අන්තර්ජාල ව්‍යවසායක සම්මාන ප‍්‍රධානය 2015 – ගාල්ල

අපගේ අන්තර්ජාල අලෙවිකරණ පාඨමාලාව හැදෑරු ගාල්ල පංතියේ සිසුන් අතරින් ඉහල සාර්ථකත්වයන් පෙන්නුම් කරනු ලැ‎බු සිසුන් 4 කට තරුණ අන්තර්ජාල ව්‍යවසායක සම්මාන සහතික පත‍්‍ර ප‍්‍රධානය කිරීම 2015 ජුනි මස 26 වන දින ගාල්ල සිපාරා ආයතනයේ ප‍්‍රධාන ශාලාවේදි පවත්වන ලදි. මෙහි විශේෂ ආරාධිත අමුත්තා වූයේ දකුණු පළාත් කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය නීතිඥ යූ.ජී.ඩි.ආරියතිලක මැතිතුමා ය. සිංහල භාෂාව පිළිබඳව ප්‍රවීණ කථිකාචාර්ය නිශාන්ත වික්‍රමසේකර මහතාද මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිතයෙකු ලෙස සහභාගී විය.

IPS Student Forum තුළ විශාල කාර්ය ‏භාර්යයක් හා වඩාත් කි‍්‍රයාශ්‍රීලී දායකත්වයක් දැක් වූ ගාල්ල පංතියේ උදිත සඳරුවන් සිසුවාට ඔහුගේ දායකත්වය ඇගයීම සඳහා ටැබ් පරිගණකයක් ද ඊට අමතරව සුචින්ත දේවපි‍්‍රය සිසුවාට මයික්‍රොසොෆ්ට් ලුමියා වර්ගයේ ස්මාර්ට් දුරකථනයක් ප‍්‍රධානය කිරීමද මේ අවස්ථාවේදි සිදු විය.

මෙම උත්සවයේ විශේෂ අවස්ථා පහත දැක්වේ.