳු පිහිට පතමි. අපේ ආයුෂත් අරගෙන සර්ට රටට සේවයක් කිරීමට ශක්තිය ලැබේවා. කියූ යම්කිසි දෙයකින් හිත රිදුනානම් මට සමාවෙන්න.

    සර්ට ජයෙන් ජය වේවා.

  33. U.T.R.P.Perera says:

    ඉතාමත් කාලෝචිත පුහුණු පාඨමාලාවකි. පාඨමාලාව මෙභෙය වන රොෂාන් සමරතුංග මහතාගේ විශිෂ්ඨ ඉගැන්වීම ඉහලින්ම අගය කරමි. Forum එක හරහා විශාල සේවාවක් සිසුන්ට ලැබෙන බවද අවධාරණය කරනු කැමැත්තෙමි. රොෂාන් සමරතුංග මහතා ඉතාමත් විශිෂ්ඨ ගුරුවරයෙකු ‎බව අවිවාදයෙන් පිළිගත යුතුය.

    U.T.R.P. පෙරේරා,
    කළමණාකාර අධ්‍යක්ෂ – රෝයල් පේවර්ස් පෞද්ගලික සමාගම
    කඩුචෙල.

  34. Roshan Madusanka says:

    රොෂාන් සර් කියන්නේ ගුරුවරයෙක්ට එහා ගිය කෙනෙක්. ඇත්තටම එතුමා කියා නිම කරන්න ‎බැරි විශාල දැනුමක් තියෙන කෙනෙක්. ඒ දැනුමෙන් 10% ක් වත් අපිට ගන්න ‎‎බැරි වුනා. හේතුව කාලය මදි. මේ විෂය ක්ෂේත‍්‍රය පිළි‎බඳව එක් දින පාඨමාලා පවත්වන කාලයක එතුමාගේ මාස 4ක පාඨමාලාවෙන් ල‎බපු දැනුම ඉතා ඉහලයි. මම අවංකව කියනවා නම් මාස 4ක් ඉගෙන ගෙනත් එතුමගේ දැනුමෙන් 10%ක් වත් ගන්න ‎බැරි වුනා නම් එක් දින පාඨමාලා ගැන කවර කථාද?

    ඇත්තටම මේ පාඨමාලාව හරිම සාර්ථකයි. මම ඉතාමත් අසාවෙන් තමයි පංතිවලට සහ‏භාගි වුනේ. රැකියාව කරන ගමන් පංති යන්න හරිම අමාරුයි. Shift එකට වැඩ කරලා නිවාඩු ලැබෙන විදිහට මම එතුමගේ නුවර, කුරුණෑගල, මහනුවර, ගම්පහ පංති වලට ගියා. මම ඉන්නේ ගම්පහ වැලිවේරියේ. කවදාවත් මම ලංකාව පුරා පංති ගියේ නැහැ. ඔ‎බ විශ්වාස කරන්න මම මේ රොෂාන් සර්ගේ පංතියට කොච්චර කැමැත්තක් දැක්වුවද කියලා. එච්චරටම එතුමා දන්න සියල්ල අපිට කියලා දෙනවා.

    කොච්චර රැ වුනත් දුරකථනයට කථා කළාම පිළිතුරු දීලා උදව් කරනවා. Forum එකේ ප‍්‍රශ්නයක් ඇසුවත් අනිවාර්යයෙන්ම පිළිතුරු දෙනවා. මේක අළුත් දෙයක්. ඒක අළුත් වුනත් හරිම සරලව කියලා දුන්නා.

    එතුමගේ චරිතේ ගැන කියනව නම්, බෙහෝම අහංකාර විදිහට පිටරටකට වෙලා ඉන්න පුළුවන් කෙනෙක්. හැ‎‎බැයි බොහෝම නිරහංකාර අවංක පුද්ගලයෙක්. මම ඔබට ගොඩාක් ගරු කරනවා. ඔ‎බ කවදාවත් බොරු කරලා, වංචා කරලා සල්ලි හම්‎බ කරන ක‍්‍රම අපිට කියලා දුන්නේ නැහැ. මම ඒකට ඔ‎බ තුමාට ඉතාමත්ම ඉතාමත්ම ගරු කරනවා.

    ගනේපොළ ආරච්චිගේ රොෂාන් මධුසංක
    ඇඹරළුව දකුණ – වැලිවේරිය.
    Mold Design and Manufacturing Assistant

  35. Dilhara Sndeepani says:

    අන්තර්ජාලය පිළි‎බඳව සුළු දැනුමක් තියා ගෙන මා මෙම පන්තියට සහ‏භාගි වුවත් මාස 4 ඇතුලත රොෂාන් සර් විසින් අප හට ල‎බා දුන් දැනුම තුළින් අන්තර්ජාලය ‏භාවිතයට ති‎බු බය නැති කර ගනිමින් අන්තර්ජාලය තුළ සැරි සැරීමට දැන් මා හට පුළුවන් වී ඇත. තවද අන්තර්ජාල අලෙවිකරණය පිළි‎බඳව මා හට මේ වන විට යමක් තනිව කිරීමට පුළුවන් වී ඇත. ඒ සඳහා ඇනුම ල‎බා දුන් රොෂාන් සර්ට ගොඩාක් ස්තූතිවන්ත වෙමි.

    යූ ඩී. දිල්හාරා සංදීපනි.
    වල්පිට මුල්ල – දෙවලපොල
    ගම්පහ පංතිය.

  36. Maleesha Kavindi says:

    රොෂාන් සමරතුංග ගුරුතුමා මෙභෙය වූ අන්තර්ජාල අලෙවිකරණ පාඨමාලාව සැ‎බවින්ම අතිශය සාර්ථක පාඨමාලාවකි. විවිධ කේෂ්ත‍්‍ර ඔස්සේ දැනුම ල‎බා දෙමින් අනෙකුත් පාඨමාලාවන්ට වඩා විශාල වෙනසක් කරමින් ඔහු උගන්වයි. කුමක් හෝ දෙයක් පිළි‎බඳව ප‍්‍රශ්නයක් ඇති වුවහොත් Forum එක ඔස්සේ හෝ පුද්ගලිකවත් ගැටළු විසඳා ගත හැකිය. ගුරුතුමා සමඟ කථා කිරීමෙනුත් තොරතුරු දැනගත හැකිය. රොෂාන් සර් ඒ තරමටම ළමුන්ට සමීප ගුරුවරයෙකි.

    මෙම පාඨමාලාව ඔස්සේ විශාල විෂය පරාසයක් ගැන දැනුවත් වූයෙමි. අය කළ මුදලද කාටත් දැරිය හැකි ඉතාමත් සාධාරණ මුදලකි.

    පූර්ණි මලීෂා කාවින්දි
    වල්පොල, රාගම
    ගම්පහ පංතිය.

  37. H.M.Sarath Chandra Bandara says:

    ඉහල ඉල්ලුමක් පවතින වෙබ් අඩවි නිර්මාණය හා ඉන්ටර්නෙට් මාකටින් පිළි‎බඳව දැරිය හැකි මිලකට ඉතාමත් කෙටි කාලයක් තුළ විශාල තොරතුරු ප‍්‍රමාණයක් ඉගැන්වීම පිළි‎බඳව ආයතනයටත් විශේෂයෙන්ම රොෂාන් සමරතුංග මහතාටත් ස්තූතිවන්ත වෙමි.

    පුවත්පත්වල පළවූ විවිධ කරුණු නිසා මෙම කේෂ්ත‍්‍රය තෝරා නොගෙන සිටියත් රොෂාන් මහතාගේ පළමු නොමිලේ සම්මන්ත‍්‍රණය නිසා මේ පිළි‎බඳව සත්‍යතාවය වටහා ගතිමි. පාඨමාලාව හා ඉදිරිපත් කිරීම ඉතාමත් හොඳයි.

    එච්.එම්. සරත් චන්ද්‍ර ‎බංඩාර හේරත් – ව්‍යාපාරික
    ශාසන තිලක මාවත, ඕපාත, කොටුගොඩ

  38. Madhu Shanika says:

    අපි මේ පාඨමාලාවට සම්‎බන්ධ වෙලා මාස 4ක් වගේ පුංචි කාලයක් වුනත් ඒ කාලය ඇතුලත අළුත් දේවල් ගොඩාක් ඉගෙන ගන්න අවස්ථාව අපිට ලැ‎බුනා. Internet Marketing කියන Subject එක ලංකාවේ එතරම් ප‍්‍රසිද්ධ නොවුනත් Internet එකින් අළුත් දේවල් ගොඩාක් කරන්න පුළුවන් ‎බව දැන් අපි දන්නවා. රොෂාන් සර් අපිට යහළුවෙක් වගේ හැම පුංචි දෙයක්ම හොඳින් පැහැදිළි කරලා දුන්නා. ඇත්තෙන්ම රොෂාන් සර් ගොඩාක් හොඳයි.

    සර්ටත් IPS ආයතනයටත් ගොඩාක් ස්තූතියි අපිට ල‎බා දුන්න අළුත් දැනුමට.

    මධු ශානිකා මීගල්ල
    බෙ‎ම්මුල්ල
    ගම්පහ පංතිය.

  39. Smeera M.P. Gallage says:

    මෙවැනි පාඨමාලාවක් පැවැත්වීම සම්‎බන්ධව පළමුව IPS ආයතනයට ඉතාමත් ස්තූතිවන්ත වෙමි.

    සත්‍යය යැයි පවසමින් බොරු උගන්වන සමාජයක සත්‍යම අපට ලබා දීම පිළි‎බඳව අපට ඇත්තේ රොෂාන් සර් පිළි‎බඳව අපරිමිත ගෞරවයක් හා ආදරයකි.

    අවසාන වශයෙන් කීමට ඇත්තේ ඔ‎බ සියළු දෙනාටම ගොඩාක් පින් කියාය.

    සමීර එම් පී ගාල්ලගේ
    පහල කරගහමුණ
    කඩවත.

  40. Mohamad Kamal says:

    IPS ආයතනය පවත්වන මෙම පාඨමාලාව අති විශිෂ්ඨයි. මේ සඳහා ආයතනය විසින් තෝරා ගෙන ඇති සම්පත් දායක, වෘත්තීය මාර්ගෝපදේශකයා වන රොෂාන් සමරතුංග මහතා රටටම සම්පතක්. ගුරුතුමාගේ දේශන වලට සවන් දීමෙන් ල‎බා ගන්නා දැනුම පොත් 100ක් පරිශීලනය කර ල‎බා ගන්නා දැනුමට සමානය. ඉතා කෙටි කාලයක් තුළ රොෂාන් සමරතුංග ගුරුවරයාගේ පුස්තකාලයෙන් ල‎බා ගත් දැනුම අමිලය.

    ගුරුතුමා ඇතුළු ආයතනයට දීර්ඝායු !!

    මොහොමඩ් කමාල් අයිඩෲස්
    හයිලෙවල් පාර, නුගේගොඩ

  41. Gihan Wijayahewage says:

    ආදරණිය ගුරුතුමණි,මගේ ආදරණිය මිතුරු මිතුරියනි!

    ඔබ සෑම දෙනාටම වාසනාවන්ත දිනයක් කියා මම ප්‍රාර්ථනා කරනවා.මගේ ගැන ඔබ හොදින් නොදන්නා බව මා දන්නවා.මගේ නම ගිහාන් විජයහේවාගේ.මම උපන් දා සිට ඉන්නේ බෙන්තොට.මට මේ පාඨමාලාව ගැන දැනගන්නට ලැබුනේ,ලංකාදීප පත්තරයකින්.මටත් අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම කියන දේ පිලිබදව හොද ආකල්පයක් තිබුනේ නෑ.එකට හේතුව වුනේ රුපියල් 4000,5000 එක දිනකට අයකරලා එක දවසකින් කොහොමද ලක්ෂ ගණන් උපයන හැටි කියා දෙන්නේ! එහෙම කරන්න බැරි බව ඔබ දැන් හොදටම දන්නවා.මම නම් ඒ අමුලික බොරුව හොදින් දැනගෙන හිටිය නිසා ඕවා කිසිම දේකට ගියේ නෑ.එත් මට උවමනාව තිබුනා මේකේ ඇත්ත නැත්ත හොයා බලන්න.ඒක නිසා නොමිලේ කරන එක්දින පාඨමාලාවකින් මේ පිලිබදව නිවැරදිව කියාදී නිවැරදිව මුදල් හොයන හැටි දැනුවත් කරන බව කියා තිබුණු නිසාත් මේ පාඨමාලාව ලංකාවේ ප්‍රධාන නගර කිහිපයකම නොමිලේ පවත්වන නිසාත් මගේ ලොකු අවධානයක් මේකට යොමු වුනා.මමත් මගේ විස්තර SMS එකකින් යැවුවා.මගේ විශ්වාසයට තවත් හේතුවුන කාරණයක් තමයි,පාඨමාලාව පැවැත්වීමට පෙර SMS මගින් කරන දැනුවත් භාවය.මාත් හිතුවේ මුල් දවසේ නිකම් කරලා පස්සේ අපිට ආයිත් එන්න කියලා course එකක් කරනවා කියලා ලොකු ගානක් ගනියි කියලා.එත් මට පන්තියට ආවම පස්සේ තේරුණා මේකනම් ඉතාම හොදට කරන එකක් බව.කිසිම හැන්ගිල්ලක් තිබුනේ නෑ ,කිසිම සැක හිතෙන දෙයක් තිබුනේ නෑ.එක නිසා ඒ නොමිලේ පවත්වපු සම්මන්ත්‍රණයේදී ගොඩාක් නොදන්නා දේ ඉගෙන ගන්න ලැබුණා.එක නිසා මම තීරණය කරා මේ පිළිබද වැඩිදුර හැදෑරීම සදහා ඉතාම සාධාරණ හා වෙන කිසිදු තැනකින් ලබාගත නොහැකි මේ Internet Marketing Course එකට සහභාගී වීමට.

    මට ගොඩක් ගැටළු ඇතිවුනා මේ පාඨමාලාවට සහභාගී වීමට,මක්නිසාද මම ඉන්නේ බෙන්තොට.Course එක ගාල්ලේ පවත්වන්නේ නැති බව සර් කිවුවා.මාතර පවත්වන බව සර් කිවුවා.ඒක නිසා මම බෙන්තොට ඉදලා ගාල්ලත් පහු කරගෙන 100 Km විතර දුර ගමනක් එන්න සිදුවුණා.ගෙදර අම්මලා මට පිස්සු කියලා කිවුවා.එත් අන්තිමට අම්මා තමයි මට Course එකට සල්ලිත් දුන්නේ! හැම සතියෙම මම සදුදට පාන්දර 4 ට විතර නැගිටලා ඉතින් මම මේ ගමන ආවා.ඇත්තටම Internet එක ගැන,Websites හා ඒවා නිර්මාණය ගැන,Marketing,Logo designing and Video editing,ඇත්තටම මේ කිවුව දේවල් වලට වඩා ගොඩක් දේ ඉගෙන ගත්තා.ඇත්තටම මම ගොඩක් කැමතියි අනිත් අයට උදවු කරන්න.මම දන්නා දේවල් කියලා දෙන්න.මම නොදන්නා දේවල් දැනගන්න.එකටත් මට හොද අවස්ථාවක් ලැබුනා Student Forum එකෙන්.ඒක අපිට දුන්න එකනම් අපේ සර්ට ගොඩාක් පින්.

    ඒ වගේම අපිට Website එක හරහා Online Exam කරන්න අපිට අවස්ථාව හදලා දුන්නා.ඇත්තටම මුදල් අරගනවත් මේ වගේ Website එකක් නඩත්තු කරන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි.අපිටනම් දැන් ඒක හොදට තේරෙනවා,මොකද දැන් අපි අපේ Website එක නඩත්තු කරන නිසා.ඇත්තටම මේක ඉතාමත් විශිෂ්ට කාර්යයක්.ඇත්තටම මේ පාඨමාලාව ගැන වචනයෙන් විස්තර කිරීමට ඉතාමත් අපහසුයි.ඔබත් නොමිලේ පවත්වන සම්මන්ත්‍රණයට ඇවිත් බලන්න.ඒ සදහා ඔබට තියෙන්නේ තව එකම එක අවස්ථාවක් විතරයි.ඒක මගහැර ගන්න එපා.එළබෙන September මාසයේ පැවැත්වෙන්නේ ඔබට සහභාගී විය හැකි අවසාන පාඨමාලාවයි.මේ පාඨමාලාව මගේ ජිවිතයේ වටිනාම හැරවුම් ලක්ෂ්‍යය වුනා.”ඔබත් එය ඔබේ ජිවිතයේ විශිෂ්ටතම හැරවුම් ලක්ෂ්‍යය කරගන්න”.ඔබට ජයෙන් ජයම වේවා…! තෙරුවන් සරණයි! ජේසු පිහිටයි! ශිව දෙවි පිහිටයි! අල්ලා දෙවි පිහිටයි!

  42. Chanaka Bandara says:

    පාඨමාලාව හැදෑරීමෙන් පසුව අන්තර්ජාල අලෙවිකරණය, වෙබ් අඩවි නිර්මාණය පමණක් නොව නිවැරදිව අන්තර්ජාලය ‏භාවිතා කරන්නේ කෙසේද යන්න පිළි‎බඳව ද විශාල දැනුමක් ල‎බා ගතිමි.

    අළුත්ගෙදර චානක ‎‎බණ්ඩාර
    බද්දේගම – ගාල්ල
    ශි‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිය හදාරමි. (තෙවන වසර)

  43. W.R.C.J Wijayawickrama says:

    මුලින්ම මම IPS ආයතනය ගැන දැන ගත්තේ ලංකාදීප පත‍්‍රයේ ති‎බු දැන්වීමකින්. ඇත්තටම IPS ආයතනය කියන්නේ සුළු මුදලක් අය කරන, එම අය කරන සුළු මුදලට වඩා අති විශාල දැනුමක් ල‎බා දෙන විශ්වාසවන්ත ආයතනයක් ‎ බව ඕනෑම තැනක කීමට පුළුවනි.

    දෙවනුව, සර් ගැන කියනවා නම් ඇත්තෙන්ම සර් හොඳ කෙනෙක්. සර් අපට නිතරම කීවේ “අන්තර්ජාලය තුළ වංචා සහගත දේවල් වෙනවා ඒත් ඔ‎බ ඔබට අවංක වෙන්න. ඔබ වංචා කරන්න එපා” කියලයි. එවැනි හරි මාර්ගයට යන්න උපදෙස් දුන්නා. ඇත්තටම සර් හොඳ පුද්ගලයෙක් ඒ වගේම කරන දේ හරියට කරන කෙනෙක්.

    W.R.C.J විජයවික‍්‍රම – ව්‍යාපාරික
    රුවන් එළිය, නුවර එළිය.

  44. Nimalka Bandara says:

    අපේ රොෂාන් සර් අපිත් එක්ක මාස 4ක් පුරාවටම අපි ලගින්ම ඉදලා අපි මීට කලින් අහලවත් නැති විෂයක් වෙච්ච internet marketing ගැන අපට විශාල අවබෝධයක් ලබාදුන්නා. ඒත් සර් එතනින් නවතින්නේ නැතුව web designing, video editing, Logo designing වගේ දේවල් ගැනත් අපිට කියල දුන්නා. ඒ වගේම න්‍යායාත්මක දැනුමට සීමා නොවී ප්‍රයෝගිකව අපි ඉගෙනගත්ත දේවල් යොදාගන්න හැටිත් පෙන්වල දුන්නා.

    http://www.ipsguru.org එකේ සර් හදල තියෙන forum එක අපිට ගොඩක් ප්‍රයොජනවත් වුනා. එක ඉස්සරහටත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.ඒ ඔක්කෝටමත් වඩා සර් අපිට හැමවෙලේම කිව්වේ නීත්‍යනුකුලව මුදල් උපයන්න,අන්තර්ජාලය ඵලදායිව පාවිච්චි කරන්න කියලයි. ඒ හැමදේටම සර්ට ගොඩක් පින්. සර්ගේ මේ ව්‍යායාමය ඉදිරියටත් කරගෙන යන්න සර්ට ශක්තිය,ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා……………….!!!

  45. A.K.Chathurika says:

    මූලිකවම කිවුවොත් අන්තර්ජාලය ගැන කිසිත් නොදන්නා අයෙකුට වුවද මෙම පාඨමාලාව මගින් විශාල දැනුම් සම්‏භාරයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. මම ද එසේ ඇතුලත් වූ ශිෂ්‍යාවකි. එ‎බැවින් මෙම පාඨමාලාවේ වටිනාකම හා හරය ඉතා හොඳින් වටහා ගතිමි.

    සෑම තැනකම පාහේ මෙවැනි පාඨමාලා ති‎බුනද සිසුන්ට වැටෙභෙන පරිදි, උනන්දුව ආශාව ඇති වන පරිදි ඉතාමත් හොඳින් ඉගැන් වූ රොෂාන් ගුරුතුමනි, ඔ‎බගේ ඉගැන්වීම් විලාශය හා විෂය දැනුම හේතුවෙන් මෙම පාඨමාලාව ඉතා උනන්දුවකින් යුතුව හොඳින් ඉගෙනීමට අවස්ථාව ලැ‎බුණි.

    ත‎ව දුරටත් අප වැනි සිසුන්ට මෙම දැනුම ල‎බා දීමටත් මෙම පාඨමාලාව නොකඩවා කරගෙන යෑමටත් ඔ‎බ තුමන්ලාට හැකි වේවා.

    ඒ කේ චතුරිකා
    රත්නාවලි බාලිකා විද්‍යාලය
    ගම්පහ

  46. Dhammika Perera says:

    අන්තර්ජාලය පිළි‎බඳව සහ වෙබ් ඩිසයින් පිළි‎බඳව මනා දැනුමක් ලැබුණා. තනිවම වෙබ් සයිට් එකක් නිර්මාණය කර ගැනීමේ හැකියාව ද ලැ‎‎බුණා. සාධාරණ මුදලකට මෙවැනි පාඨමාලා ල‎බා දීම පිළිබඳව හා මෙම විෂය පිළි‎බඳව මනා අවබෝධයක් ලබා දීම පිළි‎බඳව IPS ආයතනයටත් රොෂාන් සර්ටත් ඉතාමත් ස්තූතිවන්ත වෙනවා.

    ධම්මිකා සුරංගනි ශ්‍රී‍්‍රයා පෙරේරා
    ‎බලබෝව, දෙවලපොල

  47. Daham Nuwantha says:

    අනාගතයේදි වැදගත් වන කේෂ්ත‍්‍රයක් ගැන දැන ගන්නට ලැ‎බුණා. ඒ තුළින් අද වගේ ඉදිරියේදීත් ගොඩාක් වැඩ කරන්න පුළුවන්.

    ඒ වගේම Forum එකින් අපේ ප‍්‍රශ්න ඕනෑම වේලාවක විසඳා ගන්න පුළුවන් වෙන එක විශේෂ වාසියක්.

    කෝස් එක වගේම සර්ගේ වැඩත් අනර්ගයි. සර්ටත් IPS ආයතනටයත් සු‏බ පතනවා.

    එස්. ඒ. දහම් නුවන්ත
    සිංහපිටිය, ගම්පොල

  48. Ruwini Kaushalya Wijithalal says:

    * මෙතෙක් හමු වී නැති සාර්ථක, ප‍්‍රායෝගිකව ඔප්පු කළ හැකි පාඨමාලාවකි.

    * කාලයෙන් උපරිම ප‍්‍රයෝජන ගෙන අනාගත ආයෝජන සඳහා නව මාර්ග කියා දුන් විශිෂ්ඨ ගනයේ පාඨමාලාවක්.

    * අන්තර්ජාලය අර්ථවත්ව හා ප‍්‍රයෝජනවත් ලෙස ‏භාවිතා කර අලෙඨකරණය සඳහා සිසුන් යොමු කළ හොඳම පාඨමාලාව ලෙස දකිමි.

    යූ.කේ.ඩී. රුවිනි කෞෂල්‍යා විජිතලාල්
    ගලගෙදර
    මහනුවර පංතිය.

  49. Aruna Amarasinghe says:

    මෙම පාඨමාලාව ඉතා එලදායි හා ඉතා ප‍්‍රායෝගික එකක් ‎බව ප‍්‍රකාශ කරමි. අන්තර්ජාල අලෙවිකරණය හා එය ප‍්‍රායෝගිකව සිදු කරන ආකාරය පිළි‎බඳව කරුණු රාශියක් දැන ගත්තා. රොෂාන් සර් අපිට වටහා ගත හැකි ලෙස ඉතා සරලව හා ඉතා පැහැදිළිව කරුණු ඉදිරිපත් කළා. ප‍්‍රායෝගිකව ඇති වන පොඩි පොඩි ගැටළු විසඳා ගැනීමට Ipsguru.org Forum එක ගොඩාක් උපකාරි වෙනවා.

    අරුන රවීන්ද්‍ර අමරසිංහ – මඩවල

  50. Dammika Abeyrathna says:

    ඇත්තෙන්ම මනා කළමාණාකාරිත්වයකින් යුක්තව, සරලව හා සිත් ඇද ගන්නා සුළු ආකාරයකින් ඉදිරිපත් වූ මෙම පාඨමාලාව මම අගය කරමි. විශේෂයෙන් කලට වේලාවට කටයුතු කිරීම මෙහිලා විශේෂත්වයකි. එයට මාගේ පැසසුම් හිමි වේ.

    පාඨමාලාව අවසන් වුවත්, ඊට පසුවද අප හට IPS Online Forum ඔස්සේ ගුරුවරයා හා සම්‎බන්ධ වී ඉදිරි කටයුතු කිරීමේ හැකියාව පවතින ‎බව දැන්වීමද සතුටට කරුණකි.

    ධම්මික අබේරත්න වීරසේකර – ව්‍යාපාරික
    මහනුවර පංතිය.
    මාගේ ශිෂ්‍ය අංකය : KN21202

  51. Sandya Kumari Dissanayake says:

    ඉතාමත් වටිනා ලෙස කාලයෙන් ප‍්‍රයෝජන ගත් අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය. ඉතාමත් දක්ෂ උගත් ගුරුවරයෙක් ලැබීම වාසනාවක්. එතුමා, සෑම වයස් මට්ටමකම, විවිධ දැනුම් මට්ටමේ අය ඉලක්ක කරගෙන විශාල විෂයක් සරල ‎සින් සැමට ම පහසුවෙන් ග‍්‍රහණය කර ගත හැකි ලෙස දේශන පැවැත් වීම ඉතාමත් අගය කළ යුතු කාර්යයකි. තවද තමන්ගේ සිසුන්ට දක්වන කරුණාව හා අනුග්‍රාහය ඉතාමත් වටී.

    මෙම දැනුම් සම්‏භාරය අප රටේ කාලය අපතේ යවමින් සිටින අයටත් කුමන හෝ ආකාරයකින් ල‎බා දී ඔවුන් වටිනා අය ලෙස සමාජයට යමක් කළ හැකි ‎බවට පත් කිරීමට හැකි නම් ඉතාමත් වැදගත්.

    දර්ශණි සන්ධ්‍යා කුමාරි දිසානායක
    දුම්‎බර උයන
    ‎බලගොල්ල

  52. Salinda Rathnayake says:

    * කාලෝචිත අවශ්‍යතාවයක් සපුරාලීම පිළි‎බඳව ස්තූතිය පුද කරමි.

    * වර්තමානයේ Internet Money මාපියාවක් ආකාරයට කි‍්‍රයාත්මක වන වටපිටාවක ඇත්ත ඇති සැටියෙන් කියා දීම, වචනයෙන් කිව නොහැකි මහඟු උපකාරයකි.

    * බොහෝ Internet Money වැඩසටහන් වලට සහ‏භාගි වුවත් Online Reputation පිළි‎බඳව කතා කෙරු දේශියව දුටු එකම වැඩහටහනයි.

    * රොෂාන් සර්ගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබීම පෙර පිනක් ලෙස සලකමි. මෙවැනි අත්දැකීම් සතු වටිනා සම්පතක් හඳුනා ගැනීමට ලැබීම මා ලැබු වාසනාවකි.

    * දිගු කාලීනව මුදල් ල‎බා ගැනීම පිළිබඳව හා 100% නීත්‍යානුකූල ක‍්‍රමවේද පමණක් කෙරුණු මා දුටු එකම වැඩසටහනයි.

    * හැකියාවක් ඇත්නම් Diploma මට්ටමේ පාඨමාලාවක් ආරම්‏භ කරන්නේ නම් බොහෝ පිං. මන්ද ලංකාවේ තවමත් මෙවැනි පාඨමාලා නොමැත.

    ආර්.එම්. සාලින්ද මනිෂ රත්නායක
    නව නගරය, කුණ්ඩසාලේ.

  53. Chathurika Dulanjali says:

    මෙම පාඨමාලාවෙන් අප ල‎බා ගත් දැනුම අති විශාලය. මීට ඉහතදි අන්තර්ජාල අලෙවිකරණ පාඨමාලාවන්ට මා සහ‏භාගි වී ඇතැත් එහිදි සිදු වන ප්‍රෝඩාවන් පිළි‎බඳව නොබෝ කලකින්ම අවබෝධ විය. එ‎බැවින් මෙහි පළමු සම්මන්ත‍්‍රණය සඳහා සහ‏භාගි වීමට අනවශ්‍ය ‎බව මා තීරණය කළද පළමු සම්මන්ත‍්‍රණය නොමිලේ පැවැත්වීම නිසා එයට සහ‏භාගි වූයෙමි. එහිදි රොෂාන් සමරතුංග සර් ල‎බා දුන් දැනුමත්, ඔහු පිළි‎බඳව තිබු විශ්වාසය මත ම මාස 4 පාඨමාලාවට සහ‏භාගි වුණෙමි. මා පරිගණක විද්‍යා උපාධිදාරිණියකු ‎බැවින් මේ පාධමාලාවෙන් මා ල‎බා ගත් දැනුම ඒ සිව් වසරක් තුළ මා ඉගෙන ගත් සියළු විෂය පථයන්ට වඩා වැඩි ‎බව කිව යුතුමය.

    එබැවින් මෙම පාඨමාලාව අපට න්ම ඉදිරි පරපුරටද එලෙසම ල‎බා දීමට රොෂාන් සර්ට හා IPS හැකි වේවායි ප‍්‍රාර්ථනා කරමි.

    එස්. පී. චතුරිකා දුලාංජලි ද සිල්වා
    බෝයගම පාර, පේරාදෙණිය

  54. Prasanna Mahesh Amarakoon says:

    ඇත්තටම ලොකු වටිනාකමකින් යුතු හොඳ පාඨමාලාවක්. මම හිතන විදිහට මුදල් පසුපසම නොයා මේ වගේ පාඨමාලාවක් කරන එකම ආයතනය මෙය වන්නට ඇති. බොහෝ කලක සිට මෙවැනි පාඨමාලා කරන තැන් පුවත්පත් වල දුටුවා. එහෙත් මට හැඟුනේ ඔවුන් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්ම ඒවා කරන ‎බවකි. ඇත්තටම මෙය හොඳ ආදර්ශයක්. ඉදිරි අනාගත පරපුර වෙනුවෙන් මෙම පාඨමාලාව දිගටම කරගෙන යන ලෙස ඉල්ලා සිටිනවා.

    ප‍්‍රසන්න මහේෂ් අමරකෝන්
    අ‏ඹගාල
    වරකාපොළ

  55. Duminda Prasad says:

    මෙම පාඨමාලාව තුළ අප ලැ‎බු අත්දැකීම් අනන්තය. විශේෂයෙන් මෙම පාඨමාලාව තුළදි අපට දැනුම ල‎බා දුන් රොෂාන් සර් අප හට ඉගැන්විය හැකි උපරිම උපක‍්‍රමයන් ‏භාවිතා කොට අපට ඉගැන්වූ ‎බව හිතට එකඟව ප‍්‍රකාශ කරමි. ඔහු සෑම දෙයක්ම ඉගැන්වූයේ කුඩාම ලමයෙකුට වුවත් පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකි වන ලෙසය. මමත් එවැනි ළමයෙකි. මෙම කටයුත්තට දායක වූ සියළු දෙනාටම ස්තූතිය පිරිනමමි.

    කේ දුමින්ද ප‍්‍රසාද්
    ‎බැද්දගාන පාර
    පිටකෝට්ටේ.

  56. Supun Randika Jayasekara says:

    මුදල් පසුපසම හඹා නොයමින්, දැනුම බෙදා හැරීමේ පරමාර්ථයෙන් මේ සිදු කරන සත්කාර්යය ඉතා අගය කොට සළකමි. පරිගණකය හා අන්තර්ජාලය හැසිරවීමට යම් තරමක දැනුමක් මාහට ති‎‎බුනද මේ පාඨමාලාවට සම්‎බන්ධ වූ පසු මාගේ හැකියාවන් හා දැනුම ඉතා හොඳින් වර්ධනය වූ ‎බව ඔබට දන්වන්නේ හද පිරි සතුටිනි. අන්තර්ජාල අලෙඨකරණය වැනි හී‍්‍ර ලංකාවට ආධුනික වූ විෂයයක් ප‍්‍රචලිත කිරීම හා එමගින් යමෙකුගේ ජීවන තත්වය නඟා සිටුවා ගැනීමට අත්වැල ල‎බා දුන් ඔ‎බට, ඔබගේ අනාගත ජීවිතය හා සිදු කරන සියළු කටයුතු සාර්ථක වේවායි හද පත්ලෙන්ම ප‍්‍රාර්ථනය කරමි.

    සුපුන් රන්දික ජයසේකර
    හොන්නන්තර, පිළියන්දල

  57. P. Priyadarshani says:

    ඉතාමත් ප‍්‍රයෝජනවත් පාඨමාලාවක්. උපෙ ජීව විද්‍යාව කළේ. ප‍්‍රතිඑල 3F. විභාගය නැවත කරන්නේ නැතිව රැකියාවක් කරන්න හිතාගෙන තමයි පාඨමාලාවට සහ‏භාගි වුනේ. නමුත් සර් කියලා දීපු විදිහට රැකියාව සමඟ ඉගෙන ගැනීමත් කරන්න පුළුවන්. ඇත්තෙන්ම ඉතාමත් වටිනා පාඨමාලාවක්. මම ඉන්ටර්නෙට් ‏භාවිතා කළාට හරියට ‏භාවිතා කරන්න දැන ගත්තේ මේ පාඨමාලාවෙන්.

    පී. දර්ශනි
    හීනටියන්ගල,
    කළුතර

  58. Nisshanka. Rathnapala says:

    ඉතා කෙටි කාලයක් තූළ විශාල කේෂ්ත‍්‍රයක් ආවරණය කරමින් පැවැත්වූ පාඨමාලාවක් සේ මෙය දකිමි. අදාල විෂය පද්ධතිය ඇසුරෙන් ආවරණය කළයුතු විශාල කොටසක් පිළි‎බඳව සිසුනට හොඳ ආවබෝධයක් ල‎බා දෙන ලදි. එය ඉතා අගය කළ යුතු දෙයකි. මෙහිදි ලැබෙන න්‍යායික හා ප‍්‍රායෝගික අවබෝධය වි‏භාග ඉලක්ක කරගත් එකක් නොවූ අතර එය අපගේ ප‍්‍රායෝගික ‏භාවිතය උදෙසා දායක විය. එයද පාඨමාලවේ විශේෂත්වයක් ලෙස දකිමි. අදාල විෂය දැනුම සමඟ එම කේෂ්ත‍්‍රවල හැසිරීමේදි අනුගමනය කළ යුතු චර්යා ධර්ම පිළි‎බඳව ගුරුතුමා ලබා දුන් අවවාද පාඨමාලාවට වඩා අගය කළ යුතුය. ඔහු ඉතා යහපත් ආකල්ප හා හැසිරීම් ඇති කලට වේලාවට කටයුතු කරනු ල‎බන නිහතමානි පුද්ගලයෙකි. ඔහුව නැවතත් පසසමි.

    සමස්තයක් ලෙස පාඨමාලාව අගය කරමි. අය කරන මුදල ඉතා සාධාරණ ‎බව සඳහන් කරමි. ආයතනයට, ගුරුතුමාට සු‏භ පතමි.

    නිශ්ශංක රත්නපාල – ව්‍යාපාරික
    අම්මුල්ල
    කරඳන

  59. Dilum Ganepola says:

    Mr. Roshan Samarathunga, is more than a teacher…..for my knowledge. He opened my world wider. My first visit to IPS office at Nugegoda for my final online exam, I wonder how small office space it is but, giving knowledge about bigger world. Thanks IPS for giving me a chance to know the world better. Wish to go ahead….

    Forum: I had ever known most valuable way to get out of the problems….. and get more benefits…

    Now I know I can do better more than fast…….!!

  60. Shanika Lakmali says:

    IPS ආයතනය හා රොෂාන් සර් එක්ව පවත්වන ලද මෙම පාඨමාලාව මගින් මා කලින් නොදැන සිටි බොහෝ දේ දැන ගැනීමට හැකියාව ලැබිණ. ඉගැන්වීම් කටයුතු සිදු කරන කාලයේත් විවේක කාලයේත් ළමයින්ට දැනුම ල‎බා දීමට සර් කිසිම අකමැත්තක් නොමැතිව කරුණාවෙන් ඉදිරිපත් වීම අගේ කොට සලකමි. මෙම පාඨමාලාව අවසන් වුවත් ඉදිරි කාලය තුළ IPS ආයතනය හා රොෂාන් සර් සමඟ Forum එක මගින් දැනුම ල‎බා ගැනීමට බලාපොරොත්තු වෙමි.

    අපට ල‎බා දුන් DEMO සයිට් එකටත්, අවුරුද්දක කාලයකට නොමිලේ ල‎බා දුන් FREE Hosting Account එකටත් ගොඩාක් ස්තූතියි. ඉදිරි කාලයේදි රැකියාවට අමතරව අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට අදහස් කරමි. ඒ සඳහා ප‍්‍රමාණවත් දැනුමක් දැන් මා හට ලැබි තිබීම පිළිබඳව මා සතුටු වෙමි.

    ශානිකා ලක්මාලි සජීවනි.
    වැලිගම
    නුගේගොඩ පන්තිය

  61. Dolawaththage Pradeep Kumara says:

    ඉතා හොඳ පාඨමාලාවක්. මෙය ඉදිරියටත් කර ගෙන යෑමට රොෂාන් සර්ට සු‏භ පතනවා. සර් ගැන කිව්වොත්, සර් හරිම හොඳ කෙනෙක් විදිහටයි මම දකින්නේ. ඕන දෙයක් සර් එක්ක කථා කරන්න පුළුවන්වීම ගොඩාක් වටිනවා. පාඨමාලාව අවසන්වීම ගැන දුකයි. නමුත් Forum එකේ දිගටම රැඳි සිටින්නට ‎බලාපොරොත්තු වෙනවා. Forum එකක් හදා දීම පිළි‎බඳව සර්ට ගොඩාක් ස්තූතියි.

    දොලවත්තගේ ප‍්‍රදීප් කුමාර
    යටියන, අගලවත්ත.
    නුගේගොඩ පන්තිය

  62. W.M.Ashen Madusanka says:

    අහඹු ලෙස පුවත්පතක දැන්වීමක් දැක අයි පී එස් ආයතනය විසින් නොමිලේ පැවැත් වූ එක් දින වැඩමුළුවට සහ‏භාගි විය. එහිදි රොෂාන් සර් පිළි‎බඳව හොඳ ආකල්පයක් නිර්මාණය වුනා. අනෙක් ආයතන සමඟ සසඳන විට මෙම පාඨමාලාව තරම් ගුණාත්මක පාඨමාලාවක් නොමැත යන්න මාගේ විශ්වාසයයි. අන්තර්ජාල අලෙවිකරණය පිළි‎බඳව දැන ගැනීමේ කුතුහලය නිසා මෙම පාඨමාලාවට පෙර වෙනත් ආයතනයක Forex පිළි‎බඳව වැඩමුළුවකට සහාභාගි විය. එවැනි පාඨමාලා ඇත්තෙන්ම කිසිඳු වැඩකට නැති ඒවාය. ඒවා අපට පහසුවෙන් ස්වයං අධ්‍යයනයේ යෙදි හැකි දේවල්ය.

    මෙම පාඨමාලාව ඉතාමත් අගනේය. තරුණ පරපුරට අනාගතය නිවැරදි ආකාරයෙන් සකසා ගත හැකි ක‍්‍රමවේදයක් ලෙස මෙය මා දකිමි. මම දැක හා අසා තිබෙනවා රොෂාන් සර් තමයි මට හමු වුණ හොඳම සර් යනුවෙන් ඉගෙන ගත් පිරිස් අදහස් දක්වා තිබෙන අයුරු. ඇත්තටම මමත් එය පිළිගනිමි. මන්ද රොෂාන් සර්ගේ ඉගැන්නුම් ක‍්‍රමවේදය, රටාව ඉතාමත් ගුණදායකයි. ආකර්ශණීයයි.

    අන්තර්ජාලයේ දැකිය හැකි බොහෝ අහුමුලු අපට දැන ගැනීමට ලැබීම ඇත්තටම අගය කළ යුතු දෙයකි. ඉතා සුවිශේෂි විශේෂ පාඨමාලාවකි. විශේෂ ගෞරවයක් අයි පී එස් ආයතනයටත්, රොෂාන් සර්ටත් ලැබිය යුතුයි.

    වීරසේකර මුදියන්සේලාගේ අශේන් මධුසංක – රත්මලාන

  63. Liyanage Don Shamin Tharindu says:

    වර්තමාන සමාජයට ඉතාමත් අවශ්‍ය අන්තර්ජාලය හා එහි ‏භාවිතය පිළි‎බඳව හා ඉන් ප‍්‍රයෝජනවත් ලෙස එල නෙලා ගන්නා ආකාරය පිළිබඳව සර් හොඳට කියලා දුන්නා. එය අපේ ජීවිතයට මෙන්ම අධ්‍යාපන කටයුතු වලටත් බොහෝ උපකාරි උනා. තවද අන්තර්ජාලය ‏භාවිතයෙන් මුදල් උපයා ගැනීම පිළි‎බඳවද හොඳ දැනුමක් ලැ‎බුනා. සර් සමාජ සත්කාරයක් ලෙස කරන මෙම ව්‍යායාමය ඉතාමත් සාර්ථක වේ‎වා!!

    ලියනගේ දොන් ශමීන් තරිඳු
    ශිෂ්‍ය (මොරටුව විශ්ව විද්‍යාලය)

  64. Nipuna Kalansooriya says:

    ඇත්තටම සර්,මෙ පාඨමාලාව මට නම් ගොඩක්ම වැදගත් උනා.මම Software engineering පාඨමාලාවක් හදාරනවා එයටත් මෙ පාඨමාලාව ගොඩාක් වැදගත් අනා.ඇත්තටම සර්,සර්ගෙත්, IPS ආයතනයෙත් ඒ උතුම් මෙහෙය මම අගයකොට සලකනවා.මගෙ ජීවිතයට හමු උන ගොඩක්ම හොද සර් කෙනෙක් තමා රොශාන් සර්.වෙන කිසිම ආයතනයක මෙවන් වටිනා පාඨමාලාවක් මෙතරම් අඩු මුදලකට හදාරන්න ලැබෙන්නෙ නෑ.මම හදවතින්ම ස්තුතිවන්ත වෙනව සර්ටත් IPS ආයතනයටත්.

    මම කුරුණෑගල පන්තියේ…..
    නිපුන කලන්සූරිය

  65. Lal Sumedha Herath says:

    ඇත්තටම අති විශිෂ්ටයි……..!

  66. Abayapura Mahanama says:

    අන්තර්ජාල අලෙවිකරණය කියන්නේ මොකක්ද කියලා මම හරියටම දැන ගත්තේ රොෂාන් සර්ගේ ක්ලාස් ඒකට ආවට පස්සේ ඒ මොකද කිව්වොත් මම කලින් අහලා තිබුනේ ඊ මනි ගැන, මම මේ ක්ලාස් ඒකට එන්න කලින් මේ ගැන විස්තර මම විවිධ ක්‍රම වලට වෙබ් සයිට් වල හෙව්වා. ඒවා ක්‍රියාත්මක කරලා බැලු.වා හැබැයි ඉතින් එකෙන් දුරකථන සමාගම් වලට ලාබයක් හොයලා දුන්නු එක විතරයි . එකෙන් මට වුනු සෙතක් නෑ.

    මේ හෙවිල්ල නිසාම මට උණක් හැදුනා. බයවෙන්න එපා. මේක ඇවිල්ලා ඊ මනි උණක්. මේකට බෙහෙත් හොයනකොට තමයි රොෂාන් සර්ගේ සෙමිනා ඒකට ගියේ. එකේ විස්තර කරපු හැටියට මම වෙබ් එකේ කරලා තියෙන්නේ මොනවද කියලා හිතුනා.

    කොහොම හරි මාස හතරක් ඇවිල්ලා ඉගෙන ගත්තා ප්‍රයෝගික.ව හැබැයි මුල් දවස්වල ටිකක් කම්මැලියි. හේතුව අලෙවිකරණය පිලිබදව මුලික කරුණු උගන්නන නිසා. එකේ අගේ තේරුනේ අන්තිම දවස් ටිකේ.

    මොකද සර් හොදම ටික උගන්නන්නේ අන්තිමට. මම මේ පාඨමාලාවේ කැමතිම එක තමයි ස්ටුඩන්ට් ෆෝරම් එක මම වැඩිම වෙලාවක් ඉන්නේ ෆෝරම් එකේ.

    එච්චර වෙලා ඉන්නේ fb එකේ වගේ විකාර බහුබූත කරන්න නෙවෙයි. අනිත් යාලුවන්ගෙන් උදව් ගන්න. සමහර යාළුවන්ට උදව් කරන්න. සර් ක්ලාස් එකේ කියපු දේවල් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන්න මට ෆෝරම් එක ගොඩක් වැදගත් වුණා.

    ඇත්තටම මේ අවස්ථාව ලබාදීම පිලිබදව මුලින් Future World IPS ආයතනයට ස්තූතිය පුදකරනවා මේ සත් ක්‍රියාවට. ඒවගේම රොෂාන් ගුරු පියාණන්ට විශේෂයෙන්ම ස්තුතියි කරනවා ගුරුමුෂ්ටි නැතිව සර්ගේ දැනුම අපට බෙදාදීම පිලිබදව

  67. Supun Randika Jayasekara says:

    Internet Marketing කිව්වාම මටත් ඉස්සර sure එකක් තිබුනෙ නැහැ. හැමෝම වගේ මමත් හිතුවෙ internet එකෙන් සල්ලි හොයන්න පුළුවන් කියන එක බොරු කතාවක් කියලා. එත් Roshan sirගෙ class එකට ඇවිත් දවස් 2ක් 3ක් යනකොට තේරුණා මේක අපි හිතන් ඉන්නවට වඩා ගොඩක් වෙනස් field එකක් කියලා. අවංකව කැප වෙලා, හරි විදිහට මේ field එකේ වැඩ කරනවා නම් ගොඩක් දියුණු වෙන්න පුළුවන්.

    මේක ලංකාවට අලුත් දෙයක්. ඒ නිසා මේ වගේ field එකකින් ඉස්සරහට යන්න තියන chance එක ගොඩක් වැඩියි. Roshan sir මේක ලංකාව පුරා ප්‍රචලිත කරන්න ලොකු මහන්සියක් ගන්නවා. ඒ වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන්නෙ. ඇත්තටම ඒක අගය කරන්න ඕන. මේ course එක කරපු සහ ඉස්සරහට කරන්න ඉන්න හැමෝගෙන්ම මම ඉල්ලන්නේ Roshan sir පෙන්නලා දුන්නු මේ මාර්ගයේ නිවැරදි ආකාරයට ගමන් කරලා තමන්ගේත් අනුන්ගේත් යහපත සහ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න කියලා .

    ශ්‍රී ලංකීක දූ දරුවන් හට මෙවන් වූ වටිනා පාඨමාලාවක් ලබා දුන් Roshan sirටත් IPS ආයතනයටත් මාගේ හද පිරි ස්තුතිය පුද කරනවා. මේ වගේ සත්කාර්යයන් තව තවත් සිදු කිරීමට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා. බුදු සරණයි…!

    H D සුපුන් රන්දික ජයසේකර
    CL 21449

  68. Dilmi Peiris says:

    මම මුලින්ම ස්තූති කරනවා IPS ආයතනයට සහ Roshan සර්ට මෙවන් පාඨමාලාවක් සෑකසීම සම්බන්දව.

    සර් අපිට විශය කරුනු කියල දුන්නේ හරිම කාරුනිකව, සර් හරිම friendly විදිහට.

    සර්ට හොද ගතිගුන තියෙනවා,සර් දන්න හෑම දෙයක්ම කියල දෙනව කිසිම ගුරු මුශ්ටියක් නෑතිව.

    ඈත්තටම සර් උසස්ම ගුරුවරයෙක්,සර් අපිට class එක වගේම ඉතාම වටිනා දෙයක් ලබා දුන්නා online forum එක, එය අපිට ඉතා වටිනා සම්පතක්.

    සර් මේ දේවල් කරන්නේ, අපි වෙනුවෙන් සර් අපි වෙනුවෙන් කෑප කරපු කාලය, ධනය, ශ්‍රමය මේ හෑම දෙයකටම ගොඩාක් ස්තූතියි..

    මට ආසාවක් තිබුනා මේ වගේ course එකක් කරන්න, එත් මෙච්චර දෙයක් ලෑබේවි කියල හිතුවෙ නෑ

    මම අද සතුටු වෙනවා Roshan සර් වගේ ගුරුවරයෙකුගෙන් ඉගෙනගන්නට ලෑබීම පිලිබදව,

    After O/L මට මේ course එක කරන්නට ලෑබීමෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ දේවල් මට ගොඩක් ප්‍රයෝජනවත් වේවි !

    නෑවතත්, Roshan Sir ටත් IPS ආයතයනයටත් ගොඩක් ස්තූතියි

  69. D.P.A.K Devapriya says:

    ඉතාම වටිනා පාඨමාලාවකි. රොෂාන් සර්ටත් අයි.පී එස් අායතනයටත් බෙහෙවින්ම ස්තුතියි. Practical ටිකක් තිබුනානම් මෙහි වටිනාකම තවත් වැඩි වෙනවා.
    මම,
    මොටර් යාන්ත්‍රික උපදේශක,
    දේවප්‍රිය-කුරුණෑගල පංතිය.

  70. Gayan Harshana says:

    මම ඉස්සෙල්ලම මේ පටමලාවේ දැනුම්දීමේ සම්මන්ත්‍රණය ගැන දැනගත්තේ පුවත්පතක දැන්වීමක් මගින්. ඊට පස්සේ මම එකේ තිබුන ipsguru වෙබ් සය්ට් එක බැලුව එකේ මේ වගේම පළමු කණ්ඩායමේ lamaige comment දාල තිබුන ඉතින් මටත් හිතුන මේ සම්මන්ත්‍රණයට ගිහින් බලන්න ඕනේ කියල මම එදා ගියාට පස්සේ විශාල පිරිසක් එකට ඇවිත් හිටිය.

    ඇත්තටම මම මේ මාස 4ක පටමාලාව හදාරන්න බලාපොරොත්තුවක් තිබුනේ නෑ. එකට හේතුව තමය් අද සමාජයේ මේ සම්බන්දයෙන් තියන මිනිස්සු රවටල මුදල් සොයන ආයතන. නමුත් එදා වැඩසටහන අවසන් වෙනකොට මට හිතුන මම මේකට යන්නම ඕනේ කියල අත්ටටම මම හිතුව වගේම මම කෝස් එකට ගියා හැමදෙයක්ම හොදට ඉගෙන ගත්තා.

    දැන් මට හිතෙනවා මේ පටමාලාව එදා මට මගහැරුනනම් ආයේ කවදාවත් මෙහෙම වටිනා දේවල් ටිකක් ඉගෙනගන්න ලැබෙන්නේ නැ. ඉතින් මම ගොඩක් වාසනාවන්ත උන මේ පටමාලාව හදාරන්න . අලුත් අයටත් ඒ අවස්ථාව ලබාගන්න අවස්ථාව තියනවා එක මගහැරුනොත් අපරාදේ.

  71. Amila Kumara says:

    මේ පාඨමාලාවේ වටිනාකම මෙහෙම comments වලින් කියල ඉවර කරන්න බැහැ . මේ පාඨමාලාවට එනකොට මුලින්ම මම හිතන් හිටියේ මම internet එක ගැන දන්නවා කියල. මේක කරගෙන යනකොට ඇත්තටම මට හිතුන මන් මොනවද දන්නේ කියලා. අපි හැමදාම internet එකට ගිහින් කරලා තියෙන්නේ බොරු වැඩ කර කර අපේ කලෙයි සල්ලියි නාස්ති කර ගන්න එක විතරයි . මේක අපේ ජීවිත සර්ටක කර ගන්න කොචරක් පාවිචි කරන්න පුලුවන්ද කියන එක ගැන අපිට දැනුමක් තිබ්බේ නෑ .

    මම සාමාන්යෙන් clz වලට ගිහින් ගෙදර ඇවිත් කරන්නේ නිදා ගන්න එක, හබැයි මේ clz එකට ගිහින් ඇවිත් නම් මන් එහෙම කලේ නැ ගෙදර ඇවිත් පරිඝණකය on කරලා sir කියල ටික පොඩක් හරි කරලා බලනකන් මට ඉවසිල්ලක් තිබ්බේ නැ, අපි හැමෝටම එහෙමයි. ඇත්තටම අපි මේ පාඨමාලාවෙන් ඉගෙන ගතේ අපේ ජීවිත කාලෙටම අපිට වැදගත් වෙන දේවල්.මේකේ වටිනාකම තේරෙන්න ඉතින් ඇවිල්ලම බලන්න වෙනවා. මේ පාඨමාලාව free වගේ තමයි ,මොකද මේකට අපි වියදම් කරන්නේ හිතාගන්නවත් බැරි ටරම් සුළු මුදලක් සහ ඒ මුදල මේ පටමාලාව ඉවරවෙන්නත් කලින්ම හොයන එක මහ වැඩක් නෙමෙයි.

    රොෂාන් sir ගැන නම් කියන්න මට වචන නැ. හරිම කරුණාවන්ත ළමයී ගැන හැමතිස්සෙම හිතන ගුරුවරයෙක්, මට හම්බුන හොදම ගුරුවරයන්ගෙන් කෙනෙක්.

    අවසාන වශයෙන් මේ පාඨමාලාව සර්ථක කිරීම පිටුපස ඉන්න IPS ආයතනයටක් රොෂාන් sir ටත් මගේ හර්දයාංගම ස්තුතිය සහ ඔවූන්ගේ සියලු වැඩකටයුතු සර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරන්න මම කැමති.

  72. Hemantha Ushan says:

    බොරුකාරයෝ ඉන්න සමාජයක නියම අවංක වැඩ කාරයෙක් තමයි මේ පාඨමාලාවේ නිර්මාතෘ රොෂාන් සමරතුංග sir. මමත් කිහිප වතාවක් බොරුකාරයන්ට නිකන් සල්ලි පුජා කළා. අන්තර්ජාල අලෙවිකරණය පිළිබඳව නියමටම idea එකක් ලැබුණේ රොෂාන් sir ගේ පාඨමාලාවෙන්. ඔබට අන්තර්ජාලය පිළිබඳව නිවැරදි හා නිරවුල් අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම පාඨමාලාවෙන් ලාබා ගත හැකි දැනුම ඉතා විශාලය. Sir ලබාදෙන ප්‍රයෝගික වැඩ කටයුතු ප්‍රමාද නොකර අඛණ්ඩව කිරීම සහ පාඨමාලාව සමඟ නිරතුරු බැඳී සිටීමත් හොදටම ප්‍රමාණවත්ය. මෙම මහඟු සත්කාරය දිගු කල් වැජබේවා යනු මාගේ අවසන් පැතුමයි.

  73. Kithsiri Wijethunge says:

    Mama Internet ekt aadunikai . ROSHAN sir nisa thamai me waakya tika hary internet pituwaka mehema type karanna igena gatthe.

    Internet eke nivaradhiwa yahapath dewal sandaha pamanak bavitha karana eka thamai api sir ta karana ekama guru gaurawaya kiyalai mata hithenne ?

    Eka nisa , mama hamogenma illa hitinne ” IPS sisun wana api , ROSHAN sir ge ema awawadhaya pilipadhimu ” kiyalai …. Thanks / KITHSIRI

  74. ඇත්තටම අ.පො.ස.උසස් පෙළ විභාගයෙන් පස්සේ ඉතාම කෙටි කලකින් IPS Internet Marketing Coures එක මගින් රොෂාන් සර් අපිට ලබා දීපු දැනුම මිල කල නොහැකි. මම එතනට යන විට කිසිවක් නොදන්නා බවත්,ඔහු ලබා දුන් එම මුලික ශක්තිමත් අත්තිවාරම හින්දා අපි ඉදිරි ගමන ඉතා පහසුවෙන් කරගන්න පුළුවන් බව මන් බය නැතුව කියන්නේ.. ඇත්තටම මගේ මේ පුංචි රටට ඔබ වගේ උතුම් මිනිසුන් ආදර්ශයක්. ඒ අපුරු සුන්දර හදවතක් හිමි ඔබට දීර්ඝායු වේවා !!!

    මම රශ්මික උළුවත්ත

    අතිතහිම ගැලී නොසිටින්න,අනාගතය පිලිබදව සිහින නොදකින්න,
    වර්තමානයේ මේ මොහොත පිලිබදව නිරන්තර අවදානය යොමු කරන්න.
    -බුදුන් වහන්සේ-

  75. අවංකවම කිව්වොත් මෙම පාටමාලාව සුපිරි.මොකද කියනවනම් මෙම පාටමාලාව මම නොදැකපු නව මානයක් නිසා .ඉතින් මෙම නව මානය අපට පෙන්වාදුන් රොෂාන් සර්ට බොහොම ස්තූතියි.

    අැත්තටම youtube video,facebook වැනි දෑ වලට කොටුවී සිටී අපට මෙම පාටමාලාව තුලින් නව සංකල්ප යටතේ පුලුල් ලෙස අන්තර්ජාලයේ සැරිසරා තොරතුරැ රැස්කර දැනුම වර්ධනය කර ගැනීමට මගපාදා දුන්නා යයි මට සිතේ.තවද සර් දුන්න අවවාද මම සෑහෙන්න අගය කරමි.එ් සර් දුන්න අවවාද වලින්” 1.jenuine විදියට වැඩකරන්න කවදාවත් හොර,බොරැ,වන්චා කරන්න එපා. 2.අනවෂ්‍ය කලබලයෙකින් වැඩ නොකරන්න.” යන්න මම දැඩිව හිතට ගත්තේමි. ඉතින් මෙමෙ පාටමාලාව නියමම එකක් උනා කියල කියන්න පපුලුවන්.

    මෙම පාඨමාලාව හරහා අපිට පරිහරනය සදහා ලැබුනු ඔන්ලයින් ෆෝරම් එක ඉතාමත් අගය කළ යුත්තකි.
    මින් පෙර ෆෝරම් එකක් යනු කුමක් දැයි වත් දැන නොසිටි මා දැන් ඕනෑම ෆෝරම් එකක වැඩ කිරීමට දන්නේය.එ්කනං මරැ.
    ඉතින් ගුරු පියාණෙනි ඔබට මගේ හෘර්ද්‍යාංගම ස්තූතිය………

    මම ධිෂාන් චතුරංග

  76. අපිට internet marketing කියන්නේ මොකක්ද කියලා කියල දුන්න එකට මුලින්ම අපේ රොෂාන් sir ට බොහොමත්ම ස්තුතිය්.ඒවගේම තමා IPS Future World ආයතනයටත් ගොඩක් ස්තුතිය්.අපි හොදාකාරවම දන්නවා sir අපිට උසස් දැනුමක් ලබාදෙන්න උත්සහ කර බව.sirට ලැබෙන ලාබයට වඩා හිතුවේ අපිට හොදම දේ දෙන්න.sir! sirගෙ ඒ උත්සාහය අති සාර්ථක.මම වැඩි වැඩියෙන් කතා කරන්න යන්නේ නෑ.අවසාන වතාවටත් කියන්න තියෙන්නේ sir ට බොහොමත්ම බොහොමත්ම ස්තුතිය් කියල සහ sirගෙ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී අපි වගේ තව ඉදිරි සිසු පරපුරකටත් දැනුම ලබාදීමට හැකියාව,ශක්තිය,දිරිය ලැබේවා කියා.

  77. රොෂාන් සර් ට ගොඩාක් ස්තූතී අපිට ෆෝරම් එකක් හදලා දුන්නට.
    මන් අවන්කවම කියනවා, ෆෝරම් එක නිසා මන් ඉගෙන ගත්ත දේවල් කිසිම පොතකින් වත්, internet එකෙන් වත් හොයලා ඉගෙන ගන්න බැරි දේවල්.

    යාලුවන්ගේ අදහස්, අත්දැකීම් ෆෝරම් එකේ දැම්මම අපිට ඒව ගොඩාක් වැදගත්. මොකද, අපි වැඩක් කරන්න ගියාම ප්‍රශ්නයක් ආව ගමන් ෆෝරම් එක පොඩ්ඩක් බැලුවම ඒ ප්‍රශ්නෙ ආපු යාලුවෙක් ඒකට විසඳුමත් එක්ක Post එකක් දාල තියෙන්වා බොහෝ දුරට. නැත්නම් වෙන කෙනෙක් ඒකට විසඳුම දාල තියෙන්වා.

    තව දෙයක් තමයි, Forum කියුවම මුල් දවස් වල අපිට අලුත් දෙයක්. ඒත් පස්සෙ තමයි තේරුනේ Forum එකක් කියන්නෙ අන්තර්ජාතික ලොකු පිලිගැනීමක් තියෙන දෙයක් කියලා.
    අපිට ලොකු සමාගමක වැඩ කරන්න උනොත්, Forum එකක් වැඩ කරන හැටිත් ඉගෙන ගන්න වෙනවා.
    අන්න ඒකට ලොකු උදව්වක් තම මේ Forum එක.
    යාලුවනේ, මේක හොඳට පාවිච්චි කරන්න.
    ඔයාලට ඉස්සරහට යන්න ඕන නම් අනිවා Forum එක භාවිතා කරන්න .
    රොශාන් සර් ට ගොඩාක් ස්තූතී අපිට මේ අලුත් දේවල් කියා දුන්නට.

  78. පළමුවෙන්ම රොෂාන් සර් ටත් මේ සඳහා අනුග්‍රහය දැක් වු ඉප්ස් ආයතනයටත් ස්තූතිය පුදකර සිටිනවා මෙවැනි පාඨමාලාවක් පැවැත්වීමට තීරණය කිරීම පිළිබඳව, එමෙන්ම අපිට හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් කියා දී අපව නිවැරැදි මඟකට යොමු කිරීමද අප හට මහත් ශක්තියක් විය.

    අන්තර්ජාල අලෙවිකරණය ලෙස අප මුලින්ම සිතා සිටියේ ඇඩ් ක්ලික් කර(adClick),ඩෙටා එන්ට්‍ර(DataEntry) වැනි ඉතා පුහු කටයුතු පිළිබඳවයි.නමුත් අපි රොෂාන් සර් ගේ මෙම අන්තර්ජාල අලෙවිකරණ පාඨමාලාව හැදෑරීම මඟින් ඉහත සඳහන් කල පුහු ආකල්ප වෙනුවට ඉතා වටිනා වැදගත් විෂය යන් රාශියක් ඉගෙනගැනීමටත් , එ තුලින් අන්තර්ජාල අලෙවිකරණයේ සුවිශේෂී පැතිකඩ සොයා යැමටත් අප හට අවකාෂය උදා විය.

    අන්තර්ජාල අලෙවිකරණයේ මූලික අන්තර්ජතික නීතී රීති පවා අප හට ඉතා හොඳින් අවබෝධ කර දුන් නිසා අපට ජාතික මට්ටමේ පමණක් නොව අන්තර්ජාතික මට්ටමේ අන්තර්ජාල අලෙවිකරුවකුගේ මට්ටමට හා සමාන අයුරින් අපේ අන්තර්ජාල අලෙවිකරණය සිදු කිරීමට අවස්ථාව උදා වී ඇත. මාස 04 ක් වැනි කෙටි කලයකින් මෙතරම් දැනුම් සම්භාරයක් ලබා දීම මිළ කල නොහැකි සේවයකි.

    ඉතින් මේ අයුරින් වටිනා සේවයක් අප වෙනුවෙන් ඉටු කළ ඔබට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරන අතර සර්ගෙ සියලු ඉඳිරි කටයුතු කරගෙන යාමට අවශ්‍ය සියලු ධෛර්ය ශක්තිය ලැබේවෙවා…!! යැයි හදවතින් ම සුභ පතමි…!

    එමෙන්ම IPS ආයතනයේ කාර්‍ය් මණ්ඩලයේ සියලු දෙනාටත් හදවතින් ම සුභ පතමි…!
    ස්තූතී,
    මෙයට,
    සසංක අමුණුපුර බංඩාර.
    මහනුවර පන්තිය,
    KN 1420

  79. රොෂාන් සර් ජීවිතේ තාක්ෂණය භාවිතයෙන් ගොඩ යන විදිහක්ම විතරක් නෙවෙයි අපට කියා දුන්නේ ජීවිතේම සුන්දර කරගන්න විදිහකුයි හදවතින් අපට කියල දුන්නේ .ඒ වෙනුවෙන් අපට අත්වැල සපයා දුන් සියල්ලන්ටම ස්තූතියි .

  80. අන්තර්ජාල අලවිකරණය කියන නම නම් අපි අහල තිබුන , නමුත් අපි එයින් මොනවද කරන්න පුළුවන් කොහොමද ඒවා කරන්නේ , එයින් ලැබෙන ප්‍රයෝජනය මොන වගේද කියල වත් දන්නේ නැතුව තමයි මේ පාඨමාලාවට බැදුනේ, එත් අපට පුළුවන් වුණා බින්දුවේ ඉදල ඒ පිලිබදව නියම විදිහට හදාරන්න. අන්තර්ජාලය තුලින් මුදල් ඉපයීම හිනයක්ව තිබු අපට එය සැබෑවක් කර දීමට අපේ රොෂාන් සර්ට හැකි වුණා. අන්තර්ජාලයත් සමග ළමයින්ව නියම ආකාරයට හසුරුවමින් , ළමයින් දැනුවත් හෝ නොදැනුවත්ව වැරදි මාර්ගවලට හැරෙන වාරයක් වාරයක් පාසා ඔවුන්ව නිවැරදි කරමින් අපට නිවැරදි ක්‍රම වලින් මුදල් උපයන ආකාරය කියල දුන්න.

    ඒ විතරක් නොව , අලුත් ක්‍රම වලට යොමු වන ආකාරය කියල දුන්න. සර් ලග තිබුණු කරුණාව ද නොකියම බැරි කරුණක්. අපිට ගැටළුවක් ඇතිවන හැම මොහොතකම සර් අපි ලග හිටිය. ඒ සදහා අපේ ෆෝරම් එක අපිට ලොකු උපකාරයක් වුණා. අපේ සතියක මුණ ගැසුන පන්තිය තුල හරිම විනෝදයෙන් අසාවෙන් තමයි ඉගෙන ගත්තේ , මොකද ඒ තුල අපට ඉගෙන ගන්න හැමදාම අලුත් දෙයක් තිබුන. සර් වෙලාවට සර්ගේ වැඩ කොටස කරලා ඉවර කරනවා. සර් ලොකු වගකීමකින් අපිත් එක්ක කටයුතු කළා.

    අවසාන වශයෙන් මම අපේ රොෂාන් සර් ටත් Future World IPS ආයතනයටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ සමාජ මෙහෙවරක් ඉටු කිරීම සම්බන්දයන් . ලංකාව පුරා නගර කීපයක් අන්තර්ජාලය හරහා එකමුතුවී සහෝදරත්වයෙන් හා විනෝදයෙන් මෙලෙස එකට ඉගනගත් පළමු අවස්ථාව වන මේ අත්දැකීම මගේ ජිවිතයට ගොඩක් වටිනවා.

    -හෂිනි දිනේෂිකා-

  81. ipsආයතනය මගින් පවත්වනලද පරිඝනක පාඨමාලාව ලංකාවේ පවතින සියළුම පරිඝනක පාඨමාලාවල් වලට වඩා වැදගත් වන්නේ එය ලංකාවේ ප්‍රථම අන්තර්ජාල අලෙවිකරණ පාඨමාලව වන නිසාය .අධ්‍යාපනයට එහා ගිය සමාජ සංවර්ධන මෙහෙයක් එහි ගුරුතුමාවන රොෂාන් සමරතුංග ගුරුතුමා විසින් ඉටුකරනු ලබයි .ඉතාමත් සුහදශීලි ඉගනුම් පරිසරයක් පවත්වා ගැනීමට එතුමා නිතරම කටයුතු කරන අතරම තම ඥානය කිසිදු අඩුපාඩුවකින් තොරව සිසුන් වෙත ලබා දීමට කටයුතු කරයි .එමෙන්ම අධ්‍යන කටයුතු සදහා අවශ්‍ය වන සියලුම පහසුකම් රොෂාන් සර්ගේ මැදිහත්වීම මත ආයතනය මගින් නොමිලේම සපයාදීමට කටයුතු සිදුකර ඇත .ඒ අනුව ips ආයතනය මගින් පවත්වන ලද මෙම අන්තර්ජාල අලෙවිකරණ පාඨමාලාව ලංකාවේ ප්‍රථම සහ හොදම අන්තර්ජාල අලෙවිකරණ පාඨමාලාව බව කීමට කැමතිය .

    තවද මෙවන් පාඨමාලාවකට සම්භන්ද වීමට අවස්ථාව සකසා දුන් ipsආයතනයට සහ රොෂාන් සමරතුංග ගුරුපියාණන්ට දහස් වාරයක් ස්තුතිවන්ත වෙමි .

    ඩිල්ෂාන් මධුරංග .

  82. මට සැහෙන කලෙක ඉදන් මාර උණක් තිබ්බ internet 1න් සල්ලි හොයන්න. මමත් මුලදී අහල තිබ්බේ data entry, add click කරන ඒවා ගැන විතරයි. A/l revision අන්තිම clz 1 තමයි මට රොෂාන් Sir ගෙ clz 1 ගැන දැනගන්න හම්බුනේ. ඉතින් කොහොමහරි A/l ඉවරවෙලා මම අන්තර්ජාල අලෙවිකරණ පාඨමාලවට සම්බන්ධ වුනා. අවන්කවම Sir ගේ ආකල්ප ගැන මට පැහැදීමක් ඇති වුනා. Sir අපිට ලංකාවේ මේ field 1 ගැන තියෙන වැරදි චිත්‍රය හරියාකාරව අපිට පැහැදිලි කරලා දුන්න.. ඇත්තටම කිව්වොත් උනන්දුව, උත්සාහය තියෙනවනම් වෙන ජොබ් 1ක් ඕනේ නැති තරමට අපිට මේ field 1න් උපයන්න පුළුවන්. Sir අපිට හැමදාම කියල දුන්නේ genuine techniques.. ලොකු ලොකු ගණන් අරගෙන කරන one day courses වගේ නෙවෙයි, ගොඩාක් දේවල් “නිවැරදි ක්‍රමේට” කියල දුන්න! ඇත්තටම Sir කරන්නේ ලොකු සමාජ මෙහෙවරක්. සල්ලි ගන්නවා තමයි. එත් අ ගන්න ගානට අසමසම දැනුමක් අපිට ලැබුන. course 1 ඉවර වෙනකොට course fee 1ත් ගොඩ දෙනෙක් උපයල. Clz 1 අතරේදී අපිට Sir දුන්න සමහර software වල වටිනාකම ගැන කියල වැඩක් නෑ.. ඉගෙනගත්තු දේවල් වලින් මම නම් ගොඩක් අස web දෙසිග්න් වලට. 1න ගොඩක් ඉදිරියට යන්න මම බලාපොරොත්තු වෙනවා.
    මෙවන් ඉතාමත් වටිනා පාඨමාලවක් අපහට තිළිණ කළ ආදරණීය රොශාන් සර්ටත්, අයි. පී. එස් ආයතනයටත් ස්තුති වන්ත වෙනව!!!

  83. සර්, ඉතා අනර්ග අන්තර්ජාල මුදල් පිළිබද පාඨමාලාවක් කිරීම සම්බන්දයෙන් මාගේ හදපිරි ස්තූතිය පුද කරන අතර අපි මෙපමණ කාලයක් අන්තර්ජාල මුදල් පිළිබද අසා තිබූ වැරදි මතය නිවැරදි කිරීම තුලින් අපට නව මාර්ගයක් පෙන්වාදී අපගේ අනාගතය ජයගැනීමට හේතු වන පාඨමාලාවක් බවට මෙය පත් වූ බව සතුටින් කියමි .

    ඉදිරියටද මෙම පාඨමාලාව තුලින් අපේ රටේ අනාගත පරම්පරාව ලෝකයට සාර්ථකව මුහුණ දීමට හැකි අයුරින් සුදානම් කිරීමට රොෂාන් සර්ට ශක්තිය දෛර්ය ලැබේවා.

    මෙවන් පාඨමාලවක් අපහට තිළිණ කළ රොෂාන් සර්ටත්, IPS ආයතනයටත් නැවත වරක් ස්තුති වන්ත වෙමි.

  84. මුලින්නම ස්තුති වෙනව රොෂාන් සමරතුංග සර්ට , සර් අපට ගොඩක් හොදට ඉගැන්නුවා .Internet marking course අපට අන්තර්ජාලය කොහමද නිවැරදිව භාවිතා කරන්නේ, මුදල් උපයන්නේ කොහමද කියලා ඉගෙන්නුවා . තනිවම domain name අරගෙන web side නිර්මාණය කරන විදිය කියලා දුන්නා . සර් අපට website අවශ්‍ය Hosting අපි සැමටම free ලබා දුන්නා , ඒකට සර්ට ගොඩක් ස්තුති කරනවා .

    තමන්ගේ website වලින් මුදල් උපයන විදිය ඉගෙන්නුවා .මීට අමතරව අන්තර්ජාලය තුල තිබෙන website වලින් මුදල් උපයන්න , භාණ්ඩ විකුණන්න ,මිලදී ගන්න ආකාරය,international payment කරන ආකාරය ඉගෙන්නුවා . e-mail marketing පිළිබදවත් ,අමතර තව බොහෝ දේවල් කියල දුන්නා .අප forum භාවිතා කිරීම මගින් සර්ගෙන් , යහළුවන්ගෙන් ප්‍රශ්න අහන්න ,උදව් ඉල්ලන්න පුළුවන් වීම මගින් තවත් දැනුම ලබාගැනීමට හැකි වුණා . සර් සමග course සම්බන්ද ඕනෙම ප්‍රශ්න අහගන්න පුළුවන්. සාමාන්‍ය මුදලකට ලොකු වටිනාකමකින් යූත් course කරන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටු වෙනවා .

    ඊලග Internet marking course සමග සම්බන්ද වෙන යට තවතවත් අන්තර්ජාලයෙන් මුදල් ක්‍රම ඉගෙනන ගැනීමට හැකි වෙවා සහ රොෂාන් සමරතුංග සර්ට තවත්සාර්ථකව ඉදිරියට කරගෙන යාමට හැකිවේවායි ප්‍රර්ථනා කරමි .

  85. Malith Heshantha says:

    ඉන්ටන්නෙට් කිවවහම අපි දන්නෙ ෆේස්බුක් යූ ටියුබ් විතරයි ඒවා අපිට නිකන් දෙවියො මවලා දීලා වගේ අපි පාවිච්චි කලාට මේවා කොහොම හදනවද මේ වෙබ් සයිට් හදන වැඩේ ඇතුලෙ කොච්චර දේවල් තියනවද කියල දැනගත්තෙ රොශාන් සමරතුංග සර් නිසා… මම ගොඩක් ගුරුවරු දැකලා තියනවා ඒත් රොශාන් සර් ගොඩාක් වෙනස්.. ගොඩක් අය තමන් ගාව තියන දෙයක් පෙන්නනෙ අනිත් අයට දෙන්නෙ ඒක මහා අමාරු දෙයක් ලොකූ දෙයක් වගේ පෙන්නලා.ඒත් සර් ෆොරම් එක බොහොම ලේසියෙන් සයිට් එකකට දන්න පුලුවන් මේක මම කරපු දෙයක් නෙවේ කීව දවසෙ මට තේරුනා සර් අනික් පුද්ගලයන්ට වඩා ගොඩක් වෙනස් කෙනෙක් කියල.. මම මේ CIM පාඨමාලාව කරන්න ඉන්න අයට කියන්නෙ බය නැතුව සර් ගාවට එන්න.. ඔයාලටත් ඉන්ටර්නෙට් ගැන විතරක් නෙවෙයි ජීවිතේ ගැනත් ඉගනගන්න ගොඩක් දේවල් තියනවා.

    අවසාන වශයෙන් කියන්න කැමතී රොශාන් සර් ඔයාට ගොඩාක් පින්. අපි ගොඩක් පින් කරලා තියනවා සර් ගෙන් ඉගනගන්න ලැබෙන්න..ජීවිතේ කවමදාක හරි මට ආයෙත් වතාවක් මේ විශය ගැන ඉගනගන්න ගුරුවරයෙක් තෝරගන්න කියල චාන්ස් එකක් ලැබුනොත් මම තෝරගන්නෙ රොශාන් සර් ව !

  86. ලංකාවේ පළමු වතාවට Internet Marketing කියන විෂය හදුන්වදීල අපිට අන්තර්ජාලය නිවැරදිව භාවිතා කරන හැටි, Forum එකක් භාවිත කරන ආකාරය, අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන ආකාරය ඉගැන්වීම ගැන මම සර් ට ස්තුති වන්ත වෙනවා. ශ්‍රිලංකාවේ අපි අන්තර්ජාලය ගැන දන්නා දේවල් වලට වඩා නොදන්නා දේවල් වැඩි කියල තේරුනේ රොෂාන් සර් ගෙ C.I.M පාඨමාලවට ආවට පස්සෙ. එතනදි වෙබ් අඩවියක් ප්‍රයෝගිකව නිර්මාණය කරන ආකාරය උගන්වන අතර Demo site එක හරහා ප්‍රයෝගික ක්‍රියාකාරකම් සිදුකරන නිසා ලබා ගන්නා දැනුම පොතට පමණක් සීමා වෙන්නේ නැ. එමනිසා මෙම දැනුම තවත් කණ්ඩායම් කිහිපයකට හෝ ලබාදීමට අපේ සර් ට හැකිවේවා කියල මම ප්‍රර්ථනා කරනවා.

  87. MOHAMED ASLAM MOHAMED RASEEF says:

    මෙම පටමාලාව ඉතා හොඳ පටමලාවකි.මෙය වටිනාකම කියල නිම කෙරන්න බැරි දෙයක්. එච්චර වටිනවා. රොෂාන් සමරතුංග සර් කියන්නේ ඉතාමත් හොඳ චරිතයක්. ඒ තරමට අපිත්තෙක්ක ෆ්රෙන්ලිව අපිට එගේන්නුවා. සර් මේ කෝස් එක මගින් අපට දීපු පහසුකම් මුදල් වලින් කියල නිම කරන්න බැරි තරම් වටිනවා. ෆෝරම්, සීඩී, හොස්ටින්ග් අකොඋන්ට්, ටිඋට්ස් මේ සියල්ල රුපියල් අටදාහක් අයකරන් කවදාවත් දෙන්න බැරි දෙයක්. මන් හිතන්නේ මේ වගේ කවුරුත් දෙන්නේ නැ, දීලත් නැ. රුපියල් අට දාහක් හොස්ටින්ග් අකොඋන්ට් එකටවත් මදි. ඒ ගැන අපි ips ආයතනයට ගොඩක් නය ගැති.

    ඒ වගේම මම යෝජනාවකුත් ips ආයතනයට කෙරන්න කැමති.
    මම මේ පටමලාවට බඳුනේ web designing කිරීමේ බලාපොරොත්තුවෙන්. හබඊ මට ඊට වඩා වැඩි දෙයක් ලැබුනා. web designing වලට වඩා වැඩි දෙයක් තියන බව දැන ගත්තේ class ආවට පස්සේ. ඒ කියන්නේ මේ කෝස් ඒක ගැන කෙරපු දැනුවත්කිරීම මදි කියන එකඊ. තව දුරටත් වැඩි දැනුවත් කිරීමක් කෙරොත් වැඩි පිරිසක් බන්දවෙගන්නේ පුළුවන්. ඒ වෙනුවෙන් hanbil ටිකක් ගහල බෙදුවනම් වැඩි පිරති චාරයක් බලාපොරොත්තු විය හැක.

  88. මන් මුලින්ම මේක අවස්ථාවක් කර ගන්නවා අපේ රොෂාන් සර්ට ස්තුති කරන්න…….
    සර්, උගන්වන විදියනම් කියල වැඩක් නෑ ඒ තරම් සුපිරියට සර් උගන්වනවා. සර් උගන්වන විදිය හොදට සිතට කා වදිනවා. ඇත්තම කිවොත් මන් මේ පන්තියට එනකොට ඉන්ටනෙට් ගැන දැනැගෙන ඉදිය දෙයයි දැන් දන්න දෙයි බලනකොට අහසි පොලවයි වගේ. අපි සාමාන්යෙන් හිතන් ඉන්න දේට වඩා ලොකු දේවල් කරන්න පුළුවන්. හරියට ඉගෙන ගතහොත් අපට ලොකු මූදලකුත් මේකෙන් සොයන්න පුළුවන්. ඉන්ටෙර්නෙට් ගැන නොදන්නා කෙනෙකුට පවා රොෂාන් සර් කියල දෙන විදියෙන් හොදට තේරුම් ගන්න පුළුවන්. රොෂාන් සර් වගේ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබෙන 1ත් ලොකු පිනක් වගේම ලොකු වාසනාවක් ………… මේ 2015 පන්තිය තමයි රොෂාන් ලංකාවේ කරන අන්තම පන්තිය පලමු කණ්ඩායමේ කෙනෙක් විදියට මන් විස්වාසවෙන් කියනවා මේ පන්තියට සහබාගි උනොත් අන්තර්ජාලය ගැන හොද අවබෝධයක් ලබා ගන්න පුළුවන් කියල. සර් ලංකාවේදී අන්තිම පන්තියට සහබාගි වෙලා ඉන්ටෙර්නෙට් 1ක ගැන හොද අවබෝදයක් ගන්න ලංකාවේ සියලු යාළුවන්ට මම ආරාදනා කරනවා.
    සර්ට ගොඩක් පින් අපට හොදට ඉගෙන්නුවට………….
    මාතර පන්තියේ ළමයෙක්………

  89. ඇත්තමයි සර්,අපි මේ course එක නිසා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.Internet marketing විතරක් නෙවෙයි ධනාත්මක චින්තනය පවා ඉගෙනගත්තේ සර්ගෙන්.ඒකට සර්ට ගොඩාක් පින්.මන් විතරක් නෙවෙයි අපි හැමෝම සර්ගෙන් ගොඩාක් දේ ඉගෙන ගත්තා.අපි ඇහුව හැම ප්‍රශ්නයකටම සර් කරදරයක් කියල නොහිතා හොඳම උත්තරය දුන්නා.සර් ගොඩාක් හොඳ ගුරුවරයෙක්.ඒක නිසයි ළමයි මේ තරම් සර්ට ආදරේ.පන්තිය තිබුණේ දවසට පැය 4ක් විතර වුණත් සර්ගේ හැම දවසකම පැය 24ම වෙන් උනේ අපි වෙනුවෙන්.ඉතින් සර්ගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා අපි හැමෝම වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා.

  90. A/L ඉවරවෙලා කරන්න දේවල් මොනතරම් තිබුනත් ඒවා සේරම එකම වගේ නීරස දේවල් වගේ පේන්න ගන්නවා. විශේෂයෙන්ම ගෙදරට එන ලියුම් කන්දරාව දැක්කම ඒ හැඟීම වැඩිවෙනව. ඒ ලියුම් ඔක්කොම එකතු කරල එක ගොඩකට ගැහුවනම් ගෙදර වහලෙ ළඟටම උස ඇති. ඒ වුනත් IPS ආයතනයෙන් කරන CIM course එක ගැන විස්ටර තියෙන ලියුම එනකන් බලාගෙන හිටියෙ ඒක මම ම මුලින් SMS කරල ගෙන්න ගත්ත එකක් නිසා.

    මේ courese එක අනිත් ඒවට වඩා වෙනස් එකක් කියල මට මුලින්ම හිතුනෙ දිමුත් සර් මම com. maths වලට ගිය දුෂ්‍යන්ත සර්ගෙ class එකට ඇවිත් කතා කලාට පස්සෙ. (මම මේකම අවස්ථාවක් කරගන්නනවා දිමුත් සර්ටත් ඒ වෙලාවෙදි අපිට උගන්නන්න තිබුන වෙලාව මිඩංගු කරල මේ course එකේ වටිනාකම ගැන අපිට තහවුරු කරල දුන්න දුෂ්‍යන්ත සර්ටත් ස්තුති කරන්න.) ඊට කලින් මේ ගැන hand bills වලින් දැනගෙන තිබුනට කිසි sure එකක් තිබුනෙ නෑ. සර් කරපු ඒ කතාව අහනකම් මම හිතන් හිටියෙ මේකත් ලොකුවට සද්දෙ දාගෙන කරපු සූටින් වැඩක් කියල. ඒත් දැන්නම් හිතෙනව මම ඒ විදියට කිසි දෙයක් නොදැන කලින්ම judgement එකක් දුන්න එක කොච්චර වැරදි ද කියල.

    ලොකු සමාගම් ගණනාවක සේවය කරන sir කෙනෙක් මේක කරන නිසා හොඳ ඇති කියල හිතාගෙන හියාට මෙච්චර පොඩි ගානකට ඒ වගේ කෙනෙක් උගන්නයිද කියලත් සැකයක් තිබුන. ඒත් දැන්නම් මට හිතෙන්නෙ ගෙවපු ගානට වඩා ගොඩක් දේවල් අපිට උගන්නපු/ලබාදීපු රොෂාන් සර්ටත් IPS එකටත් ණයයි වගේ. විෂයට අදාල දේවල් විතරක් නෙවෙයි අපේ ජීවිතයට ගොඩක් වැදගත් වෙන දේවල් ගොඩක් අපිට මේ class එකේදි ඉගෙනගන්න ලැබුන. Practical knowledge එක හදාගන්න අපිට නොමොලේ දීපු demo site එක, premium themes, software අඩංගු CD එකට ගිය ගාන අපි ගෙවපු ගාන වගේ 100 ගුණයක් විතර වැඩිබව දැන් මට හොදටම තේරෙන්නෙ ඒ දේවල් ගැන් හොඳ දැනුමක් පසුගිය මාස 4 පුරා රොෂාන් සර් කිසිම අඩුපාඩුවක් නැතුව කියල දීපු නිසා.

    මේ පාඨමාලාවට සහභාගීවුන පළමු කණ්ඩායමේ සාමාජිකයෙක් විදියට කියන්න කැමතියි, ගෙවන මුදලට උපරිම වටිනාකමක් ලබාදෙන – ඒ වගේම ගොඩක් ප්‍රයෝජනවත් කරුණු රාශියක් ඉගෙනගන්න පුලුවන් අවස්ථාවත් 2nd/3rd batches වල අයට උදාවෙලා තියෙනව කියලා.

    -O.M.G-
    2014 Batch – Nugegoda

    • A /L ඉවර වුන ගමන් ගෙදරට එන ලියුම් තොගේ ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ ?මටත් ආවා ලියුම් 60 ක් විතර. හැම එකක්ම නිකම් පැත්තකට දාලා තිබ්බේ .. මගේ යාළුවා call කරලා කිවූව නිකම් ඉන්න එකේ computer කොස් එකක් වත් කරමු කියල එයාගේ වුවමනාවට තම දවසේ ips එකේ පලවෙනි semina එකට ගියේ .. එකේදී දිමුත් sir කියපු දේවල් ඇහුවම නිකමට වගේ ඇවිත් බලමු කියලා මං කිවුවම අපි දෙන්න එක්කම පලවෙනි දවසේ semina එකට ආවා. sir කියල දීපු දේවල් මගේ හිතට ගොඩක් වැදුනා… දිගටම එන ඕනි කියල මට එදාම හිතුනා
      ඇත්තටම කියන ඕනි මේ corse එක 8000කට මිල කරන්න කොහොමට වත් බෑ … sir ළමයි මුදලක් අය නොකර කරපු මේ කර්තාව්‍ය ඇත්තටම අගය කරන්න ඕනි .ඒ වගේම මේ තරම් සුළු මුදලකට අපිට දීල තිබ්බ පහසුකම් එක්ක ගත්තම අනිවරෙන්ම ips ආයතනය ලාබ ලබන ආයතනයක් නෙමි කියලා corse එක කරපු අපි හැමෝම දන්නවා . රුපියල් 8000ක් වගේ සුළු මුදලක් අරගෙන අපිට වෙබ් hosting account දීල, ගොඩක්ම වටිනා premium themes, plugin දීලා අපිව හොද web disigners ලා කරන්න ips ආයතනය දරපු උත්සාහය අගය කොට සලකනවා , මං හිතන්නේ මොන ආයතනයක මේ corse එක කරත් මේ තරම් පහසුකම් දෙයි කියලා හිතන්න අමාරුයි , අපි වෙනුවෙන් ලොකු වියදමක් දරල තියනවා . ගත්තු මුදලට වඩා දෙයක් දීල තියනවා කියලා වගකීමෙන් කියන්න පුළුවන් . ඒ පිළිබද ips ආයතනයට මගේ විශේෂ ස්තුතිය පිරිනමනවා

      ඒ වගේම අපේ රොෂාන් සමරතුංග සර්ට ස්තුති කරන්නත් මං මේක අවස්ථාවක් කරගන්නවා . අපිට දීපු දැනුම නම් වෙන කොහෙන්වත් ලබාගන්න බෑ කියලයි මන් නම් හිතන්නේ .ඒ තරම් වටිනා දැනුමක් මිල කරන්න කොහොමට වත් බෑ . අපි වෙනුවෙන් අසනීප තියාගෙන අපි වෙනුවෙන් දුර බැහැර නගර වලට ඇවිත් අපිට දීපු දැනුම, අත්දැකීම් හරිම වටිනවා . අපිට දීපු උපදෙස් … !!! අපි එක්ක දැනුම වගේම sir ගේ අත්දැකීම් බෙදාගත්තට ගොඩක් ස්තුතියි සර් , සර් කාලයෙන් ප්‍රයෝජන අරන් වැඩ කරන හැටි දැක්කම අපි ඉබේටම සර්ගේ රටාවට හුරු වුනා .. අපිට හැමදාටම සර් ලොකු ආදර්ශයක් වුනා . මං පලවෙනි දවසේ ඉදන් අන්තිම දවස වෙනකම් දවසක වත් පන්ති cut නොකර ගියා .. මෙතෙක් කාලෙකට අසාවෙන් ඉගන ගනිපු එකම class එක කියලා ආඩම්බරෙන් කියන්න කැමතියි … සර් අපි වෙනුවෙන් කරපු හැම දේටම අනෙක වාරයක් ස්තුතියි .

  91. මුලින්ම කියන්න ඔන රොශාන් සර් තමයි මගෙ ජිවිතෙටම හම්බඋන හොදම සර්. අපෙ ජිවිත වලට ලොකු වෙනසක් කරා සර්. අපි හිතන පතන විදිය සෙරම වෙනස් කරා සර්. එ වගෙමයි පන්තියෙ කියල දෙන හැම දෙයක්ම සුපිරියටම තෙරුනා..සර්ටත් ips ආයතනයටත් ගොඩාක් ස්තුතියි….. අපි වගෙ තවත් දස දහසක් ලමයින්ගෙ දැස් පාදන්න සර්ට ශක්තිය ලැබෙන්න කියල මම ප්‍රාර්තනා කරනව….

  92. මුලින්ම Future World IPS ආයතනයට ස්තූති වන්න ඕන. මොකද රොෂාන් සමරතුංග නම් ගුරුවරයා අපහට හඳුන්වාදීම ගැන. Internet Marketing Course එක ගැන කියන්න කලින් sir ගැන අනිවාර්යයෙන්ම කියන්න ඕන. ජීවිතයේ පලවෙනි වතාවට තමයි මේ වගේ ගුරුවරයෙක් මුණ ගැහුනේ. ඉතාමත් නිහතමානියි, අපහට විෂය කරුණු හොදින් අවබෝධ කරගැනීමට පහසු වන ආකාරයට සියලුම දේ ඉගැන්නුවා.

    මා රොෂාන් sir ගේ ක්ලාස් එකට ආවට පස්සේ තමයි තේරුනේ අන්තර්ජාලය තුලින් නිවැරදිව මුදල් ඉපැයීමක් කරන්නේ කොහොමද කියලා. sir හැම වෙලේම කිව්වේ අලුත් විදියට හිතන්න කියල. මේ පාඨමාලාව ලංකාවේ අංක එක කියල විශ්වාසයෙන් කියන්න පුළුවන්. මමත් සාක්ෂිදරනවා මේ පාඨමාලාවෙන් 100% ක් සාර්ථකව ප්‍රතිපල ගන්න පුළුවන් කියලා.

    ips ආයතනයෙන් පවත්වන මෙම පාඨමාලාව ඉතාමත් සහනදායි මුදලකට පැවැත්වීම ගැන මම ips ආයතනයට ඉතාමත් ස්තූති වන්ත වෙනවා. තවද අපහට විෂය කරුණු ආදිය පිලිබඳව සාකච්චා කිරීමට සකසා ඇති forum අඩවිය නිසා අපහට කිසිදු ගැටළුවක් පැන නැගුනත් අපගේ පාඨමාලාව හැදෑරු මිතුරන්ගෙන්ද අදහස් විමසා කටයුතු කිරීමට හැකියාව ඇත.

    දැන් මෙය මාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වී හමාරය.

    ips ආයතනයට ඉදිරියටත් මේවාගේ සිසුන්ට අත්වැලක් වීමට හැකිවේවායි මම හදවතින්ම සුභ පතනවා.
    අවසාන වශයෙනුත් ips ආයතනය සහ රොෂාන් sirට ඉතාමත් ස්තූතිවන්තවෙනවා.

    විමුක්ති ගුරුගේ
    (ගාල්ල පංතිය වෙනුවෙන්)

  93. Shenal Gawampathi says:

    මම මේ පන්තිය ගැන දැන ගත්තේ චරිත දිසානායක සර්ගෙ පන්තියේදී. මීට කලින් O/L කරලා ඉවර වෙලා (***This words deleted by IPSguru Admin****) එකේ එක දවසේ පන්තියට ගිහිල්ලා චාටර් වෙලා හිටියේ. ඒකට දාපු සල්ලි අපරාදේ. පරණ ණයක් ගෙවන්න ඇති කියලා හිත හදා ගත්තා. එයාලා 1 දවසට 5000 ක් ගන්නවා. පොඩි tute එකක් දෙනවා. මෙලෝ රහක් නැහැ. මේ ක්ලාස් එකේ මාස 4 ටම 8000 යි. Hosting account එකකුත් නොමිලේ දෙනවා. Web Design නුත් කරනවා. Tute කොච්චර දෙනවද? පලවෙනි මාසේ ඉගෙන ගත්ත ටිකම මට ඇති.

    මේ පන්තියට අවෙත් තවත් පරණ ණයක්ද කියලා හිතාගෙන. පළවෙනි දවස නොමිලේ නිසා නිකන් ‎බලලා යන්න ආවා. සර් ඉස්සෙල්ලම ඇවිත් කථා කරන්න පටන් ගත්තම මට සර් ගැන එච්චර පැහැදීමක් තිබ්බේ නැහැ. එභෙත් සර්ගේ පට්ට කථාව ඇහුවට පස්සේ නම් අදහස වෙනස් වුනා. ඇත්තටම මගේ හිත ඇදිලා ගියා සර් කියපු දේවල් වලට. එදා ආපසු ගියේ මේ පන්තියට දිගටම එනවා කියලා හිතා ගෙන.

    එදා ඉදලා එක දවසක්වත් වරද්දන්නේ නැතිව පන්ති ආවා. අඟහරුවාදා වෙනකම් ‎‎බලන් ඉන්නේ පුදුම කැමැත්තකින්. මගේ ජීවිතයේ හරිම ආසාවෙන් ආපු එකම පන්තිය තමයි මේක.

    සර් නම් කියන්න ‎බ‎ැරි තරම් හැකියාවන් තියෙන හරිම අවංක කෙනෙක් කියලයි දැන් මට හිතෙන්නේ. සර්ලා වගේ තවත් අය හිටිය නම් අපේ රට කොච්චර දියුණු වේවිද?

    සර් හැම වේලේම කියන්නේ නීති ගරුකව වැඩ කරන්න කියලනේ. දැන් ඒක මගේ හිතට හොඳටම කාවැදිලා. ඉක්මනට සල්ලි හොයන්න නෙමෙයි, නියම ක‍්‍රමයට ටිකක් කල් ගිහිල්ලා හරි ලොකු ආදායමක් හොයන්නයි දැන් මගේ ට‍්‍රයි එක.

    සර් කියලා දෙන දේවල් දැක්කම පිස්සු හැදෙනවා. අපි දන්නේ මොනවද කියලා හිතෙනවා. සර් ඒවා ඔප්පු කරලත් පෙන්වන නිසා බාෙරු නෙමෙයි කියලා අවබාධ වෙනවා. අනික සර් උගන්වන ක‍්‍රමේත් පට්ටම පට්ට. මම හරිම ආසයි ඒ ක‍්‍රමයට.

    ඇත්තම කියනවා නම් මේ පාඨමාලාවට වියදම් කලාට වඩා වැඩි මුදලක් දැනටමත් මම උපයලා ඉවරයි. මේ වෙද්දි මම ඩොලර් 480 හා Mobile App Creation වලින් ලංකාවෙන් රු:1345 කුත් උපයලා තියෙනවා.

    ඇත්තටම IPS එකේ මේ කෝස් එකට රු :50.000 ක් ගෙවුවත් පාඩු නැහැ. ඒ තරම්ම වටිනවා. හැ‎‎බැයි අපෙන් ගත්තේ රු :8000ක් විතරයි. හරිම සාධාරණ ගනනක්.

    2014 අගෝස්තු වි‏භාගෙට ලියලා ගෙදර ඉන්න කම්මැලිකමට ආපු මේ පාඨමාලාව නිසා මගේ ජීවිතය වෙනස් වුනා කිවුවොත් හරි.

    ජීවිතයේ පළවෙනි වතාවට කීයක් හරි හොයා ගත්තේ මේ පන්තිය නිසා. හැ‎‎බැයි මම මුලින්ම හම්‎‎බ කළේ රුපියල් නෙමෙයි ඩොලර්. ඒ්කයි විශේෂත්වය.

    මම මේ පන්තිය ගැන දැනගත්තේ A/L Chemistry කරන චරිත දිසානායක සර්ගෙන්. මම චරිත සර්ටත් ස්තූතිවන්ත වෙනවා මේ වගේ වටිනා පාඨමාලා පිළි‎බඳව අපිව දැනුවත් කළාට.

    මගේ ජීවිතයේ කම්මැලිකමක් නැතිව හරිම ආශාවෙන් ගිය එකම පන්තිය තමයි රොෂාන් සර්ගේ පන්තිය. පන්තිය ඉවර වෙලා ඊළඟ දවස වෙනකම් ඉන්නේ පුදුම අමාරුවකින්. මම විතරක් නෙමෙයි අපේ පන්තියේ හැම දෙනාම එභෙමයි. ඒ තරම්ම රසවත් පන්තියක්.

    රොෂාන් සර්ටත් IPS ආයතනයටත් මම ස්තූති වෙනවා මේ පාඨමාලාව පැවැත්වීම ගැන.

    කියන්න කිසිම වරදක් නැති, අති විශිෂ්ඨ පරිගණක පන්තිය හා නිහතමානීම ගුරුවරයා ඉන්නේ මේ පන්තියේ. ළමයි වෙනුවෙන් රොෂාන් සර්ගේ කැපවීම අති විශිෂ්ඨයි.

    මම ෂෙනාල් ගවම්පති
    නුගේගොඩ සැසිප් පන්තිය
    ශිෂ්‍ය අංකය CL1912

  94. Yasith Silva says:

    රොෂාන් sir, මට හම්බවෙච්ච හොඳම sirලාගෙන් එක්කෙනෙක්. Sir මගේ ජීවිතේ විතරක් නෙවෙයි අපි හැමොගේම ජීවිත වෙනස් කරපු කෙනෙක් කිව්වොත් නිවැරදියි. Sir ලඟට එන්න කලින් මම ගොඩක් ට්‍රයි කරා ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න. ඇත්තටම ලොකු ගානක් හොයාගන්න බැරි උනා.

    නමුත් scam නොවන websites තෝරාගෙන සල්ලි ටිකෙන් ටික ලොකු ගණන් හොයන්න කියල දීපු එකම sir අපේ රොෂාන් sir විතරමයි. Website එකක් ගැන හීනෙකින්වත් හිතපු නැති මම අද සම්පුර්ණයෙන් website හදන්න දන්නවා. නිවාඩු පාඩුවේ සල්ලි හොයන ගමන් job එකක් උනත් කරන්න පුළුවන් විදිහ මෙකයි. මන් sir කෙනෙක් recommend කරනවානම් මෙන්න අපේ sir ඉන්නවා.

    කියන්න දේවල් ගොඩක් තියෙනවා. එත් කියල නිම කරන්න බෑ. කෙටියෙන් කිව්වොත් මේක තමයි ලංකාවේ හොදම හොඳම හොඳම Internet Marketing class එක.

  95. ඇත්තටම මේ පාඨමාලාව ගොඩක් හොදයි.. මම කවදාවත් හිතුවේ නෑ සර් අපිට මෙහෙම උදව් කරලා උගන්නයි කියලා.. IPS ආයතනයත් ගොඩක් අපිට උදව් කළා. ඇත්තටම රොෂාන් සර් ගොඩක් හොද මහත්මයෙක්. සර් කවදාවත් අපිට බැනලා නෑ. අපිට විතරක් නෙමෙයි, කාටවත් බනින්නේ නෑ. අපේ වැරදි අඩුපාඩු අපිට ආදරෙන් පෙන්නලා දුන්නා.. සර් අපිට සර්ගේ ළමයින්ට වගේ ආදරෙන් ඉගැන්නුවා..

    මම internet marketing ගැන දැනගෙන හිටියෙම නෑ. මම මේ පාටමාලවට ආවේ internet ගැන දැනගන්න.. එත් මම ඊට වැඩ ගොඩාක් දේවල් දැනගත්ත.. මට අනාගතේ කරන්න පුළුවන් දේවල් මම දැනගත්ත.. ඇත්තටම මට ජීවිතේ ගැන බලාපොරොත්තුවක් ලැබුන.. සර් අපේ ආකල්ප වෙනස් කලා. ධනාත්මක විදියට හිතන්න පුරුදු කළා.. සර් අපිට කිසි දෙයක් “අමාරුයි” කියලා කිව්වේ නෑ.. කොච්චර අමාරු දෙයක් උනත් “මේක ගොඩාක් ලෙසියි” කියලා අපේ ඔලුවට වැඩ කරන්න ආසාවක් ඇති කරා.. එක මගේ මුළු ජීවිතේටම වැදගත් වෙනවා…

    මම කවදාවත් හිතුවේ නෑ මාව මේකෙන් වෙනස් වෙයි කියලා.. ඇත්තටම සර්ගේ අත්දැකීම් වලින් අපි ගොඩක් දේවල් ඉගෙනගත්ත.. සර් අපිට හරි වැරැද්ද හරියට කියලා දුන්න.. internet එකේ කරන්න ඕන දේවල් මොනවද, එපා දේවල් මොනවද කියලා පැහැදිලිව පෙන්නලා දුන්න.. ඇත්තටම මගේ මතය නම්, සර්ගෙන් ඉගෙන ගන්න පින් කරලා තියෙන්න ඕනේ.. ඇත්තටම මට සතුටුයි මම එකට පිං කරලා තියෙන එක ගැන..

  96. ඇත්තටම මේක ලොකු වැරැද්දක් මම තමා ඉස්සල්ලම මේකට අදහස දාන්න තිබ්බේ.මොකද අපේ ගුරුතුමා හින්ද වැඩියෙන්ම සාර්ථක වුන අයගෙන් එක්කෙනෙක්.මට වැඩ ගොඩක හිර වෙලා හිටපු නිසයි අදහසක් දානන බැරි වුනේ.එකට මට අපේ සර් සමාව දෙයි කියල මම හිතනවා.

    ඇත්තටම මේක තමයි කෙනෙක්ගේ turning point එක කියන්නේ.මම ඉස්සර හිතන් හීටියේ campus නොගියොත් ඒ ජීවිතේ විනාසයි වැඩක් නැ කියල.මම මේ වැඩමුළුව ගැන අහම්බෙන් තමා දැනගත්තේ. එහෙම දැනගන්න හම්බුනේ නැත්තන් මම අද ඉන්න තත්වය ගොඩක් වෙනස් වෙන්න තිබ්බ.මම සාර්ථක නොවෙන්න තිබ්බ.මම වෙන තැනක සේවකයෙක් වෙන්න තිබ්බ.එත් මගේ turning poin එක.දැන් මම හිතන පතන විදිහ වෙනස් කරේ අපේ සර්.මේ වැඩමුළුව හින්ද මම උපයගත්තු ගාන ඇත්තම කිව්වොත් ලක්ෂෙකට වැඩි දැනටමත්.තාම පටන් ගත්ත විතරයි.මමයි මගේ යාළුවොයි එකතු වෙලා පොඩියට වැඩක් පටන් ගන්නත් plain කරන ඉන්නවා. ඒ ඔක්කොටෝම හේතුව මේ ips වැඩමුලුව තමයි.මේ පන්තියේ ඉන්න sir අනිත් යට වඩා මිත්‍රශීලි ඒ නිසා ලේසියෙන් ඕන ගැටලුවක් කතාකරල විසඳගන්න අපිට ලේසි.මමං විස්වාස කරනවා හැමදේම වෙන්නේ අපේ හොඳට. ඔයාල අලුතෙන් මේ ips class එකට එන්න හිතන් ඉන්න අයනම් හිතන්න මේ තම ඔයාලගේ turning point එක.ඔය ඔයල්වම විස්වාස කරන්න.මේ පන්තියේ උගන්නන්නේ අන්තර්ජාලය ගෙන විතරක් නෙවෙඉ කියන දේ ඔයාලටත් තේරෙයි.

    Mama
    Chamara hcd
    Gampaha

  97. Oshadhi Charuka says:

    මුලින්ම මම අපේ රොෂාන් සර්ට මගේ ස්තුතිය පුදකරනවා කරනවා.. ඇත්තටම අපේ ඡිවත වලට නව දෙයක් සොයා දුන්නේ අපේ සර් විතරයි..මෙි පාඪමාලාව තුලින් අපි බොහෝ දේ ඉගෙන ගත්තා එ සමගම විෂය කරැනු විතරක් නොව භාහිර දේද අප ඉගේන ගත්තා. අපට හැම ප්‍රශ්නයකදි සර් අපි ලගම හිටියා හැම ක්‍රමයක්ම කිසිම පැකිලිමකින් තොරව අපට කියා දුන්නා එ වගේම මම මගේ හදින්ම අපේ සර්ටත් ipsඅායතනයටත් හදින්ම සුබ පතනවා ඉදිරියට මෙිවගේ තවත් බෝහෝ දේ කරගෙන යාමට..

  98. මුලින්ම මෙච්චර වටිනා course 1 පහසු මිලට ලබා දුන් රොශාන් සර්ට සහ අයි.පී.එස් ආයතනයට ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.මම ඉස්සර අන්තර්ජාලය භාවිතා කරේ විනෝදෙට වගේ.ඒත් C.I.M. clz එකට අවට පස්සේ තමයි අන්තර්ජාලය නිවරදිව භවිත කරන්න ඉගෙන ගත්තේ..අන්තර්ජාලය තුළින් මුදල් උපයන සැඟවුණ රහස්වලින් තොරව අපට කියල දුන්න.විශය කරුණු පමණක් නොව බාහිර දේද අපි සර්ගෙන් ඉගනගත්ත..ජිවිතේ ඉස්සරහ සැලසුම් කරන විදිය ඉගෙන ගත්තෙත් සර්ගෙන් තමයි
    මෙම පාඨමාලාව හරහා ලැබුනු ඔන්ලයින් ෆෝරම් එක ඉතාමත් අගය කළ යුත්තකි.එකෙන් ලැබුන දැනුමත් විශාලයි.. පහසුවෙන් web site සාදන විදිය හා එවායින් වැදගත් ව්දියට මුදල් හොයන්නත් නිවරදීව කියල දුන්නා…
    කෙටියෙන්ම කිවුවොත් internet marketing නම් IPS ආයතනය සමගින් රොෂාන් sir තමයි…
    ගුරු පියාණෙනි ඔබට මගේ හෘර්ද්‍යාංගම ස්තූතිය අප වෙනුවෙන් කල කැපවීම වෙනුවෙන්….!

  99. Yureshi Kaushalya says:

    පරිගණකයක් ගැන කිසිම දෙයක් නොදැන හිටපු මන් වගේ ගොඩක් දුර ඉදන් ආව දුප්පත් අයට මේ තාක්ෂණය ගැන කියල දීලා
    අපිව මේ අලුත් ලෝකයට ගෙනාවට අපේ රොෂාන් සර්ට ගොඩක් පින්.ඒ වගේම ips ආයතනයටත් ගොඩක් පින්.ගුරුවරුන් මේ දක්වා කොච්චර හම්බුනත් මගේ ජීවිතේ දැකපු හොදම ගුරු පියා අපේ රොෂාන් සර්.අපේ සර්ගේ මේ කෝස් එකේ මුල්ම ගෝලයෝ ටික වෙන්ඩ අපි ගොඩක් පින් කරලා තියෙනවා.අපිට හදුන්වලා දීපු ෆෝරම් එකෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා.එකේ වටිනාකම කියන්ඩ බැරිතරන්.අපේ සර්ට අවංක ගුරු දැනුමෙන් ඉදිරියටත් ගොඩක් දේවල් කරන්ඩ ලැබෙන්ඩ කියලා මන් ප්‍රාර්ථනා කරනවා.නැවතත් කියන්නේ අපේ සර්ටත් ips ආයතනයටත් ගොඩක් ස්තුති.ඔබ කල සේවය කියන්ඩ වචන නැ සර්.
    මං නුවර පන්තියේ යුරේෂි.

  100. Ravindu Fernando says:

    ඇත්තටම මම මේ පාඨමාලාව හදාරන්න ලැබීම ගැන ගොඩක් සතු‍ටු වෙනවා. මොකද අපි නොදන්න ගොඩක් දේවල්, ඒ වගේම කරන්න අමාරුයි කියලා හිතාගෙන හිටපු දේවල් සරලව කරන හැටි සර් අපිට හොඳට කියලා දුන්නා.

    ඇත්තටම සර් හරිම නිහතමානීයි. තමන් දන්න දේවල් ගුරු මුෂ්ටියකින් තොරව හැමෝටම කියලා දෙනවා. ඒ වගේම forum එකත් අපිට ලොකු උපකාරයක් වුණා, නොදන්නා දේවල් ගැන දැනගැනීමටත්, අනෙක් නගරවල මෙම පාඨමාලාවේ සිසුන් සමග සම්බන්ධ වීමටත්.

    හැම දිනකම යම් අලුත්, වැදගත් දෙයක් දැනගැනීමට හැකිවන නිසා පාඨමාලාවට සහභාගිවූ හැම දවසක්ම උනන්දුවෙන් හා ආසාවෙන් සම්බන්ධ වුණා. එක දවසකවත් මග හැරීමට අකමැති වුණා. ඇත්තටම මෙම පාඨමාලාව අගනා සේවාවක් ලෙස හඳුන්වන්න පුළුවන්.

    එසේම අපට මෙම දැනුම ලබා දුන් රොෂාන් සර්ටත්, එයට සහය වූ Future World IPS ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලයටත් මම ස්තුතිවන්ත වෙනවා.

    තවදුරටත් සිසු දරු දැරියන්ගේ දැනුම වර්ධනය කරමින් තොරතුරු තාක්ෂණ දැනුමෙන් ඔවුන් සන්නද්ධ කර ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම ස්ථානයකට ගෙන ඒමට පුරෝගාමී වීමට රොෂාන් සර්ටත්, IPS ආයතනයටත් හැකිවේවා! යි මම ප්‍රාර්ථනා කරනවා.

    රවිඳු ,
    ගාල්ල

  101. maneesha thathsarani says:

    අපි internet marketing කියල හිතාගෙන හිටියෙ internet එකෙන් සල්ලි හොයන විදිහ කියල අපි ඇත්තටම internet marketing කියන වචනේ තේරුම දැනගත්තෙත් රොෂාන් සර්ගෙන්.සර් අපිට ජිවිතේ ගැනත් ගොඩාක් දේවල් කියල දුන්නා.මම හිතන විදියට මේ course එකට යන්න ලැබුනේ අපේ වාසනාවකට.මුදල් ගැන හිතල I.P.S ආයතනය කවදාවත් අපිව මග අතරමං කලේ නෑ.අපේ මුදල් අපහසුතා අපි කිව්වම අපිට ඒවටත් සහන සලසලා දුන්නා.මුදල් පස්සේ යන අධ්‍යාපන ආයතන වැඩිපුරම පිරුණු මේ රටේ I.P.S ආයතනය අපි වගේ අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන්ට කරන මේ සේවාවට ඇත්තටම ස්තුතිවන්ත වියයුතුයි.ඒ වගේම අපේ රොෂාන් සර් අපිට බින්දුවේ ඉදගෙන ඉහලට යන විදිහ කියල දුන්නා.සර්ටත් I .P .S ආයතනයටත් මගේ ස්තුතිය පුදකර සිටිනවා.ඒ වගේම ගොඩක් පින්

    මම,
    මනීෂා තත්සරණි – ගම්පහ

  102. ඇත්තටම කියනවා නම් මාරම පන්තියක්.අපේ රොෂාන් සිර්ට පින් සිද්ද වෙන්න දැන් අපට ඕනෑම වෙබ් පිටුවකට ගිහින් එකේ තියන දේවල් වලට අනුකුලව ඕනෑම දෙයක් කරන්න පුලවන් .
    ඇත්තටම ඉන්ටෙර්නෙට් විතරක් නෙවෙ අපි computer එක අල්ල්නත් බයෙන් හිටියේ ඒ දෙය සිර්ට පින් සිද්ද වෙන්න් අපේ හිතින් නැති උන ඇත්තටම මම කියන්නේ අපි මෙහෙම කියනවට වඩා ඔයාලම ගිහින් ඒ අත්දැකීම අරගෙන බලන්න.
    මම නැවතත් මතක් කරනවා අපේ ආදරණීය රොෂාන් සිර්ටත් ,අපට් උපකාර කල I .P .S ආයතනයටත්

  103. මම මුලින්ම කණගාටු වෙනව මේ අවස්ථාව ලබා ගැනීමට මම කාලය ගැනීම පිළිබඳව. පාසල් ජීවිතය හැරුණු කොට මම ගතකරපු වටිනාම හා ඵලදායීම මස 04 ගතකලේ අපේ Roshan සර්ගෙ පන්තියේ. මෙම කාලයේදී උපරිම ප්‍රතිඵල ලබාගත් ශිෂයෙක් හැටියට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනව අපේ ආදරණිය ගුරුතුමාට. ඇත්තටම ටියුෂන් ගුරුවරයෙකුට එහා දෙයක් සර් අපිට ලබාදුන්නා! සර්ගේ සහ IPS ආයතනයේ මේ සිව් මාසික පාඨමාලවේ සාර්ථකත්වයට සාක්ෂි දරන්නෙක් වන මම, මෙම මාස 4ක කාලයේදී ලද දෙයින් $442 ඉපයීමට මාස 2කකුත් දින දහයක් තුලදී මට හැකිවිය. මේ වනවිටත් දිනෙන් දින මගේ $ එකතුව වැඩි වෙමින් පවතී. මහනුවර ආයතනයේ සිසුන් අතරින් වැඩිම මුදලක් ඉපයූ සිසුවා වෙමින් Roshan සර් අපෙන් බලාපොරොත්තුවන උපරිමය මා විසින් ලබා දී ඇති බව මාගේ විශ්වාසයයි. එලෙසෙම මෙම පාඨමාලාවෙන් ලැබෙන සුළු දැනුමක් පමණක් යොදාගෙන මෙම ඉපයීම් කර ඇති අතර තවද සර් කියාදුන් බොහෝ දේ අත්හද බලිමටද තිබේ.
    ඉතින් ම මෙකි සියලු කාරුණු මත අපගේ පාඨමාලාවේ සාර්ථකත්වය මනාව පැහැදිලිවේ. ඉතින් අවසාන වශයෙන් Roshan ගුරුතුමාට ස්තුති වන්ත වෙමින්, ආදරණිය ගුරුතුමාටත් IPS ආයතනයටත්, ඔබ සියලු දෙනාගේ ඉදිරි ගමනට හදවතින්ම සුභපතමි. එසේම Roshan සර්ගේ සෞඛ්‍ය තත්ත්වය හැකිතාක් ඉක්මනින් ඉතාමත් යහපත් අතට පත්වේවායි ප්‍රර්ථනා කරමි.
    Isuru Pushpamal Dasanayaka, Polonnaruwa
    (KANDY CLASS)

  104. Sahani Raveena says:

    අපේ යාලුවෝ කියල තියන විදියටම මේක අපිට ලැබුණු ගොඩක් වටිනා, දුර්ලබ,නියම විදියෙ Internet Marketing course එකක්.සමහර course වල වගේ සල්ලි බලාගෙන කරපු course එකක් නෙව යි. ඒ ගැන ඕන තරම් කරුණු තියනවා කියන්න.
    ලංකාවේ ගොඩක් අය හිතන් ඉන්නේ Internet Marketing කියන්නේ Internet එකෙන් සල්ලි හොයනවා කියල. නැ ඇත්තටම ඊට වඩා ගොඩක් ලොකු දෙයක් ඒක ඇතුලේ තියනවා. Internet Marketing කියන්නේ ඒ තරම් සරල දෙයක් වුනානම් මිනිස්සු සේරම ඒකම කරයිනෙ. අපි හිතන තරම් ඉක්මනට සල්ලි හොයන්න පුළුවන් නම් ඒ Internet Marketing නම් නෙවේ. මේ ගැන අපි නොදන්නා ගොඩක් කරුණු කියල දීල අපේ sir අපිට Internet Marketing කියන්නේ මොකද්ද කියල හරියටම අපිට පෙන්නුවා. ඇත්තටම කියුවා නෙවේ කරලා පෙන්නුවා. ඒ නිසා මුදලට වඩා මේ course එක කොට්චර වටිනවද කියල මන් තවත් කියන්න ඕන නෑ. දුකින් වුනත් කියන්න ඕන ලංකාවේ කියන දේවල් කරන පිරිස හරිම අඩුයි. එත් අපිට sir ව විශ්වාසයි. එයා කියපු දේ කලා. අපිටත් ඒක ඉගැන්නුවා. sir ගේ ගෝලයෝ වීම ආඩම්බරයක්. ඒ නිසා මේ course එක දුර්ලබ එකක්.
    අපි ඇහුවත් sir කවදාවත් හොර වංචා ක්‍රම අපිට කියල දුන්නේ නෑ. sir ගේ ආදර්ශය අපේ හිත් වෙනස් කලා. දැන් අපි ලේසි පාරවල් හොයන්නේ නෑ. කරන වැඩේ හරියට කරනවා. ඒ නිසයි මේ course එක නියම විදියෙ එකක් වෙන්නේ.
    මේ දේවල් කියන්න මට Internet Marketing ගැන ලොකු දැනුමක් නෑ. එත් දන ගන්න ඕන දේවල් sir අපිට කියල දුන්නා. sir තාමත් අපි එක්ක ඉන්නවා course එක ඉවරයි කියල sir අපිව අත්හැරිය නෑ.
    මේ දේවල් හරියටම දැනගන්න නම් කරලම බලන්න වෙනවා.
    අපිට උගන්වපු අපේ රොෂාන් sir ටත් IPS ආයතනය ටත් ගොඩක් ස්තූති වන්ත වෙනවා.
    ස්තුතියි.

  105. Chalani Janesha says:

    මුලින් ම මම ගොඩක් සතුටු වෙනවා CIM පාඨමාලාව හදාරන්න ඕනෙ කියල මම ගත්ත තීරණය සම්බන්ධයෙන්. මොකද මේ මාස හතරට මේ පාඨමාලාවෙන් මම ලබා ගත්තු දැනුම, අත්දැකීම් ප්‍රමාණය විශාලයි. රොෂාන් සර්ගෙන් අපි ගොඩක් දේවල් ගැන ඉගෙන ගත්තා. තවමත් අපි online Forum එකෙන් සර්ගෙන් දේවල් ඉගෙනගනිමින් පවතිනවා. සර් හැමදාම අපිට කියල දුන්නෙ සාධාරණ ව, වැදගත් විදිහට, සාර්ථක ව මුදල් උපයන මාර්ග ගැන විතරයි. ලංකාවෙ මිනිස්සු බහුතරයක් කරන වංචා නිසා ලංකාවෙ නම කැත වෙලා තියෙන කාලෙක සාධාරණ විදිහට internet භාවිත කරන විදිහ ගැන අපිට සර් කියල දුන්නා. ඒ වගේම මේක ප්‍රයෝගික පාඨමාලාවක්. සර් අපිට ලබා දුන්නු ප්‍රතිලාභ අපි තවමත් භුක්ති විදිනවා. online Forum එක, අපිට web site එකක් හදන්න පුරුදු වෙන්න නොමිලේ දීල තියෙන Demo web site එක, අවුරුද්දක් පුරා නොමිලේ ලබා දෙන Hosting පැකේජය, සහ අනෙකුත් සියලුම දේට රොෂාන් හා IPS ආයතනයට ගොඩක් ස්තුතිවන්ත වෙනව. ඒ වගේ ම තමන්ගෙම කියල web site එකක් පහසුවෙන් හදා ගන්න, Mobile Apps හදන හැටි දැනගන්න, ජීවිතය සාර්ථක කරගන්න මේ පාඨමාලාව අපිට ගොඩක් වැදගත් වුණා. මේ හැමදේට ම රොෂාන් සර්ටත්, IPS ආයතනයටත්, මේ අවස්ථාව ලබා දුන් සියලු දෙනාටත් හද පිරි ස්තූතිය පිරිනමනවා. අපිට මේ හැමදේ ම කියල දුන්නු දායබර ගුරුතුමනි,(රොෂාන් සර්) සර්ගෙ අනාගත සැලසුම් ඒ ආකාරයෙන් ම සාර්ථක වෙන්න කියල හදවතින් ම ප්‍රර්ථනා කරනවා.

  106. ආදායම මදිද? මාසයකට ලක්ෂයක් උපයන්න පුළුවන් – Internet Marketing – දවසේ වැඩමුළුවට රු.5000/= කියලා අඟල් 2*2 කොටු ads, හරි හරියට පත්තරේ පළවෙනවා. අපේ අහිංසක මිනිසුන්ගේ පොකට් එකට විදින ගරිල්ලා මාර්කටින් කලාවක් – Internet Marketing කියාගෙන රට පුරා බොරුවක් කරන බුද්ධිමත් වංචනිකයන් පිරිසක් ඉන්නවා කියලා, Internet Marketing field එකට යොමුවෙන්න හිතන නවකයන්ට මුලින්ම කියන්න ඕන.

    IPS ආයතනයේ CIM course එක හදාරපු හැමෝගෙම ජීවිත හරි සුන්දර විදියට වෙනස් කරන්න අපේ රොෂාන් සර්ට පුළුවන් වුනා කියලා අපි හැමෝම දන්නවා. මේ course එකට අපෙන් අය කළේ පුංචි මුදලක්. ඒ මුදලට වඩා වටින ගොඩාක් දේවල් සර් අපිට දුන්නා. සර්… මේ course එකේ වටිනාකම කියලා නිම කරන්න බැරි බව අපි දන්නවා. මම නම් සර්, course එක අවසාන වෙන්නත් කලින් මම වියදම් කළ මුදලට වඩා මුදලක් උපයාගත්තා.

    රොෂාන් සර් තමයි මට හමුවුනු හොඳම ගුරුතුමා. සර් අපිට විෂය කරුණු විතරක් නෙමෙයි, ජීවිතය ගැනත් කියලා දුන්නා. අපිට අළුතෙන් දෙයක් කරන්න කියලා අදහස් දුන්නා. අපිට class එකේ වෙලාව යනවා දැනුනේ නෑ… අපි හරි ආසාවෙන් class ආවෙ. සර්ගේ මුල්ම ගෝලයෝ විදියට, සර් අපෙන් බලාපොරොත්තු වෙන දේ… අපි ඉටුකරනවා සර්… තව තවත් ළමයින් දස දහස් ගණනකගේ සිහිනයන්… යතාර්ථයක් කරන්නට… සර්ට හැකිවේවා… ඒ වගේම, අපේ සිහින… සිහිනයක් නොවන්නට… එය යතාර්ථයක් කරගන්නට මග පෙන්වු සර්ට ගොඩාක් පිං … සර්ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්නට ශක්තිය, ධෛර්යය ලැබේවායි මම ප්‍රර්ථනා කරනවා…

    ආදරණීය රොෂාන් සර්ටත්, දිමුත් සර්ටත්, IPS ආයතනයේ කාර්ය මණ්ඩලයේ සියළු දෙනාටමත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.
    මම,
    සජිත් ඉෂාර ද සිල්වා.
    මාතර පන්තිය.
    MT 1055

  107. සර් මේ අපිට කරන CIM course එකට කොහොමටවත් මිලක් නියම කරන්න බෑ ..මොකද අපි internet marketing විතරක් නෙවේ ජිවිතේ ගැන ගොඩක් දේ සර් අපිට කියල දුන්නා .මම නම් හිතන්නේ මට මේ course එකට සහභාගී වෙන්න හැකි වුනේ පෙර පිනකට.ඇත්තම කිව්වොත් සර් වගේ සැබෑ ගුරුවරු අතිශය දුර්ලභයි .මම කියන්නේ මේ field එකට ආසා ඕන කෙනෙක් එක දවසක් ඇවිත් බලන්න අපේ course එකට .ඔබට සැබෑ වෙනස තේරේවී .සර් ආරම්භ කරපු forum එක නිසා මට එකම field එකට interest ගොඩක් යාලුවෝ හම්බුනා .සර් අපිට සහයෝගෙන් වැඩ කරන්න කියල දුන්නා .මගේ ජිවිතේ මට කවදාවත් අමතක කරන්න බැරි ගොඩක් දේ මට මේ course එකෙන් ලැබුණා .IPS ආයතනයට මෙන්ම අපේ ගුරු පියාණන් වන රොෂාන් සර් ට මේ හැමදේටම මගේ හදපිරි ස්තුතිය පුද කරමි.

  108. Iresh Kosala Bandara Ranathunga says:

    ඇත්තම කියනවනම් මේ පන්තියට එන්න කලින් හීනෙකින්වත් හිතුවේ න අපිට මේ වගේ දේවල් කරන්න පුළුවන් වෙයි කියල . අපේ රොෂාන් sir අපිට උගන්නපු දේවල් වල වටිනාකම කොච්චරද කියනවනම් මේ පන්තියට වියදම් කරපු මුදල් ඉන්ටෙර්නෙට් එකෙන් මස 4ක් ට කලින් ම හොයාගන්න මට පුළුවන් උනා . sir අපිට වෙනම website එකක් හදල එකේ අපිට එකක් හදන්න පුරුදු වෙන්න හැම පහසුකමක්ම දුන්න . අපිට ඕනේ කරන හැමදේම අපිට මේ විෂය සම්බන්දෙන් ඕනෙම වෙලාවක දැනුවත් වෙන්න පහසුකම් අපිට තියෙනවා .. sir ගේ විශේෂත්වය තම අපිට හැමදේම නීතිගරුකව අවංකව කරන්න හොද මාර්ගෝපදේශයන් දෙනවා. මන් හිතන්නේ මගේ ජිවිතේ මන් අසවෙන්ම ඉගෙන ගත්ත විෂය උන මේක. මොකද අපිට අමාරු දේවල් කියල දේවල් න. හේතුව අපිට ඕනෙම දෙකදී sir උදුවට ඉන්නවා … අවසාන වශයෙන් රොෂාන් sir ටත්, ඉප්ස් ආයතනයටත් ස්තුති වන්ත වෙනවා .අපිට මේ වගේ අවස්ථාවක් ලබාදුන්නට .
    රොෂාන් සමරතුංග sir , ට විශේෂයෙන් නය ගති මේ තරම් අපි වෙනුවෙන් කරපු දේවල් වලට.

  109. Chamil Madushanka says:

    ඇත්තටම මම මුලින්ම එද්දි හිතුවෙ මේකත් තවත් එක Cource එකක් විතරක් වෙය් කියල . එත් අපේ වයසේ අයට ගැලපෙන විදිහට හැමදෙයක්ම ලස්සනට ගොඩක් හොදට හරි විදිහට උගන්නලා සල්ලි හම්බ කරන නියම ක්‍රම ගැන කියල දුන්න ගොඩක් හොද නියම class එකක් .ඒ ගැන මම රොෂාන් sir ට ගොඩාක්ම ගොඩක් ස්තුති කරනවා.Thank You Very Much Sir.
    ඒ වගේම IPS ආයතනයටත් ගොඩක් ස්තුතිය්.
    සර් නිසා අපිට job එකක් නැති උනත්, කරන ගමන් උනත් සල්ලි හොයන විදි ගැන දැනගන්න පුළුවන් උනා.web site හදන විදිහ ගැන කිසිම කිසි දෙයක් දන් නැතුව හිටපු අපිට ඒ ගැන හෝඩියේ ඉදන්ම කියල දුන්න. ඒ විතරක් නෙමෙය් අපේ ජීවිතේට වටින ගොඩක් හොද දේවලූත් ඉගෙන ගත්තා
    ආයෙත් සැරයක් කියන්නේ Thank You Very Much Sir.

  110. පළමුවෙන්ම මම අපේ රොෂාන් සර්ට ස්තුතිය පුද කර සිටිනවා,.මම අන්තර්ජාල අලෙවිකරණ පාධ්මාලාව හදාරන්න එදදී මම දැනගෙන හිටියේ අන්තර්ජාලයේ සැරිසරන්න විතරයි ..එත් මම පාධ්මාලාව මගින් අන්තර්ජාලයෙන් සාර්තක ලෙස මුදල් ඉපැයීම ක්‍රම මම ඉගෙන ගත්තා.සාර්ථක කිව්වේ මම ඉතා ඉතා නිවැරදිව නිත්යානුකුලව මුදල් ඉපැයීම ක්‍රමයයි .අනිත් කාරණය තමයි දැන් මට තනියම වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ රොෂාන් සර් නිසා..ඔහු වගේ උතුම් ගුරුවරයෙක් ලැබීම මගේ ජීවිතයේ ලබපු ලොකු පිනක් හැටියටයි මම හිතන්නේ..මම ඉදිරියට කොච්චර ලොකු තැනකට අවත්, ඒ ආවේ රොෂාන් සර් හින්දා..මන් එක කවදාවත් අමතක කරන්නේ නැ …..බොහොම ස්තූතියි සර්. ඒ වගේම රොෂාන් සර්ගේ අනෙකුත් වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල මම මගේ හදවතින්ම සුබ පතනවා!

    මම
    මුබාරක් ෂියාඩ්
    මහනුවර පන්තිය

  111. ඇත්තටම මන් මුලින්ම මේ පාඨමාලාව ගැන කිව්වහම වැඩිය දැනගෙන හිටියෙ නෑ . ඒත මට ලොකු ආසාවක් ආව මේ ගැන ඉගෙන ගන්න ඕන කියලා .. මන් ඒ හින්දා මේ පාඨමාලාව කරන්න හිතුවා . ඇත්තටම මන් ගත්ත තීරණය 100% ක් ම නිවැරදියි කියල දැන් මට හිතෙනවා .. මොකද මේ පාඨමාලාව නිසා දැන් මන් ඉන්ටර්නෙට් 1 ගැන ගොඩක් දේ දන්නවා. ඇත්තටම මන් මුලින් දැනගෙන හිටියේ නෑ ඉන්ටර්නෙට් එකෙන් මුදල් උපයන්න පුළුවන් කියලා … ඇත්තටම දැන් අපි ගොඩක් දේවල් දන්නවා ඉන්ටර්නෙට් ගැන. මොකද අපිට හරි දේ නියම විදියට කියල දෙන්න ගොඩක් හොඳ සර් කෙනෙක් හිටියා…අද අපි මුදල් උපයනවා දැන් මේ පාඨමාලාවෙන් දැන ගත්ත දේවල් වලින්…
    අපි ගොඩක් ස්තුති වන්ත වෙනවා ips ආයතනයට ගෙවපු මුදලට වඩා වටින දැනුමක් අපිට ලබා දෙන්න හොඳ සර් කෙනෙක් සමඟ කටයුතු කිරීම ගැන.. අපේ රොෂාන් සර් ගැන කියන්න වචන නෑ ..ඒ තරම් හොඳ සර් කෙනෙක්..අපි ගොඩක් වාසන්වන්තයි රොෂාන් සර් වගේ කෙනෙක් ගෙන් ඉගෙන ගන්න ලැබීම ගැන..හැමදේම අපිට තේරෙන විදියට කියල දුන්නා. හරිම නිහතමානි සර් කෙනෙක්…..
    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ හරි දේ නියම විදියට ඉගෙන ගන්න එන්න අපේ මේ course 1ට..කවදාවත් වරදින් නෑ මේ course 1න් … අපේ රොෂාන් සර් ඇතුළු ips ආයතනයට මන් හදවතින් ම සුභ පතනවා… බුදු සරණයි……
    මන් වාසනා..
    ( Galle clz )

  112. රොෂාන් සර් , IPS ආයතනය හා එක්ව කල ඉන්ටනෙට් මාර්කටින් පාටමාලාව වෙනුවෙන් මම පළමුව ස්තති වෙමි.මෙම පාටමාලාවට සහභාගි වීමෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම අන්තර්ජාලය පිලිබදව නොදන්නා බොහෝ දේවල් ඉගෙන ගත්තා. මෙම පාටමාලාවට සහභාගිවීමට පෙර මම අන්තර්ජාලය පරිශීලනය පිලිබදව වැඩි දැනුමක් තිබුනේ නැත. එහෙත් දැන් මට අන්තර්ජාලය පිලිබදව හොද අවබෝදයක් ඇති බව විශ්වාසය. එයට උදව් කලේ රොෂාන් සර්, එයට මගේ ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් ගනිමි.එමෙන්ම වෙබ් අඩවි සැකසිම, අන්තර්ජාලයෙන් මුදල් ඉපයිම, නිසි ආකාරයෙන් කරන ආකාරය පිලිබදව රොෂාන් සර් අපට මනා දැනුමක් ලබා දුනි. මේ ආකාරයට අප වැනි අයට ඉතා වටිනා පාටමාලා තව තවත් පැවැත්වීමට හැකියව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

  113. ඇත්තටම සර් මමත් මේ Course 1ට එන්න කලින් ඉන්ටර්නෙට් මාර්කටින් කියන්නේ adds click කියල තමයි හිතාගෙන හිටියේ. ඒක මම විතරක් නෙවෙයි ලංකාවේ ගොඩක් අය හිතාගෙන ඉන්නෙත් එහෙම තමයි. අපි එක්ක මේ ක්ෂේත්‍රය ගැන කතා කරන අය මේ course 1 මම කරනවා කියලා කිව්වමත් ඇහුවේ adds click ද කියලා. ඒ තරමටම ලංකාවේ අයගේ ඔළු වලට මේ ගැන තියෙන්නේ වැරදි ආකල්පයක්.

    ඒ නිසා අපේ රෝෂාන් සර්ට වගේම IPS ආයතනයටත් ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන අපිට හරි මාර්ගය කියල දෙන්න ඉදිරිපත් වුණාට.ඇත්තටම සර් මේක ලංකාවේ ළමයින්ට කරන ලොකු උදව්වක්..

    මගේ ජීවිතේ මට මුණගැහුණු හොදම ගුරුවරයා වගේම හොඳම class 1 තමයි මේක..ඒවගේම ලංකාව පුරාම ඉන්න අපේ IPS යාලුවෝ එක්ක අපිට දැනුම බෙදාගන්න අවස්‌ථාවක් විවර කරලා දුන්නා.ඒක අපේ ජීවිතේ අලුත් අත්දැකීමක් වුණා.නිකරුණේ තේරුමක් නැතිව internet පාවිච්චි කල අපිට ඒ හරහා කරන්න පුළුවන් වැදගත් දේවල් ගැන අවබෝධයක් ලබාදුන්නේ සර්.

    මම මගේ හදවතින්ම අපේ class 1ට වගේම සර්ටත් ගරු කරනවා.සර් අපිට ඉදිරියට යන්න ගොඩාක් මාර්ග කියලා දුන්නා..අපිට හරි මාර්ගය කියලා දුන්නේ අපේ සර්..ලංකාවේ බොරුකාරයෝ Internet marketing lable ගහගෙන මිනිස්සු රවට්ටනවා.ඒ නිසා මේ වගේ class එකකට එන්නත් ගොඩාක් අය බයයි.

    ඒත් අපිට ගොඩාක් වගකීමෙන් කියන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් money හොයන්න පුළුවන් කියලා.ඒ දැනුම අපිට ලබාදුන්නු සර්ට ගොඩාක් පින්.

    IPS ආයතනයට වගේම අපේ සර්ටත් සියලු කටයුතු සාර්ථක කරගන්න හදවතින්ම සුභ පතනවා…!!!

    මම මල්ෂා දිලාංගනී – MT 1092
    මාතර පන්තිය

  114. ඇත්තටම මේ internet මාර්කටින් පන්තිය අපි මස 4 ක් ඉන්ටෙර්නෙට් එක ගැන දන ගත්ත කරුනුත් එක්ක අපි මෙච්චර කල් ඉන්ටෙර්නෙට් එක ගැන දැනගෙන හිටියේ මොනවද කියල හිටුනා.
    සර් අපිට මුල ඉදල හැමදේම සරලව කියල දුන්නා …
    සර් අවංකව මුදල් සෙවීමේ අරමුණකින් මේ CLASS එක කලේ නැ. සර්ට ඕනේ උනේ දක්ෂ “INTERNET MARKETER’S ලා ටිකක්‌ බිහි කරන්ඩයි.
    අද ලංකාවේ “INTERNET MONEY” ගැන කොතරම් පාඨමාලා තිබුනත් මේ තරම් අංග සම්පුර්ණ
    “INTERNET MARKETING” පාඨමාලාවක් කොහෙවත් නැ එක ස්ටිරයි…
    සර්ට ගොඩක් පිං
    සර් තවත් අපි වගේ ලමයි දසදහසකගේ ඇස් පාදන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි හදවතින්ම පතම්…

  115. Buddhika Pathirage says:

    ලංකාවේ කොච්චරනම් සිසුන් ඉන්නවද Internet marketing සහ Web design ඉගෙන ගන්න ආසාවෙන්. රොශාන් සර් වගේ සර් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ලැබීම අපේ වාසනවක්. මුදල් සෙවීමේ පරමර්ථයෙන් බැහැරව, අවංකවම කතා කරන තමන්ගේ හිතට එකගව අපිට ඉගැන්නු සංකීර්ණ කරුණු සරලව පැහැදිලි කරමින්, අවශ්‍ය තැන සරල නිදසුන් මගින් පැහැදිලි කර Web design යන්නෙහි තේරුමවත් නොදන්න මා ඇතුලුව සමහරෙක්ට මේ විශය පිලිබද මනා දැනුමක් ලබාදෙමින් නරක වැරදි දෙයින් මුදවා නිවරදි මාවතේ නිවැරදි ගමනක යන්න අඩිතාලම දමා දුන් සර්ට ගොඩක් පිං. ලංකාවේ යන නාමයෙන් සිටිනා වූ ජාවාරම්කරුවන්ට හසු වෙන්න යන සිසුන් මුදවා ගැනීමට සර් ගන්නා වෑයම විස්තර කල නොහැකි තරම්ය. දිගටම මෙම කර්තව්‍ය කරගෙන යනවනම් අහිංසක සිසුන්ට ලොකු සෙතක් වෙනු නොඅනුමානය. ගුරු පියාණෙනි ඔබට මගේ හෘර්ද්‍යාංගම ස්තූතිය………

  116. අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම පිලිබදව පුහු මත පතුරුවන මේ වකවානුව තුල, අපේ මුදල් වලට විදින්න බලා සිටින එක් දින ටියුෂන් කඩ කාරයන්ගේ උගුල් වලට අසු වීම වලකාලමින් සිදු වූ රොෂාන් ගුරුතුමාගේ ආගමනය.. අප පෙර පිනකටමය. හම්බන්තොට සිට මාතර ආවේ යම් කිසි චකිතයකිනි. නමුත් එය මගහරවාලමින් ඒ පලවෙනි දවසේම මගෙ සිතට සතුටක් දෑනුනි. ඉන් පසු එයින් මාගේ ජීවිතය වෙනස් වන්නට විය.

    කෙලින්ම කිව්වොත් මම ඩෙබිට් කාර්ඩ් එකෙන් අන්තර්ජාලය එක්ක මුදල් ගනුදෙනුවක් කලේ ජීවිතයේ පළවෙනි වතාවටය. ඒ රොෂාන් සර් නිසාය.
    ෆොරම් එක ගෑන කියුවොත්.. ගොඩක් ප්‍රයොජනයක් ගත්තා… යාලුවන්ට බොහොම ස්තූතියි.. නුවර,කොළඹ,ගම්පහ,ගාල්ල, මාතර අපේ පන්තියටත්… හෑමදාම අපි එකත ඉමු…..

    **සර් ඔබට බොහොම පින්.. ඔබගේ කාලය අපතේ හෑරියා නොවේ! විශාල පිනක් රෑස් කර ගෑනීමක් ය.
    ඊළග කන්ඩායමටත් අපි වගේම පිරිසක් බිහිකිරීමට වරම් ලෑබේවා..
    ….ජය වේවා….
    මම තනුෂ්ක නිපුන් හේවාවිතාරණ..
    මාතර පන්තිය.MT1076
    හම්බන්තොට සිට…..

  117. මම පළමුව අපේ රොෂාන් සර්ට ස්තුතිවන්ත වෙනවා අපට මෙම පාඨමාලාව සාර්ථකව ඉගැන්වීම සම්බන්ධව. ඒ වාගේම IPS ආයතනයටත් ස්තුති වන්ත වෙනවා අපට මෙම පාඨමාලාව සහනදායී මුදළකට ලබාදීම පිළිබදව.මොකද අපි මෙම පාඨමාලාව වෙනත් ආයතනයකින් කළානම් විශාල මුදලක් වියදම් කරන්න වෙනවා.

    අපගේ රොෂාන් සර් තමන් දන්න දේ හරියටම කියලා දුන්න නියම ගුරුවරයෙක් හැටියට මම දකිනවා. නියම ගුරුවරයෙක්ගේ ස්වරූපය එයයි. සර් අපිට ගොඩක් දේ කියල දුන්නා. සර් නිතරම කියන්නේ සර්ට කරන එකම යුතුකම නම් අපි සාධාරණ විදියට මුදල් උපයමින් දියුණු වීමයි. අප විසින් කළ යුත්තේද එයයි.

    මම සර්ට ගරු කරන තවත් කාරණයක් නම් අපේ සර් අපි වෙනුවෙන් ලොකු කැප කිරීමක් කළා.මොකද සර් නිවාඩුවට ආවත් ඒ නිවාඩු කාලය වැයකළේ ඵලදායී දෙයකට. ඒ සර් දන්නා දෙය අපටත් කියදී අපටත් නිවැරදි මාවතක් පෙන්වා දීමටය. ඔහු රැයක් දවාලක් නැතිව ඇතැම් විට ආහාරද නොගෙන අපට මාවත පෙන්නුවා.

    ඉතින් දයාබර සොයුරු සොයුරියනි දැන් අපිට යායුතු ඉලක්කයක් ඇත. පැහැදිලි මාවතක් අපගේ සර් අපට හෙළිපෙහෙළි කර දී ඇත. ඉතින් අපගේ දියුණුවේ ගමන යා යුත්තේ අපිමය. ඉතින් මේ යන ගමනේ වැරදි කර කුමටද? අපි අපේ සර්ට කරන ගරු කිරීමක් වශයෙන් මේ ගමන හරි විදියට යමු. අපිට නිවැරදි මාවත විවර වේවි

    අනෙක් සොයුරු සොයුරියන්ටද මෙම පාඨමාළාව අනුමත කරමි.

    සර්ට අනෙක් පන්ති වලට මෙන්ම ඉදිරි ජීවිතයටද සුබ පතමි.

    මම MT 1029
    චමල් ලක්ෂිත.
    මාතර පන්තිය වෙනුවෙන්

  118. Preshani Gamage says:

    ඇත්තටම මුලින්ම අපේ රොෂාන් සර් ටත් ,ips ආයතනයටත්, ගව්රවනීය ස්තුතිය පුද කර සිටිනවා. මම මේ පාටමාලාවට එනකොට පරිගණක දැනුම 0 මට්ටමේ තිබුනේ. එත් ආපු මුල් දවසෙම සර් උගන්නපු විදිය නිසා මේ විෂය ක්ෂේත්‍රය ඉගනගන්න ආසාවක් ඇතිවුණා. දැනුම අඩු උනත් සර් පොඩි තැන් වල ඉදල පටන් ගත්ත නිසා මට ඉගනගන්න පහසු වුනා. ඒ වගේම සමහර දේවල් අපිටම සොයාගෙන ඉගනගන්න දීපු ක්‍රමයත් ගොඩක් සාර්ථක වුණා.ඒකෙන් අපිට ගොඩක් දේවල් ඉගනගන්න පුළුවන් වුණා.එහෙම අපිට පුරුදු වෙන්න සර් සහ ips ආයතනය ලබා දුන්න පහසුකම් නිසා අන්තර්ජාල අලෙවිකරණයට අදුනික අලෙවිකරුවෙක් ලෙස එකතු වුනු අපිට ලොකු පුහුණුවක් ලබා ගන්න පුළුවන් වුණා.ඒ වගේම අපිට මේ පටමාලාවෙන් ලබා දුන්න දේවල් වලින් forum එක අපිට ගොඩක් වටිනවා. ඇත්තටම එකෙන් අපිට ගොඩක් දේවල් ඉගනගන්න අවස්ථාව ලැබුන.forum 1 දැනුම බෙදන තෝතැන්නක්. සර් සහ දැනුම තියන යාළුවො forum 1 ඇතුලෙ ලොකු සේවාවක් කරනවා. සර් ගැන කියනවනම් , සර් වගේ ගුරුවරයෙක්ගෙ ගුණ වර්ණනා කරන්න වචන නෑ.සර් සැබෑ ගුරුවරයෙක්, සැබෑ මනුස්සයෙක්. මේ පාටමාලාවෙ අගය මිල කරන්න බෑ. මේ පාටමාලාව අපිට ලබා දුන්න සර්ටත් , ips ආයතනයටත් නැවත ස්තුතිය පුද කර සිටිනව. මෙවැනි පාටමාලා තව තවත් කර ශ්‍රී ලාංකික තරුණ පරපුරට දැනුම බෙදාදීමට ශක්තිය තවත් ලැබෙන්න කියල සර්ටත් , ips ආයතනයටත් සුබ පතනවා. ඒ වගේම සර්ට ප්‍රීතිමත් , නිරෝගී ජීවිතයක් ගතකිරීමට හැකි වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

  119. මුලින්ම මං මේ ඉන්ටනෙට් මර්කෙටින්ග් පාටමාලාව අපිට ලබා දුන් රොශාන් සර්ට සහ අයි.පී.එස් ආයතනයට ස්තුති වන්ත වෙනවා …

    මං මුලින් මේකට එනකොට හිතන් හිටියේ ඉන්ටනෙට් මර්කෙටින් කියන්නේ ad click කරන එකට කියලයි … නමුත් අපිට රොෂාන් සර් තමා හරියටම අපිට ඉන්ටෙර්නෙට් මාර්කටින් කියන්නේ මොකක්ද කියල පෙන්නලා දුන්නේ……. වෙනදා ඉන්ටනෙට් එකේ නිකන් කලේ කාපු අපිට අපි කවදාවත් හිතපු නැති තරම් ඉන්ටෙනෙට් එක හරහා marketing අවස්ථා ගොඩාක් පෙන්නලා දුන්නා…
    ඒ වගේම අපිට ඉලක්කයක් පෙන්නලා දුන්නා….

    CIM පටන් ගත්ත දවසේ ඉදන් අපි කවදාවත් course එකෙන් දුරස් උනේ නැ ….
    forum එක නිසා සර් මාස 4ම ලගින් ඉදල පාඩම් කියල දුන්න හා සමානයි.. අපිට එන හැම ප්‍රශ්නයක්ම forum එක හරහා සර්ගෙන් යාලුවන්ගෙන් පිළිතුරක් ලබාගත්තා… ඒ වගේම අපි නොදන්නා දේවල් , කරුණු ගොඩක් යාලුවෝ අතරේ හුවමාරු උනා….

    ඒ වගේම මේ coruse එකට සර් ලොකු කැපකිරීමක් කළා කියල අපි කව්රුත් දන්වා..
    සර්ට ගොඩාක් ස්තුතියි… අපිට මේ ලබා දුන්න දැනුමට , අවවාද වලට , කැපකිරීම වලට හා හැම දේකටම … ගොඩක් පිං …

    නැවත වරක්, මෙවන් ඉතාමත් වටිනා පාඨමාලවක් අපහට තිළිණ කළ ආදරණීය රොශාන් සර්ටත්, IPS ආයතනයටත් , දිමුත් සර් ටත් ස්තුති වන්ත වෙනවා…
    සර්ට හැමදාම ජිවිතේ සතුටින් , සාමදානයෙන් ගෙවන්න ලැබේවායි මං ප්‍රර්ථනා කරනවා….

    බුදුසරණයි.!!

    මං
    මාතර ක්ලාස් එකේන්
    ඕෂිත ( OsHiThA )

  120. හිතට එකගවම කියුවොත් අන්තර්ජාල කියන්නේ තොරතුරු සොයන්න,ලබාගන්න විතරක් පුලුවන් තැනක් කියලයි හිතුවේ. අන්තර්ජාලයෙන් මුදල් සෙවිය හැකිබව දන සිටියත් එය ඉතා අපහසු කාර්යක් ලෙසයි සිතන් සිටියේ. නමුත් IPS ආයතනය මගින් රොෂාන් සමරතුංග සර් මෙහෙයවන CIM පාටමාලාව ගැන දැනගෙන මෙම පාටමාලවට නොයන්න අන්තර්ජාලයෙන් මුදල් සෙවීම සිහිනයක් වන්නටම තිබුණි. නමුත් එම සිහිනය සහ තමන්ගේම කියා වෙබ්අඩවියක් තමන්ම සැකස ගැනීමේ සිහිනය සිහිනයක් නොවන යථාර්තයක් කිරීමට අපේ රොෂාන් සර් අපහට පාර කියා දුන්නා.
    ෆෝරම් 1ක් මගින් ගන්න පුලුවන් ප්‍රයෝජන ඇත්තටම දැනගත්තේ අපේ පටමලාවේ ගැටළු නිරාකරණයට සග දැනුම බෙදා ගැනීමේ පාරාදීසයක් යු ipsguru ෆෝරම් 1ක නිසා බව අපේ හදවත් තුල ලැගුම් ගත් කාරණාවක්.
    මගේ ජිවිතයේ දුටු විවුර්ත හදවතක් ඇති ළමුන්ගේ පටමාලාව සම්බන්ද ගැටළු වලදී වෙලාව කලාව නොබලා උපදෙස් දෙන ගුරු පියක් ලෙස රොෂාන් සර් මම දකිනවා. ඒවගේම අපේ අවසන් නොවන මෙම පටමලාව සහ මෙලෙස තවත් දැනුම බොහෝ දැනුම සොයා යන අපිවගේ දරු දැරියන්හට ලබාදීමට රොෂාන් සමරතුංග ගුරුතුමනි ඔබතුමාටත් IPS ආයතනයටත් හැකියාව ශක්තිය ලැබේවායි ! හ්හ්දවතින්ම පතමි.

  121. මුලින්ම මම අපේ රොශාන් සමරතුංග සර්ට මාගේ ස්තුතිය පුදකරනව.
    ඇත්තටම මගේ ජේවිතයේ මට හම්බුනු හොදම සිර් තමයි රොශාන් සර්. මෙමෙ පාඨමාලාව තුලින් අපි හමෝම බොහෝ දේ ඉගෙනගත්ත. විශය කරුණු පමණක් නොව බාහිර දේද අපි සර්ගෙන් ඉගනගත්ත. අපිට ඕනෑම ප්‍රශ්නයකදී සර් ඕනෑම වෙලාවක අපිත් සමග සිටියා.
    ඇත්තටම මෙම පාඨමාලව කිරිමට පෙර මම කවදාවත් හිතුවේ නැ පැයක් වැනි කාලයක් තුල අපිටත් වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පුලුවන් වේවි කියා. නමුත් රොශාන් සර්ගේ මගපෙන්වීම නිසා මට දැන් ඉතා කෙටිකාලයක් තුල වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ හැකියාව තියනවා.
    සර් අපිට මේ පාඨමාලව තුලින් වෙබ් අඩ්වි නිර්මාණය කිරීම පමනක් නොව අන්තර්ජාලයෙන් මුදල් උපයන සෑම ක්‍රමයක්ම කිසිම පැකිලීමකින් තොරව කියා දුන්නා.
    ඇත්තටම ips ආයතනය මගින් මෙවැනි පාඨමාලාවක් ආරම්භ කිරීම ගැන මම බොහෝ සේ සතුටුවෙනව එ වගේම ස්තුතිවන්ත වෙන්ව.
    අපේ රොශාන් සර්ට දිගින් දිගටම මෙම පාඨමාලව කරගෙන යාමට සහ අනෙකුත් සියලුම වැඩ කටයුතු හොදින් කරගෙන යාමව හැකිවේව යි කියා මම හදවතින්ම පතනව.

  122. සත්තකින්ම…..

    සිවු මාසික අන්තර්ජාල අලෙවිකරණ පාඨමාලාව නිසා 2015 වසර ජීවිතය අළුතෙන් පටන් ගන්න මට පුළුවන් වුණා. අන්තර්ජාල අලෙවිකරණය පිළිබඳ ආසාවක් තිබුණත් ඒ පිළිබඳ දැනුමක් මට තිබුණෙ නෑ.කියල දෙන්න කෙනෙක් හිටියෙත් නෑ.වාසනාවට ips ආයතනය විසින් පවත්වන සිවු මාසික අන්තර්ජාල අලෙවිකරණ පාඨමාලාවට එන්න ලැබුණා.ඒ පන්තිය දි අන්තර්ජාලය තුළින් මුදල් උපයන නියම විදිය සැඟවුණ රහස්වලින් තොරව අපට කියල දුන්න.ඒ වගේම ජීවිතයත් කියල දුන්නා.හරිම ආසාවෙන් පන්ති තියෙන හැම දවසකම වෙලාවට පන්තියට ගියා.අලුත් පාඩමක් පටන් ගන්න කොට පුදුම සතුට දැනෙන්නෙ.ඒ පන්තිය මෙහෙය වූ ආදරණීය රොෂාන් සමරතුංග ගුරුතුමාගේ ඉගැන්වීම් විලාසය බෙහෙවින් සිත්ගත් එකක් වුණා.

    ඒ වගේමයි ෆෝරම් එක.ගොඩක් දේ ඉගෙන ගත්තෙ ඉගෙන ගන්නෙ ෆෝරම් එකෙන්.ෆෝරම් එකේ අගය නම් කියන්න බැරි තරම්.කෙටියෙන් කිව්වොතින් අවශ්‍ය ඕන වෙලාවකදි අවශ්‍ය ඕන දෙයක් දැනගන්න හොදම තැන.

    ලංකාවෙ දැනට පවත්වල තියෙන සිවු මාසික අන්තර්ජාල අලෙවිකරණ පාඨමාලාවන් අතරින්
    පළමු දේශනය සිදු කලේ මාතර පන්තියෙ අපිට වීම විශේෂත්වයක්.

    මම….
    දිනේෂ්

  123. අවන්කවම, ඇත්තටම අපි හිතුවට වඩා වෙඩි දෙයක් මේ පාථමාලවෙන් අපට ලැබුණා,රොෂාන් සමරතුංග කියන්නේ හරිම හොඳ නිහතමානී අවංක ගුරුවරයෙක්,මේ වගේ ගුරුවරයෙක් 2015 පස්සේ අයෙ වෙන කාටවත් හම්බෙන්නේ නැහැ.ඒ ගැන හිතෙන කොට එක අතකට අපි වාසනාවන්ත කියල හිතෙනවා.මෙම පාටමාලාව හොඳ පටමාලාවක්..මෙම පටමාලාව මගින් ලැබුන ෆෝරමය ඇත්තටම ගොඩක් හොඳ දෙයක්.පටමාලාව සම්බන්ධව අපට තියෙන ඕනෙම ප්‍රශ්නයක් ගෙන සාකච්ඡ කරන්න පුළුවන්,මේ ගෙන කියන්න වචන මදි … ips ආයතනය මෙහෙම දෙයක් කිරීම ගැන ගොඩක් සතුටු වෙනවා .

  124. පළමුකොට අප හට මෙවන් අගනා අමිල වූ සේවාවක් ලබා දුන් රොශාන් සර්ට සහ අයි.පී.එස් ආයතනයට ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

    ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයනව කියූ විගස අපිට මතක් වනුයේ ඇඩ් ක්ලික් කිරීමයි, ඒ ඉස්සර අපේ හැටිය.
    නමුත් දැන් ඇත්තටම ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයනව කියන්නෙ මොකක්ද කියල අපි හැමෝම ඉතාමත් හොදින් දනිමු.
    මෙවන් වටිනා, අපිට අපේ ජීවිතයේ කිසිදා උගත නොහැකිව තිබූ වැදගත් කරුනු මෙම පාඨමාලාව හරහා අපි උගත්තෙමු.
    ඇත්තටම මේ වන විට් එය මාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වී හමාරය.

    මෙම පාඨමාලාව හරහා අපිට පරිහරනය සදහා ලැබුනු ඔන්ලයින් ෆෝරම් එක ඉතාමත් අගය කළ යුත්තකි.
    මින් පෙර ෆෝරම් එකක් යනු කුමක් දැයි වත් දැන නොසිටි මා දැන් ඕනෑම ෆෝරම් එකක වැඩ කිරීමට දන්නේය.
    ඒ අපේ සර් අපිට දුන් ෆෝරම් එක හරහා උගත් දැනුමෙන්ය.
    සතියට එක් වරක් හමුවෙන පංතිය සේම ෆෝරම් එකත් දැනුම් සාගරයකි.

    පාඩු පිට පාඩු ලබමින් වුවත් සර් සහ අයි. පී. එස් ආයතනය අපිට ලබාදෙන දැනුමේ කිසිදු පලුද්දක් නොවීය.
    වෙනත් පාඨමාල හා ගත් කල එය ඉතා දුර්ලභ අගය කළ යුතු ක්‍රියාවකි.

    නැවත වරක්, මෙවන් ඉතාමත් වටිනා පාඨමාලවක් අපහට තිළිණ කළ ආදරණීය රොශාන් සර්ටත්, අයි. පී. එස් ආයතනයටත් ස්තුති වන්ත වෙමි.

Speak Your Mind