ලංකාවේ ලාබාලම අන්තර්ජාල මිලියනපතියා හා ව්‍යවසායකයා

Dilina

දිලින දක්ෂිල මොල්ලිගොඩ.

තවම උසස් පෙළ හදාරනවා. 2016 ජුනි මස 30 වෙනිදායින් අවසන් වූ මාස හයක කාලය තුල උපයා ඇති ශුද්ධ ලාභය රුපියල් විසි හතර ලක්ෂ අසු අට දහස් එකසිය අසු නවයයි.

(රු 2,488,189)

ඉගෙනුම ලබන පාසල : පානදුර සුමංගල විද්‍යාලය.

 

අන්තර්ජාල අලෙවිකරණ පාඨමාලාව පිළිබඳව ඔබගේ අවංක අදහස් සඳහන් කරන්න:
කියන්න වචන නැහැ. ඇත්තටම සුපිරි පාඨමාලාවක්. අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන බොහෝ ව්‍යාජ පාඨමාලා හා එක් දින වැඩමුළු පවතින වර්තමානයේ ඉතාමත් නිවැරදි මග පෙන්වීමක් යටතේ ගුරු මුෂ්ටියකින් තොරව සිසුන්ට දැනුම ලබා දෙන එක ම පාඨමාලාව තමයි මේක. එක මට විශ්වාසයෙන් කියන්න පුළුවන්.

 

මෙම පාඨමාලාවේ ඔබ දකින විශේෂත්වය කුමක්ද?
මේක මුදල් ඉපයීම ගැනම කියල දෙන පාඨමාලාවක් නෙමේ. වෙබ් අඩවි නිර්මාණය කරන්න, ග‍්‍රැෆික් හා ඇනිමේෂන් සකසන්න, වීඩියෝ නිර්මාණය කරන්න කරන්න, අන්තර්ජාලය තුල අලෙවිකරණ කටයුතු කිරීම, නිවැරදිව අන්තර්ජාලය තුල ක‍්‍රියාත්මක විය යුතු ආකාරය, අන්තර්ජාලයේ භාවිතා වන තාක්ෂණික ක‍්‍රම වේදයන් පිලිබදව දැනුම වගේ ගොඩාක් අංශ ආවරණය කරන පාඨමාලාවක් කිවුවොත් නිවැරදියි.
මම හිතන්නේ මේ වගේ විශාල විෂය කරුණු ගණනාවක් ආවරණය කරන වෙනත් පාඨමාලාවක් ලංකාවේ නැහැ කියලයි.

 

පාඨමාලාවට මුලින්ම සහභාගී වූ දවසේ ඔබේ දැනුමයි අද ඔබේ දැනුමයි ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඇත්තටම ඒ ගැන කියන්න වචන නැහැ. මෙම පාඨමාලාව මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් කියල කියුවොත් නිවැරදියි. මගේ විතරක් නෙමෙයි අපේ පන්තියට ආපු ගොඩාක් ළමයින්ට මේක හැරවුම් ලක්ෂයක් වුනා. මාස හතරක් වගේ කෙටි කාලයක් තුල අපි ඔක්කොමලා ගේ ජීවිත වෙනස් වුනා. අන්තර්ජාලය ගැන කිසිම දෙයක් දන්නේ නැතුව මේ පාඨමාලාව හදාරන්න ආපු ගොඩාක් ළමයි මස හතර ඉවර වෙද්දී තමන්ගේම වෙබ් අඩවියක් තනියම හදා ගන්න පුළුවන් මට්ටමට එන්නේ හරි පුදුම විදිහට.

 

මෙම පාඨමාලාව පිලිබදව ඔබ දැන ගත්තේ කොහොමද?
උසස් පෙළ පන්තියක බෙදුව පත‍්‍රිකාවකින් මගින් තමයි මම මේ පාඨමාලාව ගැන දැන ගත්තේ. ඒ පත‍්‍රිකාව දැක්ක ගමන්ම මම හිතුව මේක බොරු දෙයක් කියලා . මොකද අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන ගොඩාක් අය තුල තියෙන්නෙ වැරදි මතයක්. ඒ මතයේ තමයි මාත් හිටියේ. මමයි මගේ යහළුවන් සියලූ දෙනාමයි මේක සැලකුවේ විහිළුවක් විදිහට. නමුත් පත‍්‍රිකාව ටිකක් ලස්සනට මුද්‍රණය කරලා තිබුන නිසා නිකමට හිතුන පලවෙනි දවසේ ගිහිල්ලා බලන්න ඕනේ කියලා. පල වෙනි දවසේ මම නොදන්නා ගොඩාක් දේවල් දැන ගන්න ලැබුණා. සර් උගන්නපු විලාශයට මට මේ පාඨමාලාව ගැන ආශාවක් ඇති උනා. බැරි වෙලා හරි මම මට ලැබුන පත‍්‍රිකාව විසි කලානම් ඒ විසි කිරීම මගේ ජීවිතයේ කරපු ලොකුම මෝඩකම වෙන්න තිබ්බා.

 

පාඨමාලාව තුලදී ඔබට ලැබුණු පහසුකම් ගැන යමක් කියන්න පුලූවන්ද?
හැම දෙයක්ම ඉතාමත් හොදින් සංවිධානය කරලා තිබුනා. කිසිම දවසක පන්තිය විනාඩියක් වත් පරක්කු වෙලා පටන් ගත්තේ නැහැ. වෙලාවට වැඩ කරන හැටි ක‍්‍රියාවෙන්ම අපිට පුරුදු කළා.
පන්ති ගාස්තු අය කලේ මාස හතරකට වුනත්, ඒ ගාස්තුවෙන් හැම ළමයෙකුටම තමන්ගේ වෙබ් අඩවිය පවත්වා ගෙන යන්න අවශ්‍ය හොස්ටින් ගිණුමක් අවුරුද්දක කාලයක් සදහා ආයතනයේ වියදමින් ලබා දෙනවා. මම හිතන්නේ ඒ ගිණුම සදහා විශාල වියදමක් ආයතනය දරනවා.
අපිට ප‍්‍රශ්නයක් ඇති වුනොත් IPS Online Forum එකට ගිහිල්ල ඕනෑම වෙලාවක උදවු ගන්න හැකියාව තියෙනවා. පාඨමාලාව ඉවර උනත් තවමත් අපි Forum එක හරහා ඉගෙන ගන්නවා. හදිසි අවස්ථාවක් මතු උනොත් මහා රැ වුනත් සර්ට කෝල් කරලා උපදෙස් ගන්න පුළුවන්.
අපෙන් අය කලේ සුළු මුදලක්. එහෙත් අපිට පාඨමාලාව තුලදී හා පාඨමාලාව අවසන් කල පසුත් ලබා දෙන සේවාවන් දිහා බලන කොට මේක ලාභ ලබන්න ම කරන පාඨමාලාවක් කියලා හිතන්න අමාරුයි.
කියන්න බැරි තරම් පහසුකම් අපිට ලැබුනා. ඒ ගැන IPS ආයතනයට ස්තුති වන්ත විය යුතුයි.

 

අන්තරජාල අලෙවිකරණ පාඨමාලාව ඉදිරියේදී හැදෑරීමට බලාපොරොත්තුවන සොයුර සොයුරියන්ට ඔබ දෙන පණිවිඩය මොකක්ද?
දෙපාරක් හිතන්න එපා. ඔබේ ජීවිතය සුන්දර විදිහට වෙනස් කරන්න මෙම පාඨමාලාව නිසැකවම උපකාරී වේවි. පුලූවන්නම් පලවෙනි දවසේ ඇවිල්ලා බලන්න. ඔබ හිතනවට වඩා බොහෝ දේවල් මෙම පාඨමාලාව තුල සිදු වන බව ඔබට එදාට තේරේවි.
ඒ නිසා මම හැම දෙනාටම ආරාධනා කරනවා පන්තිය ආරම්භ කරන දවසේ එන්න කියලා. එදාට කිසිම මුදලක් අය කරන්නෙ නැති නිසා ඇවිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා.

 

ඔබගේ අනාගත සැලසුම් මොනවාද?
2017 වසරේ උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණ දෙන්න සුදානම් වෙනවා. ඒ අතර තුර අන්තර්ජාල අලෙවිකරණ කටයුතු තව දුරටත් වැඩි දියුණු කර ගන්න බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර මට්ටමේ ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කර ලොව පුරා ප‍්‍රවර්ධනය කිරීමට සැලසුමක් තියෙනවා. නිතරම මා හට මාර්ගෝපදේශනය කරන රොෂාන් සර් ගේ අවවාද උපදෙස් ඔස්සේ මේ හැම දෙයක්ම හොදින් කර ගන්න මට පුළුවන්.

Speak Your Mind